නිධාන් ගන්න ගිය හතරක් අත්අඩංගුවට බිබිල නාගල නාමිරිත්තකැටිය ගම්මානයේ නිවසක් පිටුපස ගල්තලාවක නිධානයක් හාරමින් සිටි බව කියන පුද්ගලයින් සිව්දෙනෙකු පෙරදින 12 දින රාත්‍රි අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 13 May 2017
වෛද්‍ය සභා භූමියෙන් අත්බෝම්බයක් සොයාගනී කොළඹ මරදානේ පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සභා භූමියේ තිබී පුපුරා නොගිය අත් බෝම්බයක් සොයාගත් බව පොලිසිය කියයි. 13 May 2017
අගමැති රනිල් චීනයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම චීනයේ සංචාරයක් සඳහා පිටත්ව ගියේය. 13 May 2017
ඡන්දදායකයන් ලියාපදිංචි කිරීමේ පනතේ ව්‍යවස්ථානුකූලබව විමසා ශ්‍රෙෂ්ඨාධිකරණයට පෙත්සමක් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව විමසා බලන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කර තිබේ. 12 May 2017
ඉන්දීය අගමැති මෝදි පිටත්ව යයි ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු පිරිස අද(12) පස්වරු 5.35ට කටුනායක ගුවන්තොටුපළින් යළි ඉන්දියාව බලා පිටත්ව ගියහ. 12 May 2017
පෝස්ටර් ඇලවූ තරුණයන් රඳවාගැනීම හෙළාදකී වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ මගින් මුද්‍රණය කළ පෝස්ටරයක් අලවමින් සිටි තරුණයන් දෙදෙනකු බොරැල්ල නගරයේ දී අත් අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම තරයේ හෙළා දකින බව එම පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 12 May 2017
ඩෙංගු ප්‍රතිකාර කරන්න කුරුණෑගල රෝහල අවටින් ආධාර ඉල්ලයි කුරුණෑගල රෝහලේ පවතින ඩෙංගු අවදානම හේතුවෙන් රෝහල් පරිශ්‍රය හා ඒ අවට ඩෙංගු අවදානම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කුරුණෑගල රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය චන්දන හැඳගස්ගමුව මහතා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත. 12 May 2017
ඉන්දීය අගමැති පැමිණි හෙලිකොප්ටරය ගොඩබැස්වීමේදී කාන්තාවකට තුවාල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැමිණී ඉන්දිය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානය හැටන්හි ඩන්බාර් කි‍්‍රඩාංගණයට ගොඩ බැස්සවීමේ දී කි්රඩාංගණය අසල සමනලගම ගම්මානයේ නිවාස තුනක වහලවල් සම්පුර්ණයෙන්ම කැඩි ගොස් එම නිවාස වලට දැඩි අලාභ හානි සිදුව ඇත. 12 May 2017
පාවෙමින් තිබූ කිලෝ 9 ක හෙරොයින් පාර්සලයක් සොයාගනී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 9.3 ක් අඩංගු පාර්සලයක් උතුරු මුහුදේ පාවෙමින් තිබියදී අද (12) පස්වරුවේ නාවික හමුදාව විසින් සොයාගෙන ඇතැයි නාවික හමුදාව කියයි. 12 May 2017
ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් දීමට යුරෝපා සංගමයේ අනුමැතිය ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ලබාදීමට යුරෝපා සංගමයේ විදේශ සහ වෙළෙඳ අමාත්‍යවරුන්ගේ කවුන්සිලයේ අනුමැතිය හිමි වූ බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය. 12 May 2017
‘ශ්‍රී ලංකා ආර්ථිකයේ දියුණුවට ඉන්දියාව කැපවෙනවා‘ - මෝදි ශ්‍රී ලංකාවට ආර්ථික සෞභාග්‍ය උදා කරලීම සඳහා ඉන්දියාව ඇප කැප වී කටයුතු කරන බවත් අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කොළඹදී අද (12) පැවැසීය. 12 May 2017
වතුකරයේ ජනතාවට ඉන්දියාවෙන් තවත් නිවාස 10,000 ක් වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉන්දියානු ආධාර යටතේ දැනට ඉදිකෙරෙමින් පවතින නිවාස 4000ට අමතරව තවත් නිවාස 10,000ක් එම ජනතාව වෙනුවෙන් ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය. 12 May 2017
‘ද්විත්ව පුරවැසිභාවය ඇති අයට රජයේ උසස් තනතුරු දෙන්න එපා‘ - පැෆරල් සංවිධානය රට වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා රාජ්‍ය නිලධාරින් පත් කරන විටදී ද ද්විත්ව පුරවැසි භාවය ඇති අය පත් නොකිරීමට වග බලා ගන්නැයි පැෆරල් සංවිධානය බලධාරින් ගෙන් ඉල්ලීමක් කරයි. 12 May 2017
මහින්ද - ගෝඨා සමග ඉන්දීය අගමැති මෝදි සාකච්ඡාවක ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සමග සාකච්ඡාවක් පවත්වා ඇතැයි ඉන්දීය තානාපති ආරංචි පවසයි. 12 May 2017
අභියාචනාධිකරණ තීන්දුව 15 වැනිදා තෙක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට නුසුදුසු බවට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව ලබන සඳුඳා (15) තෙක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(12) තීන්දු කළේය. 12 May 2017
ගීතාගේ අභියාචනයේ තීන්දුව දෙනතුරු මන්ත්‍රී අසුනේ පුරප්පාඩුව සම්පූර්ණ නොකරයි ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුව දෙනතුරු ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ පුරප්පාඩුව සම්පූර්ණ නොකිරීමට මැතිවරණ කොමිසම මීට සුළු මොහොතකට පෙර තීන්දු කළේය. 12 May 2017
කොළඹ - බරණැස අතර ගුවන් සේවයක් කොළඹ සිට භාරතයේ වාරානාසී දක්වා ගුවන් සේවයක් අරඹන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි. 12 May 2017
පස් කන්දක් කඩා වැටී බදුල්ල මාර්ගයේ කොටසක් අවහිර වෙයි කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙලිහුල්ඔය තානායම ආසන්නයේ පස්කන්දක් කඩාවැටීමෙන් එම මාර්ගයේ එක් පසක් අවහිරව ඇතැයි පොලිසිය පවසයි. 12 May 2017
කඳවුරේ දැරියන්ට බෙදූ තිසරපට ඇතුළේ ජෙල් විශේෂයක් මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් නිවාස අහිමි වූවන් රැඳී සිටින මීතොටමුල්ල වී ගබඩා වේ තාවකාලිකව පදිංචිව සිටින දැරියන් අතර නොමිලයේ බෙදා දුන් තිසරපට තුළ පෙති වර්ගයක් හා ජෙල් වැනි ද්‍රාවණයක් අඩංගු පැකට්ටුවක් අයුරා තිබියදී සොයාගත් බව එම දැරියන්ගේ මවුවරු පවසති. 12 May 2017
පොළොන්නරුවේ අනතුරකින් සිවු දෙනෙක් මරුට පොළොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ බැඳිවැව ප්‍රදේශයේ දී අද(12) අලුයම යතුරුපැදියක් බසයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ තරුණයන් සිව්දෙනකු මියගොස් ඇතැයි පොළොන්නරුව පොලිසිය පවසයි. 12 May 2017
නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණෙයි එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය. 11 May 2017
අයිසිස් ත්රස්තවාදීන්ට වේදනා නාශක ශ්‍රී ලංකාව හරහා ගෙන්වයි ලිබියාවේ සිටින අයි.එස්.අයි.එස් ත්රස්තවාදීන්ට ශ්‍රී ලංකාව හරහා යැවූ බව කියන ට්‍රැමඩෝල් නැමැති වේදනා නාශක පෙති මිලියන 37ක් ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ‘‘ද ටයිම්ස් ඔෆ් ලන්ඩන් ‘‘ පුවත්සේවය වාර්තා කරයි. 11 May 2017
කෝටි තුන හමාරක හෙරොයින් මුලක් කසළ ගොඩක මරදාන ඩී ආර් විජේවර්ධන මාවතේ කසල ගොඩක තිබී කෝටි තුන හමාරක් පමණ වටින බව කියන හෙරොයින් තොගයක් සොයාගත් බව මරදාන පොලිසිය කියයි. 11 May 2017
වෙසක් මුද්දර 20 ක් අලුතින් නිකුත් කෙරෙයි මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන 2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම නිමිත්තෙන් මුද්දර 20 ක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත. 11 May 2017
හිටපු සහකාර කළමනාකරු අල්ලස් චෝදනාවෙන් නිදොස් කොට නිදහස් පෞද්ගලික බස් රථයට මහනුවර-ත්‍රීකුණාමලය ධාවන අවසර පත්‍රය ලබා දීමට අවශ්‍ය නිර්දේශ ලිපිය ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට නිකුත් කිරීමට පෞද්ගලික බස් රථයේ හිමිකරුගෙන් රුපියල් 50,000/- ක අල්ලසක් ඉල්ලා එම අල්ලස් මුදල ලබාගත් බවට චෝදනා ලැබ සිටි මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ හිටපු සහකාර කළමණාකරු සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නීශ්ශංක බන්ධුල කරුණාරත්න මහතා නියම කළේය. 11 May 2017
කුරුණෑගල රෝහලේ ඩෙංගු ප්‍රතිකාර පවත්වාගෙන යාම ගැටළුවක් වෙයි වසංගතයක් ලෙස පැතිර යන ඩෙංගු උණ රෝගයට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ගොදුරු වී සිටිම හේතුවෙන් රෝගී ප්‍රතිකාර කටයුතු පවත්වාගෙන යාමේ බරපතල ගැටළුවට රෝහල් බලධාරීන් මුහුණ පා සිටින බව වාර්තා වේ. 11 May 2017
එස්.එම්.චන්ද්‍රසේන උතුරුමැද බලය අල්ලන්න සැරසෙයි උතුරුමැද පළාත් සභාවේ ඇමැති ධුර වලින් ඉවත් වවද ස්වාධීන කණ්ඩායම් වල සිටිමින් උතුරු මැද පළාත් සභාවේ බලය තමන් අතට ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි. 11 May 2017
හදිසි මරණ පරීක්ෂණයට යද්දී හුස්ම වැටෙනු දැක දිවි බේරා දෙති මාලබේ රත්නාරාම ප්‍රදේශයේ නිවෙසක් තුල දෙදෙනෙක් මිය ගොස් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මරණ පරීක්ෂණය සදහා හදිසි මරණ පරීක්ෂකවරිය සමග එහි ගොස් පරීක්ෂා කිරීමේදී මිය ගොස් ඇතැයි සැක සිතූ එක් කාන්තාවකගේ හුස්ම වැටෙනු දැක වහා රෝහල් ගත කර ජීවිතය බේරා ගැනීමට කටයුතු කළ බව අතුරුගිරිය පොලිසිය පවසයි 11 May 2017
හෙරොයින් කිලෝ 198 ක් සමඟ අයෙක් අත්අඩංගුවට හෙරෝයින් කිලෝ ග්‍රෑම් 198 ක් සමඟ සැකකරුවෙකුව පුත්තලම නියෝජ්‍යය පොලිස්පති කාර්යාලයේ බුද්ධි අංශයේ නිලධාරීන් අද (11) අත්අඩංගුවට ගෙන ඇත. 11 May 2017
ගිං ගඟේ නෑමට ගිය සිසුහු දෙදෙනෙක් ගිළී මියයති වෙසක් පෝදා උදෑසන නිවෙස් වලින් දන්සැල් යනබව පවසා පිටත්වගිය 15 හැවිරිදි පාසල් ළමුන් 07 දෙනක් ගිංගගේ දිය නෑමට ගොස් ඉන් දෙදෙනෙකු දියේ ගිලී මියයාමේ පුවතක් ගාල්ල ගින්තොටින් වාර්තාවේ. 10 May 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026