
දීප්තිමත්ම ආලෝකයට පසුව
ගිලෙමින් සිටිමි මම අඳුරේ
ලන්තෑරුමක් ඇතිව අබතුරේ
සඳින් තොර අහස
අඳුරේ ගනකම රඳවාගනියි මා
යම් තුටු හැඟුම් පෙළක් සමඟ
පියාසර කරයි තුරඟ මේකුළු
නැගෙනහිරින් බටහිරට, උතුරින් දකුණට
හදවත් හි දවටමින් ආදරය
ආත්මය එක් වෙයි ආත්මයට
නිසග ආකර්ෂණයෙන්ම
විවර කරමින් ළය ඇතොවුර
අමතක කරමින් සියල්ල
ආත්මය තබමි සමීපව
එක් කරමි සිරුරු එකක් ලෙස
ආත්මවලට බැහැරින්
පිළිපදිමි ලෞකික එකමුතුව
බංග්ලාදේශ කිවි, මාහ්තාබ් බංගලී ( Mahtab Bangalee ) ලියූ Love Merges as One කවියේ පරිවර්තනය
මාහ්තාබ් බංගලී 1988 මාර්තු 1වැනි දින චිතගොන්හි උපත ලබා ඇත. පශ්චාත් උපාධිධරයෙකි. වෘත්තීය ලේඛකයකු හෝ කවියෙකු හෝ නොවුණද, අන්තර්ජාලයේ කවි වෙබ් අඩවි ඇතුළු විවිධ මාධ්‍යයන්ට බහුලව කවි ලියන්නෙකි. රබීන්ද්‍රනාත් ඨකුර්ට ද ලැදි ඔහුගේ, ප්‍රියතම කවියා වෝල්ට් විට්මන් යැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd