
බැහැර කළ හැකි සියල්ල බැහැර කළ පසු
මගේ ශුද්ධ බර කිලෝ හැත්තෑවයි
ඒ හුදෙක් මා සිරුරයි
ගැනෙන්නේවත් නැත ආත්මය එයට
ආත්මයට නම් එහෙව් බරක් නැත
ඇත්තේ පිහාටුවක බරකි
එකතු කළ යුතු නිසා ඔබ, අඳුර
එකතු කළ යුතු නිසා ඔබ, නටබුන්.
චීන ජාතික කිවි Yao Feng ගේ Taking off cverything that can taken off කවියේ පරිවර්තනය .
බීජිංහි උපත ලබා Macauහි දිගු ඔ වාසය කළ කවියා, වත්මනෙහි Macau විශ්වවිද්‍යාලයේ පෘතුගීසි සාහිත්‍ය පිළිබඳ මහාචාර්යවරයකු වෙයි. ඔහුගේ කාව්‍ය නිර්මාණ චින හා පෘතුගීසි සාහිත්‍ය සඟරාවල , ඒ දෙබසින්ම පළ වී ඇත. Chinese and Western Poetry සඟරාවේ නිර්මාතෘ සංස්කාරක මෙන්ම පරිවර්තකයකු වන ෆෙන්ග්, 2005 දී කීර්තිමත් Rougang Poetry Prize ත්‍යාගය දිනා ඇත්තේය.
පරිවර්තනය - දේ . වි . ගාල්ලගේ
2025 ඔක්තෝබර් මස 08
1915
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1526
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිරුර හා ආත්මය