
ගෙවූයෙමි මුළු ගිම් සමයක්ම
සවන් දෙමින් ඒ ගීතයට.
විඳි හැඟුම වියැකී නොයන්නට
ඇසූයෙමි ගීය දිනකට වරක්.
දැනුණ හොත් කුසගිනි, ගියෙමි ඇවිදින්නට
ආලෝකය ගැයුවා ඒ ගීය, තම රටාවට
එලෙසින්ම සයුරද, කුරුල්ලාද
එක් මොහොතකදී සිතීමි මම :
මෙසියල් මෙලෙසින් සිදු වන්නේ
මා පෙමක පැටලෙන්නට වෙන්නැති.
එවිට ගිම්හානය යන්නට ගියේය.
ගසක අත්තකටත් වඩා වියළිව, කුරුල්ලා
විවර නොකළේය සිය තුඩ යළිත්
කියුබානු කිවි ඇන්ටෝනියෝ හොසේ පොන්ටේ ලියූ Song පද්‍යයේ පරිවර්තනය
ඇන්ටෝනියෝ කවියා 1964දී කියුබාවේ මැටන්සාස් හි ඉපිද, පළමුව ද්‍රවවිද්‍යා ඉංජිනේරුවකු ලෙස සේවය කළද, පසුව එය අතැර කලාවට නැඹුරුව, කතුවරයකු, ලිපිරචකයකු, තිරපිටපත් රචකයකු ලෙසට කටයුතු කොට අවසන සාහිත්‍ය පිළිබඳ මහාචාර්‍යවරයකු බවට පත්ව ඇත්තේය. ඔහුගේ මුල්කාලයේ ලිපිරචනා හා කවි 1991 , 1995 වසරවල රාජ්‍ය සම්මානවලට පාත්‍රවීමෙන්ද පසු , හෙතෙම Cuban National Union of Writers and Artists සංවිධානයෙන් 2003දී නෙරපනු 2003 ලැබ ඇත. එතැන් පටන් මොහුගේ කිසිදු ප්‍රකාශනයක් කියුබාව තුළ පළවීමත්, කියුබාව තුළ මොහු කිසිදු තනතුරක් දැරීමත් නොසිදු විය. කියුබාව ඇන්ටොනියෝ කවියාට තහනම්වීම නිසා 2006 සිට ජීවත් වන්නේ මැඩ්‍රිඩ් නුවරය.
යොවුන් වියේදී හවානා නුවරට පැමිණ පළ කර ඇති 13 Poems කෘතිය Young Poets Competition හිදී ජය ලබා ඇත. 2002දී මැඩ්‍රිඩ් නුවරින් Smuggling in Shadows නවකතාව පළ කිරීමත්, රොටර්ඩෑම්හි පැවති අන්තර්ජාතික කාව්‍ය උළෙලට සහභාගිවීමත් කවියාගේ ජීවදත්ත අතරේ සඳහන් වේ.
2025 ඔක්තෝබර් මස 08
1915
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1526
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගීතය