ගංජා කිලෝ 9 ක් සමග අයෙක් අත්අඩංගුවට ගංජා කිලෝග්‍රෑම් 09 ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන පුද්ගලයෙකු අද (10) අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය කියයි. 10 May 2017
පිළියන්දළ වෙඩිතැබීමට සම්බන්ධ යතුරු පැදිය සොයාගනී පිළියන්දල මොරටු පාරේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක නිලධාරින්ට වෙඩි තබා පලා ගිය යතුරු පැදියක් සොයාගත් බව පොලිසිය පවසයි. මහරගම දෙහිවල පාරේ වෙළඳසැලක් අසල මෙම යතුරු පැදිය දමා ගොස් ඇත. 10 May 2017
නන්දසේනගේ ඇමැතිකම හේරත් බණ්ඩාරට උතුරු මැද පළාත් සභාවේ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ඇමැතිවරයාව සිටි කේ.එච්.නන්දසේන මහතා හදිසියේම තනතුරින් ඉවත් කර තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේම එම්. හේරත් බණ්ඩාර මහතා නව සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස ආණ්ඩුකාර පී. බී. දිසානායක මහතා ඉදිරියේ අද (10 වැනිදා) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. 10 May 2017
බත්තලංගුණ්ඩුවේ යාත්‍රාවක් පෙරළීමෙන් ධීවරයෙක් අතුරුදන් බත්තලංගුන්ඩුව දුපත ආසන්නයේදි අද (10) ධිවර යාත්‍රාවක් පෙරළි යාමෙන් එහි ගමන් ගත් ධිවරයකු අතුරුදහන්ව ඇති බවත් තවත් ධිවරයකු බේරා ගෙන ඇති බවත් බත්තලංගුණ්ඩුව දුපත් පොලිසිය පවසයි. නාවික හමුදාව සහ ධිවරයින් පිරිසක් එක්ව එක් පුද්ගලයකු බේරාගෙන ඇත. 10 May 2017
විදේශ විනිමය පාලන පනත සංශෝධනය නරින්ට කුකුළන් බාරදීමක් විදේශ විනිමය පාලන පනත සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවුණත් මේ තුළින් මුදල් විසුද්ධිකරණයට හා විදේශ වෙළෙඳපොළ දේශපාලනීකරණයට ලක්වීම සිදුවන හෙයින් මෙය නරීන්ට කුකුළන් භාරදීමකට සමාන වෙනවා යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා පැවසිය. 10 May 2017
වෙසක් පෝදා සිරකරුවන් 12 කට නිදහස වෙසක් පොහොය දිනය නිමිත්තෙන් වවුනියාව බන්ධනාගාරයේ සිටි සිරකරුවන් 12 දෙනකුට අද(10) නිදහස ලැබිණි 10 May 2017
දකුණු කොරියාවට නිදහස් මතධාරී ජනපතිවරයෙක් දකුණු කොරියාවේ පැවැති ජනාධිපතිවරණයෙන් ජය ලබාගැනීමට නිදහස් මතධාරී ජනාධිපති අපේක්ෂක මූන් ජෝ ඉන් මහතා සමත් වී සිටී. හිටපු ජනාධිපතිනි පාක් ග්වෙන් හේ මහත්මියට දූෂණ චෝදනා එල්ලවීමත් එම නිසා දෝෂාභියෝගයක් ඉදිරිපත් වීමත් නිසා හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට සිදුවිය. 10 May 2017
බහුදින යාත්‍රා හිමියන්ගෙන් ඉන්දීය මහකොමසාරිස්ට සන්දේශයක් ඉන්දියාවත් - මාලදිවයිනත් අතර මුහුදු තීරයේ නීත්‍යානුකූල ලෙස ගමන් කරන ශ්‍රී ලංකාවට අයත් ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීමෙන් වලකින ලෙස ඉල්ලමින් සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත සංදේශයක් ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත. 10 May 2017
මත්කුඩු වැටලීමට ගිය පොලිසියට වෙඩි තැබීමෙන් කොස්තාපල් මරුට පිළියන්දල මොරටු පාරේ මත්කුඩු වැටලීමකට ගිය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පිරිසකට යතුරු පැදි කරුවන් පිරිසක් වෙඩි තැබීම නිසා පොලිස් කොස්තාපල්වරයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 09 May 2017
සංහිඳියාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කරයි ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සංහිඳියාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ බව කීවේ එම ප්‍රතිපත්තිය ගැන දැනුම්දීම සඳහා පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. 09 May 2017
කැබිනට් සංශෝධනයක් වෙන්නේ නෑ - කැබිනට් ප්‍රකාශක රාජිත කැබිනට් සංශෝධනයක් සිදු නොවන බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි. කැබිනට් සංශෝධනයක් සිදු කරන බවට ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නැතැයිද කී සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳව පළ වූයේ මාධ්‍ය වාර්තා පමණක් යැයි ද කීවේය. 09 May 2017
ගාල්ල තැපැල් දුම්රිය ප්‍රමාදයට මගීහු හූ තබති රාත්‍රී 7.30ට කොළඹ කොටුවෙන් පිටත් වීමට නියමිත ගාල්ල තැපැල් දුම්රිය අද රාත්‍රී 8.10 වන විටත් ගමන් ආරම්භ නොකළ බව මගීහු කියති. දුම්රිය බොහෝ වේලාවක් ප්‍රමාද වීමට විරෝධය පළ කරමින් දුම්රිය මගීහු හූ තැබූහ. 09 May 2017
පන්නිපිටියේ බෝගස කැපීමේ තහනම මාසයකින් දික්වෙයි පන්නිපිටිය නගර මධ්‍යයේ පිහිටි පැරණි බෝ ගස කපා ඉවත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන ජුනි 13 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළේය. 09 May 2017
වෛද්‍ය සභාවේ අභියාචනය සලකා බැලීම 31 දාට කල්යයි මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ( සයිටම් ) උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනු කළ අභියාචන පෙත්සම සලකා බැලීම ලබන 31 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළේය. 09 May 2017
මවත් දරුවාත් කපා කොටා ඝාතනය කරයි කොස්ගොඩ ප්‍රදේශයේ දී 38 හැවිරිදි මවක හා මාස හයක් වයසැති ඇගේ දරුවා කපාකොටා ඝාතනය කර ඇත. 09 May 2017
එස්.එෆ්.ලොක්කා 23 දා දක්වා රිමාන්ඩ් මූල්‍ය ආයතනයකට අයත් සුඛෝපභෝගි ජීප් රථයක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්.ලොක්කා ලබන 23 වැනි දා දක්වා තවදුරටත් රිමාන්ඩි කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අද (9) නියෝග කළේය. 09 May 2017
පොලිස් කාන්තාවට අයුතු බලපෑම් කළ අය අත්අඩංගුවේ රාජකාරියට යමින් සිටි පොලිස් කාන්තාවකට අයුතු බලපෑම් කර බලහත්කාරකමක් කිරීමට තැත්කළ බව කියන පුද්ගලයකු අද (9) සැකපිට අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි. 09 May 2017
ඉංජිනේරු සිසුවිය අභිරහස් ලෙස මියයයි මොටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබු සිසුවියක් (27) සදුදා (8) රාත්‍රීයේ නාන කාමරයේ දී අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. ඇය ව්‍යාපෘති වාර්තා සකස් කරමින් සිට ඇති බවත් පරික්ෂණ වලින් හෙළි වී ඇති බව පොලිසිය පවසයි. 09 May 2017
හිටපු කොටි දෙදෙනාගේ පාපොච්චාරණය නීත්‍යානුකූල බව මහාධිකරණය පිළිගනී ආරක්ෂක අංශ සාමාජිකයින් 14 දෙනකු ඝාතනය කරමින් 2007දී අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරය මෙහෙයවූයේ තමන් බවට කොටි සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයින් දෙදෙනකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලබාදී ඇති පාපොචිචාරණය නිත්‍යානුකූල බවට පිළිගන්නා බව අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු මහේෂ් වීරමන් මහතා අද (09) ප්‍රකාශ කළේය. 09 May 2017
අඩි 100 ක් උස කසල කන්ද අසළින් නිවැසියන් ඉවත් කරයි බණ්ඩාරවෙල පාරමීගම කරමඩුගස්කැන්න කසල අංගනයේ කසල ගොඩ ගැසීම නිසා නිසා අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති අවට නිවාසවල පවුල් 15 ක් ඉවත් කර ඔවුන් සුදුසු ස්ථානවල පදිංචි කරවීමට කටයුතු කරන බව ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ගාමිණි රාජකරුණා මහතා ලංකාදීපයට පැවසීය. 09 May 2017
කැබිනට් ප්‍රකාශක තනතුරට ශ්‍රීලනිපයෙනුත් කෙනෙක් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න හා අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරයකුට නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයකු වශයෙන් ඉදිරියේදී පත්කිරීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් පක්ෂ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි. 09 May 2017
අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ගීතාගෙන් අභියාචනයක් ද්විත්ව පුරවැසි භාවය දැරීම හේතුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවට අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. 09 May 2017
උතුරේ ජනතාවගේ ඇඟේ දුවන්නේ රණවිරුවන්ගේ ලේ - රෙජිනෝල්ඩ් කුරේ යුද සමයේදී රට වෙනුවෙන් ලේ හෙලු රණවිරුවන් අද ජනතාව ජීවත් කිරීමට තම ලේ දන් දෙනවා උතුරේ ජනතාවගෙන් වැඩි දෙනෙකුගේ ඇගේ දුවන්නේ රණවිරුවන්ගේ ලේ බව උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා යාපනයේදී කීවේය. 09 May 2017
ගම්පොළදී දරුවා පැහැරගත් කල්ලියේ 4 ක් අත්අඩංගුවට රටේ කලබලයක් ඇති කළ ගම්පොළ අවුරුදු දෙක හමාරක දරුවා පැහැර ගැනීම සම්බන්ධයෙන් හිටපු රාසීක් කණ්ඩායම් දෙදෙනෙකු ඇතුලු හතර දෙනෙකු අත් අඩංගුවට ගත් බව කාත්තන්කුඩි පොලිසිය පවසයි. 09 May 2017
ගීතාගේ මන්ත්‍රීධූරය අහෝසි වී ඇතිබව පාර්ලිමේන්තු මහලේකම් කියයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිසමේ සභාපතිට දැනුම් දෙයි 09 May 2017
කේරළ ගංජා අසුරමින් සිටි අයෙක් කල්පිටියේදී අත්අඩංගුවට කල්පිටිය පුදුකුඩිරිප්පුවේ සිය නිවස තුළ කේරළ ගංජා පැකට් කරමින් සිටි පුද්ගලයෙකු,කේරළ ගංජා කිලෝ ග්‍රෑම් හයකුත් ග්‍රෑම් පන්සිය හැත්තෑ හතරකුත් සමඟ අත් අඩංගුවට ගෙන ඇත. 09 May 2017
මරිචිකට්ටිහි සත්‍යග්‍රහය තාවකාලිකව නවතී විල්පත්තු අවට ගම්මානයන්හි ජනතාව ජනාධිපතිතුමන් කෙරෙහි පූර්ණ විශ්වාශයකින් ඉන්නේ විල්පත්තු ගැටලුව පිළිබඳ සොයන්න ජනාධිපති තුමන් කමිටුවක් පත් කලා විල්පත්තු ජනතාව 13 වනදා විසඳුමක් ලැබෙයි යන බලාපොලරොත්තුවෙන් ඉන්න බවට අමාත්‍ය ෆයිසර් මුස්තාපා කියා සිටියේය. 09 May 2017
වැලිපැන්නේ වෙඩිතැබීමකින් අයෙක් මරුට කළුතර වැලිපැන්න ප්‍රදේශයේ දී සිදු වු වෙඩි තැබීමකින් තරුණයකු (24) මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. 09 May 2017
ශ්‍රී ලංකාව හරි පාරට වැටී ඇතැයි යුරෝපා සංගමය කියයි බලයට පැමිණ වසර වසර දෙකක් ගතවන විට ශ්‍රී ලංකා රජයේ වැඩ පිළිබඳ ප්‍රශංසනීය තත්ත්වයකට පත්ව ඇතැයි ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති තුංලායි මාග් මහතා පණිවිඩයක් නිකුත් කරමින් කියයි. 08 May 2017
ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීම ගැන නවදිල්ලියේ සාකච්ඡාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දිය ධීවරයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (8) පවත්වනු ලැබූ බව ඉන්දියාවේ පළවන ‘‘ ද හින්දු ‘‘ පුවත්පත වාර්තා කර සිටී. 08 May 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026