
ආදරය කරමි, ඒ ප්‍රථම තැනුම්කරුට
තාප්පයේ හිදැසක් තබා ගියාට
කුඩා, රවුම් හෝ හතරැස් විවරයක්
වාතනයට නැතොත් බලන්නට ලොව දෙස
ඇතුළත හිඳ.
ඔබ පවුරුවලින් රැකවරණිත විට
ඔබට හැකිය ඇස් නිදැල්ලේ හරින්නට
සහනය සලසාගන්නා සේ සුනඛයකු තමන්ටම
සිතීමි මම, තැබීම ගැන කවුළුවක්
මා සිරුරෙහිද.-
එවිට මට හැකි වේවි
හරවා මා ගෙල, බලන්නට ඇතුළු දෙස
හෙළා බැල්මක් මගේම හදවතට
විමසන්නට මගෙන්ම
මා ආදරය කරන මේ මනුස්සයා
හඬන්නේ ඇයිද එතරම්ම
මගේ ආත්මය පොඟවන තරමට
ඊජිප්තු කිවිඳිය Gihan Omar ගේ I love that first builder පද්‍යයේ පරිවර්තනය
1971 ඊජිප්තුවේ ඉපිද ඇති කිවිඳිය , කයිරෝ විශ්වවිද්‍යාලයෙන් දර්ශනය හදාරා උපාධියක් ලබා ඇත.නවකතා හා දර්ශන පිළිබඳ කෘති කියවීමට වැඩි රුචියක් දක්වන ඈ තමන්ගේ කවිය අනෙක් කලාවන්ගේ ප්‍රතිඵලයක් සේ දක්වයි.තමන්ට නිශ්චිත යුගයක හෝ ප්‍රවණතාවක කවිවලට බැඳීමක් ඇතැයි නොසිතන කිවිඳිය , තමන් සියලු ශතවර්ෂවල කවිවලට අයත් යැයි ප්‍රකාශ කරන්නීය.
ඇය Light Feet ( 2005 ), Before we hate Paulo Coelho ( 2007 ) සහ Walking behind the mirror ( 2013 ) යන පද්‍ය එකතුන් පළ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd