

ඇති පමණ ජීවත් වී ඇත්ද මා ?
ඇති පමණ ආදරය කර ඇත්ද මා ?
ඇති පමණ සිතා බලා ඇත්ද යුක්තිය ගැන
විඳ ඇත්ද මා සතුට, යුතුව පමණැති කෘතගුණය
දරා ඇත්ද මා තනිකම, නිහතමානීව .
මම මෙය කියමි, නැතොත් සිතමින් සිටිමි
සැබැවින්ම ඇතැම් විට පමණට වැඩියෙන් සිතමි
ඉක්බිති ගෙඋයනට පිය නගමි
සරල මිනිසකු යැයි කියැවෙන උයන්පල්ලා
සාත්තු කරමින් සිටී ඔහුගෙ දරුවන්ට, රෝස පඳුරුවලට.
( මේරි ඔලිවර් ලියූ The Gardener පද්‍යයේ පරිවර්තනය )
1935 සැප්තම්බර් 10වැනි දින ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ කුඩා නගරයක ඉපිද, 2019 ජන: 17 දින ෆ්ලොරිඩාවේදී මිය ගිය කිවිඳියකි. 1963දී සිය මංගල පද්‍ය සංග්‍රහය පළ කරද්දී ඇය 28වැනි වියෙහි වූවාය. ඇගේ සිවුවැනි කෘතිය වූ American Primitive 1984 පුලිට්සර් ත්‍යාගයෙන් පිදුම් ලැබීය. මෙම නිර්මාණය A Thousand Mornings ( 2013 ) කාව්‍ය එකතුවෙනි. මේරි ඔලිවර් , විශ්වවිද්‍යාල කීපයක ඉගැන්වීම හා වැඩමුළු මෙහෙයවීම කළ, ඒ වෙනුවෙන්ද බහුමානයට පාත්‍ර වූ විද්වතියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd