ඉතා මඳ කාලයකි ඇත්තේ 
ඔබට ලියන්නට
හැකිළ ඇත අනන්තය
මා බිරිය මා රැගෙන යයි දුරක

ඇයද විඩාබර පෙනුමැති ළඳකි
ලොව සැම අහු මුළු දකින්නට
ඉඩ නොදෙනු සේය ඇය මට තව දුර

එහෙත්,
හැර දමා යන්නැයි මා මෙහි
( සාමයෙන් ,නිහඬව ඔබට ලිවිය හැකි තැන)
මා කියන විට බිරියට
ප්‍රාණවත් වන්නීය ඇය

කියන්නී ඇය
සාමය නිහඬ නැති බවත්
මා කුසීතයකු බවත්

කියයි ඈ තව දුරටත්
ආදරවන්තයකු සොයා ගැනුමේ
අදහස මිස අන් කිසිවක්
ඇය  සිතේ නොමැති වගත්.

ඉතාලි කිවි රොබර්තෝ අමාතෝ ( Roberto Amato )  ලියූ   So Very Little  Time  පද්‍යයේ  පරිවර්තනය .

කවියකු හා විචාරකයකු වන  රොබර්තෝ, ඉතාලියේ  Viareggio නගරයේ ඉපිද එහිම වාසය කරන්නෙකි. වයස අවු: 50දී සිය පළමු කවිපොත පළ කරමින් පමා වී ලේඛනයට  පිවිසුණු නමුත් දැන් ඉතාලි කවියන් අතර ප්‍රමුඛයකු ලෙස සැලකේ. 

La Cucine Celesti කෘතියට 2003දීත්,   L' agenzia di  Viaggi කෘතියට 2006දීත්  ඇගයුම් ත්‍යාගවලින් පිදුම් ලබා ඇති රොබර්තෝ කවියා උපහාසයේ, උත්ප්‍රාසයේ  විශාරදයකු  ලෙස පිළිගැනේ.