

දිටිමි වෙරළේ
රෝදපුටුවක හිඳි ළඳක්
බලමින් සිටිනු සයුර දෙස
මට එතැනම සිට ගැනුණි.
වැල්ලේ රැඳවුණු රෝදපුටුවේ දසුන
පෑය අමුත්තක්
ඒ විවර අවකාශයේ
නිදහස පතමින්
මැලි වීමි සිටගනුව ඇය ඉදිරිපිට
සිහි කරමින් ඇයට ඇයගේ දුබලතාව.
නොසිතීමි ගිල්වා මා දෙපා වතුරේ
දෙවන්නට ඒවාට සාපය ඇගේ
පිහිටුවා මා දෙපා වැල්ලේ
නැරඹුම් පමණකින් තුටු වීමි
මා නොපෙනෙන තැනක සිට
කීප මොහොතක් ගෙවුණු තැන
නැඟී සිටියා ඒ ළඳ
තැබුවා පියවර කීපයක්
රෝදපුටුවෙන් ඔබ්බට.
තිරව සිටගෙන සිය දෙපා මත
වැනසුවාය කවිය.
ඊජිප්තුවේ Gihan Omar කිවිඳියගේ On the Beach පද්‍යයේ පරිවර්තනය
1971දී ඊජිප්තුවේ ඉපිද ඇති කිවිඳියගේ , පළමු නමේ අරුත ' ලොව' හෝ 'විශ්වය ' යැයි කියවේ. කයිරෝ විශ්වවිද්‍යාලයෙන් දර්ශනය හදාරා උපාධියක් ලබා ඇත. නවකතා හා දර්ශනය පිළිබඳ කෘති කියවීමට වැඩි රුචියක් දක්වන ඈ , තමන්ගේ කවිය අනෙක් කලාවන්ගේ ප්‍රතිපලයක් සේ දක්වයි. තමන්ට නිශ්චිත යුගයක හෝ ප්‍රවණතාවක හෝ කවිවලට බැඳීමක් ඇතැයි නොසිතන කිවිඳිය , තමන් සියලු ශතවර්ෂවල කවිවලට අයත් යැයි කියන්නිය.
Light Feet ( 2005), Before we hate Paulo Coelho ( 2007 ) සහ Walking behind the mirror ( 2013 ) යන පද්‍ය එකතුන් පළ කර ඇත.
2025 ඔක්තෝබර් මස 08
1915
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1526
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වෙරළේදී