

මෙහි වේ දිගු නිහඬ වීදියක්
ඇවිදිමින් එහි කළුවරේ,
වැටෙමි පා පැකිළී
යළි නැඟිට අඳ සෙයින් ඇවිදිමි
මඬියි මා පා , නිහඬ ගල් හා වියළි තුරුපත්
මා පසුපසින් එන යමකුද
මඬියි ගල් හා තුරුපත්
යතොත් මා සෙමෙන් ඔහුද සෙමෙනි
දුවතොත් මා, ඔහුද දුවමිනි
හැරෙමි මම
කිසිවකු නැත.
සියල්ල අඳුරුය, දොරටු රහිතය
මගේ පියවර පමණි දන්නේ මා ගැන
හැරෙමින්, හැරෙමින් මේ අහුමුළු අතරින්
දිගටම ඇදී යමි වීදියට
කිසිවකු මා පොරොත්තුව නොසිටින,
මා පසුපස නොඑන.
එහි මම සොයා යමි මිනිසකු
වැටෙමින්, නැඟිටිමින් යන හා මා දුටු කල
"කිසිවකු නැත" කියන.
ඔක්ටාවියෝ පාස් ලියූ " The Street" පද්‍යයේ පරිවර්තනය
ඔක්ටාවියෝ පාස් ලොසානෝ මෙක්සිකානු ජාතික කවියෙකි. 1977දී ජෙරුසලම් ත්‍යාගය , 1981දී මිගෙල් ඩි සර්වන්තෙස් ත්‍යාගය , 1982දී සාහිත්‍ය සඳහා වන නියුස්ටැට් අන්තර් ජාතික ත්‍යාගය දිනා සිටි කවියා , ලේඛකයකු මෙන්ම තානාපතිවරයෙක්ද විය. තානාපති ලෙස ඉන්දියාවේ සිටි සමයේ කෘති දෙකක් පළ කළ ඔක්ටාවියෝ පාස් , 1957 සිට 1987 දක්වා තමන් ලියූ කවිවල එකතුවක් 1990 දී මුද්‍රණයෙන් නිකුත් කළේය. ඔහුට එම වසරේ සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය අත් විය.
,ඔක්ටාවියෝ පාස් 1914 මාර්තු 31වැනි දින මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි හිදී ඉපිද , 1998 අප්‍රේල් 19දා එහිදීම මිය ගියේ පිළිකා රෝගියකු ලෙසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd