
පවසමි යමක් ඔබට මම
මියැදෙත් මිනිස්සු දිනපතා
එය ඇරඹුමම පමණක් ය.
අලුත් වැන්දඹුවෝ හෙවත් අලුත් අනාථයෝ
උපදිත් අවමඟුල් ගෙවල දිනපතා.
වාඩි වී සිටිත් උහු යුතුව ඇකිලුණු දෑතින්
අලුත් දිවිය ගැන සිතන්නට වැර දරමින්.
ඉක්බිති ඔවුන් දිසෙනුයේ සොහොන් පිටියේය
ඇතැමකු ඒ එහි ආ පළමු ගමනය.
බියෙනි හැඬීමටත්, නොහැඬීමටත් යන දෙකටම
යමෙක් නැඹුරුව උන් වෙතට
කියත් කළ යුත්ත මීළඟට
වදන් අල්පයකි එය , ඇතැම් විට
වළට පස් මිටක් දමමින් කියන.
ඉන්පසු සැම යත් ආපසු එනිවෙසටම
ඒ පිරේ අමුත්තන්ගෙන් එකවර
වැන්දඹුව හිඳින්නී ගරු ලෙස කවිච්චිය මත
පිරිස පෙළ ගැසෙත් ළං වෙන්නට ඇයට
අයකු ඇය අත ගනිමිනි, අයකු ඇය වැළඳගනිමිනි
සොයමින් වදන් , කියන්නට සැමෙකෙකුට
තුති පුදයි, තුති පුදයි ඇය ඔවුන්ට , පැමිණියාට.
ඈ හදවතෙහි පැතුම, ඔවුන් නික්ම යාමය
යළි සොහොනෙහි, ලෙඩ කුටියෙහි, රෝහලෙහි
සිටිනු අවැසිය.
නොහැකි බව දනිතත් එය,
ඇගෙ එකම සිතැඟිය දිවියෙ ආපස්සට යාමය.
විවාහය තෙක් තරම් දුර දිගට නොව,
ඇබින්දක්- පළමු හාදුව තෙක් පමණක්
ඇමෙරිකානු කිවිඳි ලුයිස් ග්ලක් ( Louise Gluck) ලියූ A Fantasy පද්‍යයේ පරිවර්තනය
ලුයිස් ග්ලක් කිවිඳිය ඉපදී ඇත්තේ 1943දී නිව්යෝර්ක් නගරයේය. කොලොම්බියා විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. කාව්‍ය සංග්‍රහයන් 12ක් පළ කර ඇති කිවිඳිය Pulitzer, PEN , Bolingen ආදී ත්‍යාග, සම්මාන රැසක් දිනා සිට, 2000 වසරේදී ලොව අග්‍රතම ත්‍යාගය වන නොබෙල් ත්‍යාගය සාහිත්‍ය වෙනුවෙන් හිමි කරගත්තාය. ඇය දැන් ජීවත් වනුයේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ, කේම්බ්‍රිජ් පෙදෙසේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd