
අද උදයේ
ලස්සන සුදුකොකා
ඉපිලෙමින් සිටියා දිගට, දියට මත්තෙන්
ඊළඟට අහස් ගැබ තුළට
මේ තනි ලෝකයේ
අප සැවොම අයත් වන
එහි සැම දෙයක්ම, අවසන,
කොටසක්ය අන් සැම දෙයකම
එසිතුවිල්ල සැලසුවා මට හඟින්නට
සුළු මොහොතකට
මා ලස්සන බව හැම අතින්ම
ඇමෙරිකානු කිවිඳිය මේරි ඔලිවර් ලියූ Poem of the one world කවියේ පරිවර්තනය
මේරි ඔලිවර් කිවිඳිය 1935 සැප්තම්බර් 10වැනි දින ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ කුඩා නගරයක ඉපිද, 2019 ජනවාරි 17වැනි දින ෆ්ලොරිඩාවේදී මිය ගියාය.
1963දී ,එනම් සිය 28වැනි වියෙහිදී කුළුඳුල් පද්‍ය සංග්‍රහය පළ කළ මේරි කිවිඳිය ඇගේ සිවුවැනි කාව්‍ය කෘතිය වූ American Primitive උදෙසා 1984දී පුලිට්සර් ත්‍යාගයෙන් පිදුම් ලද්දීය. ඉහත පළ වන නිර්මාණය 2013දී නිකුත් කෙරුණු A Thousand Mornings නම් වූ කවි එකතුවෙනි. මේරි ඔලිවර් , විශ්වවිද්‍යාල කීපයක ඉගැන්වීම හා වැඩමුළු මෙහෙයවීම කළ , ඒ වෙනුවෙන්ද බහුමානයට පාත්‍ර වූ විද්වතියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd