
බැහැර කළ හැකි සියල්ල බැහැර කළ පසු
මගේ ශුද්ධ බර කිලෝ හැත්තෑවයි
ඒ හුදෙක් මා සිරුරයි
ගැනෙන්නේවත් නැත ආත්මය එයට
ආත්මයට නම් එහෙව් බරක් නැත
ඇත්තේ පිහාටුවක බරකි
එකතු කළ යුතු නිසා ඔබ, අඳුර
එකතු කළ යුතු නිසා ඔබ, නටබුන්.
චීන ජාතික කිවි Yao Feng ගේ Taking off cverything that can taken off කවියේ පරිවර්තනය .
බීජිංහි උපත ලබා Macauහි දිගු ඔ වාසය කළ කවියා, වත්මනෙහි Macau විශ්වවිද්‍යාලයේ පෘතුගීසි සාහිත්‍ය පිළිබඳ මහාචාර්යවරයකු වෙයි. ඔහුගේ කාව්‍ය නිර්මාණ චින හා පෘතුගීසි සාහිත්‍ය සඟරාවල , ඒ දෙබසින්ම පළ වී ඇත. Chinese and Western Poetry සඟරාවේ නිර්මාතෘ සංස්කාරක මෙන්ම පරිවර්තකයකු වන ෆෙන්ග්, 2005 දී කීර්තිමත් Rougang Poetry Prize ත්‍යාගය දිනා ඇත්තේය.
පරිවර්තනය - දේ . වි . ගාල්ලගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd