IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


අප්‍රිකා මාතා

විදෙස් කවිය 17

      

මනුවගේ තොටිල්ල
ආත්මයේ " බයෝබැබය "*
ඔබේ තණබිම්වල හා
ශුද්ධ වනාන්තරවල 
මරණයේ නර්තන 

ඔබට ඇසෙයි
මාතාවගේ වලප, එහි දෝංකාරය 
දියමන්ති බෙදාහැර
යුදටැංකි ලබන මාතාව

දශක කල් පුරා
වෘද්ධයන් මුණගැසුණු 
ඕ! මියැදෙන භූමිය
පරම්පරාගත නිදන්
තබාගෙන  සිටිනා වෘද්ධයන්

ත්‍යාගශීලි අප්‍රිකානු මාතාවට
අරුණලු උදා වන්නේ කවර කල?

*බයෝබැබ් (biobab) -  දිගුකල් පවතින අප්‍රිකානු ගසක්.

එරිත්‍රියානු කිවිඳි රිබ්කා සිබාටු ( Ribka Sibhatu )  ලියූ Mother Africa පද්‍යයේ  පරිවර්තනය .

ටිග්‍රිනියා හා ඉතාලි යන භාෂාවලින්  ලියන රිබ්කා සිබාටු , එරිත්‍රියානු ලේඛිකාවක  හා කිවිඳියක වෙයි. එරිත්‍රියාවේ Asmara නගරයේදී 1962 සැප්: 18වැනි දින ඉපදුණු රිබ්කා , ඉතියෝපියානු නිලධාරියෙකු සමඟ විවාහවීම ප්‍රතික්ෂේප කිරීම නිසා 1979දී වසරක සිරදඬුවමක් විඳ ඇත . 1980දී රටින් පලා යන රිබ්කා පළමුව ඉතියෝපියාවටත් , එතැනින් ප්‍රංශයටත් යන්නීය. 1985දී ප්‍රංශ ජාතිකයකු හා විවාහ වන නමුත් , ඒ විවාහය බිඳ වැටීමෙන් ඇය ඉතාලියට ගොස් රෝමයේ පදිංචි වූවාය. එහිදී ආචාර්ය  උපාධියක්  ලබාගන්නා රිබ්කා , රෝම නගර කවුන්සිලයේ හා ඉතාලි  අධ්‍යාපන අමාත්‍යාංශයේ  සේවය කර ඇත. භාෂා 5ක් කතා කිරීමේ හැකියාව ඇති මේ කිවිඳිය වර්තමානයේ පුහුණුකාරිනියක , උපදේශිකාවක හා භාෂා පරිවර්තිකාවක ලෙස සේවය  කරන්නිය. කෘති කීපයක්  මුද්‍රණයෙන්  පළ කොට ඇත . 



අදහස් (0)

අප්‍රිකා මාතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1915 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1526 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site