IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


වීදිය

විදෙස් කවිය -3

 

 

 

මෙහි වේ දිගු නිහඬ වීදියක්

ඇවිදිමින් එහි කළුවරේ,

වැටෙමි පා පැකිළී

යළි නැඟිට අඳ සෙයින් ඇවිදිමි

මඬියි මා පා , නිහඬ ගල් හා වියළි තුරුපත්

මා පසුපසින් එන යමකුද

මඬියි ගල් හා තුරුපත්

යතොත් මා සෙමෙන් ඔහුද සෙමෙනි

දුවතොත් මා, ඔහුද දුවමිනි

හැරෙමි මම

කිසිවකු නැත.

 

සියල්ල අඳුරුය, දොරටු රහිතය

මගේ පියවර පමණි දන්නේ මා ගැන

හැරෙමින්, හැරෙමින් මේ අහුමුළු අතරින්

දිගටම ඇදී යමි වීදියට

කිසිවකු මා පොරොත්තුව නොසිටින,

මා පසුපස නොඑන.

එහි මම සොයා යමි මිනිසකු

වැටෙමින්, නැඟිටිමින් යන හා මා දුටු කල

"කිසිවකු නැත" කියන.

ඔක්ටාවියෝ පාස් ලියූ " The Street" පද්‍යයේ පරිවර්තනය

 

ඔක්ටාවියෝ පාස් ලොසානෝ මෙක්සිකානු ජාතික කවියෙකි. 1977දී ජෙරුසලම් ත්‍යාගය , 1981දී මිගෙල් ඩි සර්වන්තෙස් ත්‍යාගය , 1982දී සාහිත්‍ය සඳහා වන නියුස්ටැට් අන්තර් ජාතික ත්‍යාගය දිනා සිටි කවියා , ලේඛකයකු මෙන්ම තානාපතිවරයෙක්ද විය. තානාපති ලෙස ඉන්දියාවේ සිටි සමයේ කෘති දෙකක් පළ කළ ඔක්ටාවියෝ පාස් , 1957 සිට 1987 දක්වා තමන් ලියූ කවිවල එකතුවක් 1990 දී මුද්‍රණයෙන් නිකුත් කළේය. ඔහුට එම වසරේ සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය අත් විය.

,ඔක්ටාවියෝ පාස් 1914 මාර්තු 31වැනි දින මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි හිදී ඉපිද , 1998 අප්‍රේල් 19දා එහිදීම මිය ගියේ පිළිකා රෝගියකු ලෙසිනි.



අදහස් (0)

වීදිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 690 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17840 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site