IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඒ ප්‍රථම තැනුම්කරුට ආදරය කරමි

විදෙස් කවිය - 16

 

ආදරය කරමි, ඒ ප්‍රථම තැනුම්කරුට
තාප්පයේ හිදැසක් තබා ගියාට
කුඩා, රවුම් හෝ හතරැස් විවරයක්
වාතනයට නැතොත්  බලන්නට ලොව දෙස
ඇතුළත හිඳ.

ඔබ පවුරුවලින් රැකවරණිත විට
ඔබට හැකිය ඇස් නිදැල්ලේ හරින්නට
සහනය  සලසාගන්නා සේ සුනඛයකු තමන්ටම
සිතීමි මම, තැබීම ගැන කවුළුවක්
මා සිරුරෙහිද.- 
එවිට මට හැකි වේවි
හරවා මා ගෙල, බලන්නට ඇතුළු දෙස
හෙළා බැල්මක් මගේම හදවතට
විමසන්නට මගෙන්ම
මා ආදරය කරන මේ මනුස්සයා
හඬන්නේ ඇයිද එතරම්ම
මගේ ආත්මය පොඟවන තරමට

ඊජිප්තු කිවිඳිය Gihan Omar ගේ I love that first builder  පද්‍යයේ  පරිවර්තනය 

1971 ඊජිප්තුවේ ඉපිද ඇති කිවිඳිය , කයිරෝ විශ්වවිද්‍යාලයෙන් දර්ශනය හදාරා උපාධියක් ලබා ඇත.නවකතා හා දර්ශන පිළිබඳ  කෘති කියවීමට වැඩි රුචියක් දක්වන  ඈ තමන්ගේ කවිය අනෙක් කලාවන්ගේ ප්‍රතිඵලයක් සේ දක්වයි.තමන්ට නිශ්චිත යුගයක හෝ ප්‍රවණතාවක කවිවලට බැඳීමක් ඇතැයි නොසිතන කිවිඳිය , තමන් සියලු ශතවර්ෂවල කවිවලට අයත් යැයි ප්‍රකාශ කරන්නීය.

ඇය  Light Feet ( 2005 ), Before we hate  Paulo Coelho ( 2007 ) සහ  Walking behind the mirror ( 2013 ) යන පද්‍ය එකතුන් පළ කර ඇත.



අදහස් (0)

ඒ ප්‍රථම තැනුම්කරුට ආදරය කරමි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site