
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප ජනාධිපතිනි ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් ඔවුන්ගේ පළමු සජීවී රූපවාහිනී විවාදයට සූදානම් වෙති. කෙසේ නමුත් විවාදය පැවැත්වෙන දිනය පිළිබඳ මේ වනවිට ගැටලුවක් නිර්මාණය වී ඇත.
උප ජනාධිතිනි හැරිස්, ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකාව ලෙස නම් කළේ වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ය. ඒ, ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටි 78 හැවිරිදි බයිඩන් එයින් ඉවත් වෙද්දීය. ඇමෙරිකාවේ ජනාධිපතිවරණයක් පැවැත් වෙද්දී, ප්‍රධාන අපේක්ෂකයන් අතරේ සජීවී විවාද පැවැත්වෙයි. එය එරට දේශපාලන සම්ප්‍රදායයි.
බයිඩන් අපේක්ෂකයා ලෙස සිටිද්දී ඔහු සහ ට්‍රම්ප් අතරේ පළමු විවාදය පැවැත්විණි. එම විවාදය මෙහෙයවිම කළේ සී.එන්.එන්. මාධ්‍ය ආයතනයයි. එම විවාදයේ දී බයිඩන්ට නිසි ලෙස අදහස් පළ කිරීමට නොහැකි විය. විවාදයේ දී වැඩි වාසි අත්වූයේ ට්‍රම්ප්ටය. බයිඩන් පසුබෑමට ලක් වූයේ ඔහුගේ වයස නිසාය. ඔහුට අපේක්ෂකත්වයෙන් ඉවත් වී සුදුස්සකුට එය පිරිනමන මෙන් ඩිමොක්‍රටික් පක්ෂය තුළින් විරෝධයක් නැගුණේ ඒ නිසාය.
දෙවැනි විවාදය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 10 වැනිදාය. එම විවාදය මෙහෙයවීමට සූදානමින් සිටින්නේ ඇමෙරිකාවේ ඒ.බී.සී. නිවුස් නාළිකාවය. මෙම විවාදයට තමන් ඉදිරිපත් වන බව කමලා හැරිස් පවසා ඇති නමුත්, ට්‍රම්ප් විවාදය පැවැත්වෙන දිනය වෙනස් කිරීමට උත්සාහ ගන්නා බව පැවැසෙයි. කෙසේ නමුත් කමලා හැරිස් ඊට විරෝධය පළ කර තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1584
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1375
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
490
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ට්‍රම්ප්-හැරිස් විවාදය: දිනය ගැටලුවක්