මළවුන් සැමරුම් සටහන 1964දී කාබුල් නගරයේ ඉපදී ඇති ශකිලා මධ්‍යම පාසල් සමයේ හා විශ්වවිද්‍යාල සමයේ සිට කෙටිකතා, කවි ලිවීම අභ්‍යාස කර ඇත්තීය. ඇගේ මව්බස වන Dari බසින් ලියන අන් කිවිඳියන්ගේ අවධානයට ලක් නොවන, කාන්තා අභිලාෂ බඳු තේමාවන් ගැන ශකිලා ලියන කවි, අවංකබව ,සමීපතාව නිසා අසාමාන්‍ය ගුණයෙන් යුතු බව විචාරකයන්ගේ මතයයි. 10 September 2024
තණ්හාවෙි සැඩපහර දවසක් මම ගෙයක් දුටිමි එය ගින්නට හසුව තිබිණි රත්පැහැගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි 03 September 2024
ඔබ එතරම් ලස්සනට දුටුවේ මොනවාද? අරඹා නොතිබිණි පිය නැඟුම, මා දෙපා මුව කතා කෙරුම සිනහවීමේදී කොහෙත්ම අගයක් නොවිණි. එසේ තිබියදී පවා.... 27 August 2024
සිරුර හා ආත්මය බැහැර කළ හැකි සියල්ල බැහැර කළ පසු මගේ ශුද්ධ බර කිලෝ හැත්තෑවයි ඒ හුදෙක් මා සිරුරයි 20 August 2024
ආදර සුසංයෝගය බංග්ලාදේශ කිවි, මාහ්තාබ් බංගලී ( Mahtab Bangalee ) ලියූ Love Merges as One කවියේ පරිවර්තනය 13 August 2024
අප්‍රිකා මාතා මනුවගේ තොටිල්ල ආත්මයේ ’’ බයෝබැබය ’’* ඔබේ තණබිම්වල හා ශුද්ධ වනාන්තරවල මරණයේ නර්තන 06 August 2024
ඒ ප්‍රථම තැනුම්කරුට ආදරය කරමි ආදරය කරමි, ඒ ප්‍රථම තැනුම්කරුට තාප්පයේ හිදැසක් තබා ගියාට කුඩා, රවුම් හෝ හතරැස් විවරයක් වාතනයට නැතොත් බලන්නට ලොව දෙස ඇතුළත හිඳ. 23 July 2024
ඉතා මඳ කාලයකි ඉතා මඳ කාලයකි ඇත්තේ ඔබට ලියන්නට හැකිළ ඇත අනන්තය මා බිරිය මා රැගෙන යයි දුරක 16 July 2024
වැස්සට වගෙ සවන් දෙන්න මට සවන් දෙන්න මට, සවන් දෙන ලෙස කෙනකු වැස්සට අවධානය ඇත්තේත් නැතිව, නැත්තේත් නැතිව සැහැල්ලු පා තැබුම්, සිහින් සිරිපොද වතුර නම් වාතයයි, වාතය නම් කාලයයි දහවල, තවමත් නික්ම යමිනි රැය, එළඹෙන්නට කල් බලමිනි. 09 July 2024
ඔවුන් කිවිඳිය ,නිරිතදිග චීනයේ Sichuan පළාතේ Nanchong නගරයේ 1980දි උපන්නියකි. මුලින් හෙද වෘත්තීයට පිවිස , එහෙත් එහි සේවා කොන්දෙසිවලට නොකැමැතිව 2001දි ඉන් ඉවත්ව ඇත. පසුව දකුණු චීනයේ ප්රමුඛ කාර්මික නගරයක් වන Dongguan වෙත සංක්‍රමණය වී , කර්මාන්තශාලා රැකියාවකට අවතීර්ණ වී ඇති ඇය ඒ හා සමඟම වාගේ කවි ලිවීම අරඹා ඇත. ඒ වෘත්තීය හා බැඳි යකඩත් , යකඩ සමඟ හැප්පෙන මිනිසුන්ගේ ජීවිතත් ඇගේ කවිවලට බහුලව මූලය සපයයි. 02 July 2024
ඔබේ ව්ද්‍යුත් තැපැල් ලිපිය * ඉෂ්ටා( Ishtar)- බැබිලෝනියානු මිථ්‍යා සාහිත්‍යයේ එන පරිදි, යුද්ධයට හා ලිංගිකමය ආදරයට අධිපති දේවතාවියයි, වත්මන Warka ලෙස හැඳින්වෙන පෞරාණික Uruk නගරයේ මැවුම්කාරියයි. 25 June 2024
ගීතය ඇන්ටෝනියෝ කවියා 1964දී කියුබාවේ මැටන්සාස් හි ඉපිද, පළමුව ද්‍රවවිද්‍යා ඉංජිනේරුවකු ලෙස සේවය කළද, පසුව එය අතැර කලාවට නැඹුරුව, කතුවරයකු, ලිපිරචකයකු, තිරපිටපත් රචකයකු ලෙසට කටයුතු කොට අවසන සාහිත්‍ය පිළිබඳ මහාචාර්යවරයකු බවට පත්ව ඇත්තේය. 18 June 2024
මනස් සිහිනයක් පවසමි යමක් ඔබට මම මියැදෙත් මිනිස්සු දිනපතා එය ඇරඹුමම පමණක් ය. අලුත් වැන්දඹුවෝ හෙවත් අලුත් අනාථයෝ උපදිත් අවමඟුල් ගෙවල දිනපතා. 11 June 2024
ප්‍රතිබිම්බය Ya Mo යනු කවියාගේ ආරූඪ නාමයයි. 1942 ඉපැදුණු ඔහුගේ සැබෑ නම Wu Lixiang වේ. Huang Xiang සමඟ එක් වූ Ya Mo ’60 - ’70 දශකවල Guishou පළාතේ රහසිගත කවියන් අතර ප්රමුඛයෙකි. ඔවුහු එකල Enlightenment නමින් රහස් සඟරාවක් පළ කළහ. 1966- 1976 චීන සංස්කෘතික විප්ලව සමයේ හා ඊට පෙර සිටමත් Ya Mo ට අධ්‍යාපනය ඇතුළු සියල්ල අහිමිව ගොස් ඇත. 04 June 2024
මිනිස් වෙළෙඳාම පෝන්පෙන් හන්ත්රකූල් කිවිඳිය , ප්‍රථම උපාධියක්, පශ්චාත් උපාධියක් හා ඉතිහාසය විෂයයෙන් ඩිප්ලෝමාවක්ද දරන මහාචාර්යවරියකි. තායිලන්තයේ විශ්වවිද්‍යාල රැසක මෙන්ම ජපානයේ Tenri විශ්වවිද්‍යාලයේද විවිධ තනතුරු ඔස්සේ ඉතා ව්‍යාප්ත ශාස්ත්‍රිය සේවාවක් සපුරා ඇති විද්වතියකි. 28 May 2024
ශිශිරය එළැඹ ඇත එළඹ ඇත ශිශිරය නියතවම අතුරුදන්ය සුදුමල් සදාහරිත පඳුරේ. ගින්කෝ* තුරුපෙළ හැරී ඇත ඉදල් බවට 21 May 2024
ගැහැනු වැඩ මායා ඇන්ජලෝ යනු ලේඛිකාව භාවිත කළ අපරනාමයයි. කළු ඇමෙරිකානු දැරියක ලෙස 1928 අප්‍රේල් 04වැනි දින මිසුරි ප්‍රාන්තයේ ශාන්ත ලුයිස් පෙදෙසේ උපන් ඇයගේ , නාමය මාගරට් ඇනී ජොන්සන් විය. 14 May 2024
වෙරළේදී 1971දී ඊජිප්තුවේ ඉපිද ඇති කිවිඳියගේ , පළමු නමේ අරුත ’ ලොව’ හෝ ’විශ්වය ’ යැයි කියවේ. කයිරෝ විශ්වවිද්‍යාලයෙන් දර්ශනය හදාරා උපාධියක් ලබා ඇත. නවකතා හා දර්ශනය පිළිබඳ කෘති කියවීමට වැඩි රුචියක් දක්වන ඈ , තමන්ගේ කවිය අනෙක් කලාවන්ගේ ප්‍රතිපලයක් සේ දක්වයි. 07 May 2024
මගේ නිවහන රඝුවීර් සහේ හින්දි බසින් ලියූ කවියෙකි, ජනමාධ්‍යවේදියෙකි, පරිවර්තකයෙකි, ප්‍රබන්ධ හා ලිපි රචකයෙකි. ’’කල්පනා’’ හා ’’ දින්මන්’ යන ප්රකාශනවල සංස්කාරකවරයා විය. 30 April 2024
වීදිය ඔක්ටාවියෝ පාස් ලොසානෝ මෙක්සිකානු ජාතික කවියෙකි. 1977දී ජෙරුසලම් ත්‍යාගය , 1981දී මිගෙල් ඩි සර්වන්තෙස් ත්‍යාගය , 1982දී සාහිත්‍ය සඳහා වන නියුස්ටැට් අන්තර් ජාතික ත්‍යාගය දිනා සිටි කවියා , ලේඛකයකු මෙන්ම තානාපතිවරයෙක්ද විය. 23 April 2024
උයන්පල්ලා ඇති පමණ ජීවත් වී ඇත්ද මා ? ඇති පමණ ආදරය කර ඇත්ද මා ? ඇති පමණ සිතා බලා ඇත්ද යුක්තිය ගැන විඳ ඇත්ද මා සතුට, යුතුව පමණැති කෘතගුණය දරා අැත්ද මා තනිකම, නිහතමානීව . 16 April 2024
චිත්‍රය 1943 නිව්යෝර්ක් නගරයේ උපත ලබන ලුයිස් ග්ලක් කිවිඳිය , කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් උපාධිය හිමි කරගෙන ඇත. කාව්‍ය කෘති 12ක් පළ කර ඇති ඇය Pulitzer , PEN , Bolingen සහ තවත් සම්මාන රැසක් අත් කරගෙන සිට, 2020 වසරේදී ,ලොව උතුම්ම ගෞරවය වන නොබෙල් ත්‍යාගය සාහිත්‍ය වෙනුවෙන් දිනාගත්තාය 05 April 2024
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026