
( නිමිත්ත- එක්වස් වියැති දැරියක දූෂණය කර මරා දැමීම )
අරඹා නොතිබිණි පිය නැඟුම, මා දෙපා
මුව කතා කෙරුම
සිනහවීමේදී කොහෙත්ම අගයක් නොවිණි.
එසේ තිබියදී පවා....
පැහැදිලි නොවිණි මා දෙනෙතට,ඒවා දුටු දේ
සියුමැලි වැඩි විය මා දෑත්, තවම සටනට
එසේ තිබියදී පවා.....
බඩගාන්නෙකු වීමි මම,
තවමත් බිම මත
ප්‍රාණියෙකු වීමි මම
අල්ලාගත් වදන් පමණක් කියනු තතනන
ඉතින්, ඔබ දිනුවේ කෙසේද, මා සැපීමෙන්?
මගේ පැරදුම , ඔබේ ජය වූයේ කෙසේද?
මගේ දැරිය, ඔබේ පිරිමියා?
ඔබ එඩිතර කළේ, මගේ බිලිඳුකමද?
මට කියන්න, ඔබ පෙලඹවුණේ කුමකින්ද?
අවසන, මගේ කුඩා යහනට එන්නට
ඔබ එතරම් ලස්සනට දුටුවේ මොනවාද?
මගේ උකුළ, මගේ ළැම,
දිගුකෙස් හෝ මා දෙපාද?
මගේ සුළුදියෙහි හෝ දහදියෙහි සුවඳද?
මා පොළොවට කරකාර බැන්ද වූ ඔබට
ඝාතකයා , දූෂකයා යැයි කිය හැකිය මට
එහෙත් කියන්න කරුණාවෙන්
මගේ ජීවිතය නාමෙන්
ඔබ එතරම් ලස්සනට දුටුවේ මොනවාද?
ඉතියෝපියා කිවිඳිය Misrak Terefe ලියූ What did you find so beautiful ? පද්‍යයේ පරිවර්තනය
Misrak Terefe අඩිස් අබාබාහි ජීවත් වන ප්‍රකට, තරුණ කිවිඳියක හා රංගන ශිල්පිනියක් වෙයි. ඇය Tobiya Poetic Jazz කණ්ඩායමේ ප්‍රාරම්භක සාමාජිකාවක වන අතර, එම කණ්ඩායම හෝටල්වල ඉදිරිපත් කරන ප්‍රසංග ජනප්‍රියය. භාවාත්මක කැලඹීම්. අවපාතයන්, ලිංගික සැහැසිකම් ආදි විෂයයන් ගැන බියෙන් තොරව හා විශිෂ්ට ලෙස ලියන ඈ , Salt Market නමින් පද්‍ය සංග්‍රහයක් පළ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd