IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ඔවුන්

විදෙස් කවිය - 13

 

මට මතකයි යකඩ,
කාලයත් සමඟ මල කෑ යකඩ
අඳුරු රතු නැතොත් තද දුඹුරු පැහයෙන්
උදුන් ගින්නක කඳුළු
මට මතකයි වික්ෂිප්ත , විඩාපත් ඇස්
කම්හල්වලට ඉහළින්.
ඔවුන්ගේ බැල්මන් කුඩා විය,නොවැදගත්  විය
ක්‍රමික උදුන් ගිනිදළු සේ කුඩා විය
ඔවුන්ගේ අවපාතය, ආපදාව  හා
අපේක්ෂා  බිඳිත්තක්
ආලෝකවත් වේ උදුන් ගිනිදළුවලින්
දිග හැරේ ධවල සැලසුම්පත්වල හෝ
සාම්ප්‍රදායික  සිතුවමක රතුවන් රේඛා දෙකක් අතර හෝ
අල්ප මාසික වේතනයෙන් හා
ක්‍රමිකව වියැකෙන හදවතින්

 

මට මතකයි ඔවුන්ගේ මුහුණු
ආවේගී ඇස් හා සියුම් සැලුම්
ඔවුන්ගේ ගොරහැඩි ඇඟිලි, රළු සරල ජීවිත 
නිහඬව  කියමි මම: ඔවුන් මාය, මා ඔවුන්‍ ය
අපේ ශෝකය , වේදනාව, හා අපේක්ෂාව
නිහඬතාවේ ගැල්වී ඉවසාගැනේ
අපේ පාපෝච්චාරණයන්, හදවත් හා ආදරයන්
සියල්ල කඳුළේය
සියල්ල  නිහඬය, තනිවය
යකඩ  සේ නැතහොත් වේදනාව සේ

 

මම කියමි මහා පිරිස් මැද
අප සැවොම සමානය
අපි සැම ආදරය කරන්නෙමු, වෛර කරන්නෙමු
අපි සැම හුස්ම ගන්නෙමු
අපි සැම උතුම් ජීවයන් ඇත්තෙමු
අපි සැම දරදඬු තනිකමත්, දයාවත් ඇත්තන් වෙමු.

 

චීනයේ  Zheng Xiaoqiong  කිවිඳිය  ලියූ They  පද්‍යයේ පරිවර්තනය 

කිවිඳිය  ,නිරිතදිග  චීනයේ  Sichuan පළාතේ  Nanchong නගරයේ  1980දි උපන්නියකි. මුලින් හෙද වෘත්තීයට පිවිස , එහෙත් එහි සේවා කොන්දෙසිවලට නොකැමැතිව 2001දි ඉන් ඉවත්ව ඇත. පසුව දකුණු චීනයේ  ප්‍රමුඛ කාර්මික නගරයක් වන Dongguan වෙත සංක්‍රමණය  වී , කර්මාන්තශාලා රැකියාවකට අවතීර්ණ වී ඇති ඇය ඒ හා සමඟම වාගේ කවි ලිවීම අරඹා ඇත. ඒ වෘත්තීය  හා බැඳි යකඩත් , යකඩ සමඟ හැප්පෙන මිනිසුන්ගේ ජීවිතත්  ඇගේ කවිවලට බහුලව මූලය සපයයි.

2007 වන විට ඇය කාව්‍ය එකතුන් දුසිමක් පමණ පළ කර සම්මාන පවා දිනා ඇත. එමෙන්ම විචාරක ඇගයුම්ද බොහෝ සෙයින් ලබන ඇය , ඔවුන් වෙතින්   "කම්කරු කවියන්" ගේ මොඩලයක්  ලෙස අන්වර්ථ  ගැන්වී ඇත්තීය.



අදහස් (0)

ඔවුන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1915 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1526 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site