
හරසර දක්වයි මගේ කවි
මා මවට,
මා සොඳුරට හා දරුවන්ට
වසන්තයේ ගේකුරුල්ලන්ට
හිරුට, වැස්සට.
ඉතිරි වෙද්දී මා හරසර ලදවුන්
මිය ගියෙමි මම
මතකයන් පමණක්
දෝංකාර දෙයි නිවහනේ
යන්නේද ඔබ සවාරියක්
දිනකට, දෙකකට
දකිනු ඇත ඔබ , මා මව
නැත්නම් මල්
ඇගේ මතකයේ පිබිදෙන.
යා යුතුයි ඔබ මා නිවහනට
රැඳිය යුතු එහි මඳකට.
(ඉන්දියානු කිවි රඝුවීර් සහේ 1929- 1990 ලියූ My Home පද්‍යයේ පරිවර්තනය )
රඝුවීර් සහේ හින්දි බසින් ලියූ කවියෙකි, ජනමාධ්‍යවේදියෙකි, පරිවර්තකයෙකි, ප්‍රබන්ධ හා ලිපි රචකයෙකි. "කල්පනා" හා " දින්මන්' යන ප්‍රකාශනවල සංස්කාරකවරයා විය. පද්‍ය කෘති දහයක් පමණද, ලිපිරචනා හා කෙටිකතා එකතුන්ද පළ කර ඇත. " මැක්බත්" නාට්‍යය හා හංගේරියානු කතා දොළහක් හින්දි බසට පරිවර්තනය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd