
ඇත්තේ සැබැවින්ම දුක්ඛිත දිවියකි මට
අහරක් සොයා කුකුළන් සේ අවුස්සන
අනුමාන කළ හැකිද කවුදැයි මා ?
අයාලේ යන්නෙක්මි
ඉවත ලන දේ කමින් දිවි හරින
නොමැත වටිනාකමක් මා දිවියට
මා මුග්ධයෙකැයි සිතේ මට
එද මිනිසුන්ට හැක මා අලෙවි කරන්නට
රූපවාහිනි තිරය මත,
මා කෑදර ලෙස අස්කොන් ගිලදමන විට
ඉවත දැමෙන දෑ අවන්හලක පිටුපස
ජීවත් කරවයි මා දෛනිකව
නොදැන සිටියෙමි විකිණිය හැකි යැයි
අනුකම්පාව දනවන මෙදසුන
ඔවුහු හිනැහෙති
කුසගින්නේය මා
ඔවුහු මුදල් උපයති
මම බම්මන්නෙක්මි, නොමිලේම රඟන
තායිලන්තයේ පෝන්පෙන් හන්ත්‍රකූල් ( Pornpen Hantrakool ) ලියූ Human Trade පද්‍යයේ පරිවර්තනය .
පෝන්පෙන් හන්ත්‍රකූල් කිවිඳිය , ප්‍රථම උපාධියක්, පශ්චාත් උපාධියක් හා ඉතිහාසය විෂයයෙන් ඩිප්ලෝමාවක්ද දරන මහාචාර්යවරියකි. තායිලන්තයේ විශ්වවිද්‍යාල රැසක මෙන්ම ජපානයේ Tenri විශ්වවිද්‍යාලයේද විවිධ තනතුරු ඔස්සේ ඉතා ව්‍යාප්ත ශාස්ත්‍රිය සේවාවක් සපුරා ඇති විද්වතියකි. තායි හා ඉංග්‍රිසි යන දෙබසින්ම කෘති රැසක්, විෂය රැසක් මත ලිපි හා අත්පොත් ඇයගේ කර්තෘත්වයෙන් පළ කෙරී ඇත. වියට්නාම් සාහිත්‍ය උදෙසා දක්වන ලද දායකත්වය වෙනුවෙන් ඇය, වියට්නාම් ලේඛක සංගමයෙන් ගෞරව සහතිකයක් ලබා ඇත්තීය. 2012 ජුලි 28 වැනි දින පිළියන්දල මඩපාත පැවැති " මකරන්ද " සාහිත උළෙලට, ඇය ආරාධිත විදෙස් කිවිඳියක ලෙස සහභාගි වූවාය .
2025 ඔක්තෝබර් මස 08
1915
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1526
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මිනිස් වෙළෙඳාම