

අඳියි ළමයෙක්, සිරුරක සැකිල්ලක්
අඳින මුත් ඇයට හැකි දේ
එය සුදුමැලිය සපුරාම.
දනියි ඈ , අතහැරී ඇති බව ජීවිතය
සහායයක් නොලද රේඛා ඇතුළත .
කපා හැර ඇත ඇය, එක් පසුබිමක් අනෙකින්
ළමයකු ලෙස ඈ හැරෙයි සිය මව වෙත.
මව සිත්තම් කරයි හදවත
ළමයා නිමවා ඇති හිස් අවකාශයේ.
(ඇමෙරිකානු කිවිඳිය Louise Gluck ගේ Portrait නම් පද්‍යයේ පරිවර්තනය )
1943 නිව්යෝර්ක් නගරයේ උපත ලබන ලුයිස් ග්ලක් කිවිඳිය , කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් උපාධිය හිමි කරගෙන ඇත. කාව්‍ය කෘති 12ක් පළ කර ඇති ඇය Pulitzer , PEN , Bolingen සහ තවත් සම්මාන රැසක් අත් කරගෙන සිට, 2020 වසරේදී ,ලොව උතුම්ම ගෞරවය වන නොබෙල් ත්‍යාගය සාහිත්‍ය වෙනුවෙන් දිනාගත්තාය. වත්මනෙහි ඇමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ Writer- in- Residence තත්ත්වයෙන් සේවය කරන මේ කිවිඳිය වාසය කරන්නේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ , කේම්බ්‍රිජ් පෙදෙසෙහිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd