පහත් කරමි මා හිස
ගොරෝසු රිදී කෙහෙ රැලි
සැලෙයි හිර බැස්මේ
දකිමි එකට එක්වෙනු
තණබිමත්, සයුරත්
එකම දෙසකට හැරී තරු කඩි මුඩියේ
යළි යයි උපන් තැන්වලටම
සිය සැරිසැරුම් තුළ
නැවියෝ නොතබති පියසටහන්
ඇරඹුම් ලක්ෂ්‍යයක් හා ගමනාන්තයක් පමණි
වළ දැමී තිබේ සියලු වර්ෂයන්
නොවේ සොහොන්බිම්, නොවේ සොහොන්ගල්
ඒවා කොහි ගියෙද යනු
දන්නේ ඔබම පමණි
පිරමිඩ හා මහාප්‍රාකාරය
දැවැන්ත ප්‍රපංචයන්ය
එසේ නොවෙමි මම
ඒවා අඳියි අහසේ සමමිතික රේඛා
මම අක්‍රමවත් වෙමි.
මගේ නිරන්තර දිගෑදිල්ලට වෙනස්ව
ඉතා කුඩාය මා සෙවණැල්ල
වියැකෙමිනි පැහැය පවා
අවකාශයේ බලෙන් පදිංචි වන
මා සෙවණැල්ල
හිස්බවක් විහිදුවයි
ඇසේ මට නැවුම් ඇමතුමක්
දනිමි මම
මා අයත් වන්නේ තරුණ වියකට වග
මුළු පපුවක් පුරා වැතිර ඇති
මගේ ගොරෝසු රිදී කෙහෙ සමඟ
හැඟේ එය අලුත් ඇරඹුමක් ලෙස
කිසිදු හේතුවක් නැතිව මේ මුඩුබිම මත
මම හඬන්නට පටන්ගනිමි
චීනයේ Ya Mo කවියා ලියූ Image පද්‍යයේ පරිවර්තනය
Ya Mo යනු කවියාගේ ආරූඪ නාමයයි. 1942 ඉපැදුණු ඔහුගේ සැබෑ නම Wu Lixiang වේ. Huang Xiang සමඟ එක් වූ Ya Mo '60 - '70 දශකවල Guishou පළාතේ රහසිගත කවියන් අතර ප්‍රමුඛයෙකි. ඔවුහු එකල Enlightenment නමින් රහස් සඟරාවක් පළ කළහ. 1966- 1976 චීන සංස්කෘතික විප්ලව සමයේ හා ඊට පෙර සිටමත් Ya Mo ට අධ්‍යාපනය ඇතුළු සියල්ල අහිමිව ගොස් ඇත.
බීජිංහි සඟරාවක මොහුගේ නිර්මාණයක් 1987දී පළව ඇත්තේ, ලිවීම අරඹා අවු: 30ක් ගත වූ පසුවය. Ya Mo කවිපොත් 6ක් පළ කොට ඇතත් ඒ රෝනියෝ පිටපත් අතින් බඳිමිනි. ලිපිරචනා එකතුවක් 1999දී පළ කළ ද එය ඉක්මනින් තහනමට ලක්ව ඇත.
ඇමෙරිකානු කිවිවර ටී. එස් . එලියට්ගේගේ The Waste Land 1937දී චීන බසින් පළ වී ඇති අතර Ya Moගේ මෙම නිර්මාණයට එය ආභාසයක් වී ඇතැයි කියැවේ.
1964දී කාබුල් නගරයේ ඉපදී ඇති ශකිලා මධ්‍යම පාසල් සමයේ හා විශ්වවිද්‍යාල සමයේ සිට කෙටිකතා, කවි ලිවීම අභ්‍යාස කර ඇත්තීය. ඇගේ මව්බස වන Dari බසින් ලියන අන් කිවිඳිය
දවසක් මම ගෙයක් දුටිමි එය ගින්නට හසුව තිබිණි රත්පැහැගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි
අරඹා නොතිබිණි පිය නැඟුම, මා දෙපා මුව කතා කෙරුම සිනහවීමේදී කොහෙත්ම අගයක් නොවිණි. එසේ තිබියදී පවා....
බැහැර කළ හැකි සියල්ල බැහැර කළ පසු මගේ ශුද්ධ බර කිලෝ හැත්තෑවයි ඒ හුදෙක් මා සිරුරයි
බංග්ලාදේශ කිවි, මාහ්තාබ් බංගලී ( Mahtab Bangalee ) ලියූ Love Merges as One කවියේ පරිවර්තනය
මනුවගේ තොටිල්ල ආත්මයේ ’’ බයෝබැබය ’’* ඔබේ තණබිම්වල හා ශුද්ධ වනාන්තරවල මරණයේ නර්තන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ප්‍රතිබිම්බය