IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ප්‍රංශ ජනපතිගේ ‘ආදරණීය හාදුව’

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සම්බන්ධයෙන් ප්‍රංශ සමාජ මාධ්‍ය ඔස්සේ කසුකුසුවක් නිර්මාණය වී ඇත. ඒ, ජනාධිපති මැක්රොන් සහ ප්‍රංශ ක්‍රීඩා ඇමැතිනී ඕඩියා කැස්ටෙරා අතරේ සිදුවුණු ‘ආදරණීය’ හාදුවක් නිසාය.

ජනපති මැක්රොන් සහ ක්‍රීඩා අමාත්‍යවරිය අතරේ මෙම ‘ආදරණීය’ හාදු හුවමාරුව සිදුවූයේ පසුගිය දා පැරිස් ඔලිම්පික් උළෙල සමාරම්භක උත්සවය අතරතුරේය.

‘ආදරණීය’ එම හාදු හුවමාරුව සිදුවෙද්දී, ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ගෙබ්‍රියෙල් අතාල් ද එතැන සිටින අතර ඔහු වහා ඉවත බලා ගත්තේය.

කෙසේ නමුත් හාදු හුවමාරුව කැමරා කාචවල සටහන් වී පසුව ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන්න විය. මෙම සිද්ධිය මුල්කොට ගනිමින් බොහෝ දෙනා ජනාධිපති මැක්රොන් විවේචනය කර තිබේ. 

‘ඔය විදියට හාදු දෙන්නේ ආදරවන්තයන්’ යැයි ද ඇතැමුන් පෙන්වා දී ඇත. ක්‍රීඩා ඇමැතිනී ඕඩියා කැස්ටෙරා ජනාධිපතිගේ දෙතොල් පමණක් නොව, බෙල්ල ද සිපගත් බව පැවැසෙයි. 

මැක්රොන් සහ ඕඩියා කැස්ටෙරා දෙදෙනාම 46 හැවිරිදි වියෙහි පසුවෙති. මැක්රොන් විවාහ වී සිටින්නේ, ඔහුගේ ගුරුතුමිය සමඟය. බ්‍රිජෙත් ත්‍රොග්නෝව් නමැති ඇයගේ වයස අවුරුදු 71 කි.

(එන්.ඩී.ටීවී) 



අදහස් (0)

ප්‍රංශ ජනපතිගේ ‘ආදරණීය හාදුව’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site