IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ගැහැනු වැඩ

 

මට ඇත දරුවන්, රැක බලාගන්නට

ඉරුණු ඇඳුම්, මසන්නට

ගෙබිම, පිස දමන්නට

කන බොන දේ , කඩෙන් ගෙනෙන්නට

ගෙනා දේ , උයන්නට

පවුලේ අය , කවන්නට පොවන්නට

ගෙවත්ත , වල් උදුරන්නට

කමිස , මදින්නට

කුඩාවුන් , අන්දවන්නට

මේ ගෙපැල , අස්පස් කරන්නට

ඊළගට අසනීපවුන් , සාත්තු කරන්නට

 

දිලෙන්න මා මත, සූර්‍යාලෝකය

වසින්න මා මත , වැස්ස

වැටෙන්න මුදු ලෙස, පිනිබිඳු

සිහිල් කරන්න යළි මා නළලත

කුණාටුව ඔබේ බිහිසුණු සුළඟින්

ගසාගෙන යවන්න මා මෙතනින්

ඉඩ දෙන්න පාවෙන්න අහස පුරා

නැවත මා විවේකය ලබන තුරා

වැටෙන්න හීනියට හිමපියලි

වසන්න මා

සුදෝ සුදු සීතල හාදුවලින්

ඉඩ දෙන්න සැතපෙන්න අද රෑ

ඉර , වැස්ස , වක්අහස

කඳු , සයුරු , කොළ , ගල්

තරුකැල්ම , සඳඑළිය

ඔබ සැම පමණමයි

කිය හැකි මට මගේම යැයි


ඇමෙරිකානු කිවිඳි මායා ඇන්ජලෝ ලියූ Woman Work පද්‍යයේ පරිවර්තනය


මායා ඇන්ජලෝ යනු ලේඛිකාව භාවිත කළ අපරනාමයයි. කළු ඇමෙරිකානු දැරියක ලෙස 1928 අප්‍රේල් 04වැනි දින මිසුරි ප්‍රාන්තයේ ශාන්ත ලුයිස් පෙදෙසේ උපන් ඇයගේ , නාමය මාගරට් ඇනී ජොන්සන් විය.

ලේඛිකාවක හා කිවිඳියක ලෙස වඩා ප්‍රකට වූ මායා ,ඇගේ ජීවිත ව්ත්ති කෘති බවට පත් කරන්නට බොහෝ රුචි කළ බව පෙනෙන්නේ , ඇය එවන් කෘති තුනක්ම ලියා ඇති බැවිනි. I know why the caged bird sings ( 1969), All god's children need travelling shoes ( 1986) සහ A song flung up to heaven( 2002) ඈ වශයෙනි . 1971දී ඇගේ Just give me cool drink of water before I die නම් පද්‍ය එකතුව පුලිට්සර් ත්‍යාගයට නිර්දේශ විණි.

1993දී , බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා වැඩ භාරගැනීමේ උළෙලේදී , On the pulse of morning නම් වූ , ඇගේ ප්‍රකට කව්පෙළ ගායනා කරන්නට ඇයට අවස්ථාව හිමි විය. එය, 1961දී රොබට් ෆ්‍රොස්ට් කවියා ජෝන් එෆ්. කෙනඩි ජනපතිවරයා ඉදිරියේ, Gift outright නම් වූ සිය කවිය ගයන්නට ලද වරමින් පසු එළඹුණු ප්‍රථම සමාන අවස්ථාවයි.

මායා, ආහාර ආදි වෙනත් විෂයයන් ඔස්සේද පොත පත ලියා ඇති අතර නාට්‍ය රචිකාවක හා රංගන ශිල්පිනියක ලෙසද දස්කම් දක්වා ඇත්තීය. සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනියක ලෙසද ඇය සිය දායකත්වය දක්වා ඇත. 2005 හා 2009 වසරවල ලද NAACP Image Award ඇතුළුව ගෞරව සම්මාන රැසක් ඇයට හිමිව ඇත. මායා ඇන්ජලෝ කිවිඳිය 2014 මැයි 28වැනි දින මෙලොව හැර ගියාය.



අදහස් (0)

ගැහැනු වැඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1915 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1526 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site