
ඉතා මඳ කාලයකි ඇත්තේ
ඔබට ලියන්නට
හැකිළ ඇත අනන්තය
මා බිරිය මා රැගෙන යයි දුරක
ඇයද විඩාබර පෙනුමැති ළඳකි
ලොව සැම අහු මුළු දකින්නට
ඉඩ නොදෙනු සේය ඇය මට තව දුර
එහෙත්,
හැර දමා යන්නැයි මා මෙහි
( සාමයෙන් ,නිහඬව ඔබට ලිවිය හැකි තැන)
මා කියන විට බිරියට
ප්‍රාණවත් වන්නීය ඇය
කියන්නී ඇය
සාමය නිහඬ නැති බවත්
මා කුසීතයකු බවත්
කියයි ඈ තව දුරටත්
ආදරවන්තයකු සොයා ගැනුමේ
අදහස මිස අන් කිසිවක්
ඇය සිතේ නොමැති වගත්.
ඉතාලි කිවි රොබර්තෝ අමාතෝ ( Roberto Amato ) ලියූ So Very Little Time පද්‍යයේ පරිවර්තනය .
කවියකු හා විචාරකයකු වන රොබර්තෝ, ඉතාලියේ Viareggio නගරයේ ඉපිද එහිම වාසය කරන්නෙකි. වයස අවු: 50දී සිය පළමු කවිපොත පළ කරමින් පමා වී ලේඛනයට පිවිසුණු නමුත් දැන් ඉතාලි කවියන් අතර ප්‍රමුඛයකු ලෙස සැලකේ.
La Cucine Celesti කෘතියට 2003දීත්, L' agenzia di Viaggi කෘතියට 2006දීත් ඇගයුම් ත්‍යාගවලින් පිදුම් ලබා ඇති රොබර්තෝ කවියා උපහාසයේ, උත්ප්‍රාසයේ විශාරදයකු ලෙස පිළිගැනේ.
2025 ඔක්තෝබර් මස 08
1915
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1526
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉතා මඳ කාලයකි