වකුගඩු රෝගයේ සුලමුල සොයාගැනීමේ පර්යේෂණ අවසන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවක පැතිර ඇති කෘෂිකාර්මික වකුගඩු රෝගයේ හේතු මූලය මේ වසර අවසන් වීමට පෙර හෙළිකර ගත හැකි වනු ඇතැයි වකුගඩු රෝග පිළිබඳ පර්යේෂකයෙකු වන රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 08 May 2017
මටත් මාස දෙකක් කිසිම ආරක්ෂාවක් තිබුණේ නෑ - චන්ද්‍රිකා තමා විශ්‍රාම ගොස් මාස 15කට පසු මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ආණ්ඩුව තම ආරක්ෂාව සිටි සියලුම ආරක්ෂකයන් සහ වාහන ඉවත් කළ බවත්, තමා කිසිදු ආරක්ෂාවක් නැතිව මාස දෙකක කාලයක් සිටි බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කියන්නීය. 08 May 2017
ස්ථාන මාරු ලේඛනය දුටු මහබැංකුවේ නියෝජ්‍ය අධිපති මවිත වෙයි මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා විසින් 2015 ජනවාරී මාසයේදී මහ බැංකුවේ නිලධාරීන් ස්ථාන මාරු කර ඇති ලේඛන බලා තමා පුදුමයට පත්වූ බවත් රාජ්‍ය ණය අධිකාරීවරයා ලෙස තිබිය යුතු දැනුම නොමැති දීපා සෙනෙවිරත්න මහත්මිය රාජ්‍ය ණය අධිකාරීවරයා ලෙස පත් කර තිබු බවත් සමහර මාරුකිරීම් නුසුදුසු ආකාරයට කර තිබූ බවත් බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි ලබාදෙමින් පැවසූ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා දීපා සෙනෙවිත්න මහත්මිය රාජ්‍ය ණය අධිකාරී 08 May 2017
මහේස්ත්‍රාත් අධිකරණයට වහලෙන් බැස කේරළ ගංජා කිලෝ 20 ක් සොරා ගනිති පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ දෙවැනි මහලේ නඩු භාණ්ඩ කාමරයට ඇතුළු වි එහි තිබු කේරළ ගංජා කිලෝ 20 කට ආසන්න ප්‍රමාණයක් සොරා ගෙන ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 08 May 2017
ගම්පහ ගුරුවරයාට පහර දුන්නේයැයි තිදෙනෙක් අත්අඩංගුවට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ශිෂ්‍ය භට ඛණ්ඩය භාර ආචාර්යවරයාට පරුෂ වචනෙයන් බැන වැදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලිසිය කියයි. 08 May 2017
මධ්‍යම පළාත් සභාවට නව මන්ත්‍රීවරයෙක් මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රිවරයකුව සිටි ආචාර්ය ජගත් විජේනායක මහතා හදිසියේ අභාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා එච්.ඒ රණසිංහ මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ඉදිරියේ අද (08) දිව්රුම් දුන්නේය. 08 May 2017
ද්විත්ව පුරවැසිබව හිමි මැති ඇමතිවරුගැන පැෆරල් සංවිධානය සොයයි ද්විත්ව පුරවැසි භාවය ඇති මැති ඇමැතිවරුන් කවුදැයි දැයි දැන ගැනීම ස ඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාගේම තොරතුරු එක් රැස් කරන බව පැෆරල් සංවිධානය සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා කි‍්‍රයාකාරිත්වය කියයි. 08 May 2017
යාපනයේදී තියුණු ආයුධ රැගත් කල්ලියක් පහරදීමෙන් තිදෙනකුට තුවාල තියුණු ආයුධ රැගෙන යතුරු පැදිවලින් පැමිණි කණ්ඩායමක් විසින් යාපනය, චාවකච්චේරි කනකම්පුල්ලිඅඩි ප්‍රදේශයේ කරන ලද පහරදීමකදී පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකොට ඇතැයි ඇතැයි යාපනය චාවකච්චේරි පොලිසිය පවසයි. 08 May 2017
ඉරිදා ටියුෂන් පන්ති සවස 2 දක්වා තහනම් යෝජනාව සම්මතයි ඉරිදා දිනවල පෞද්ගලික උපකාරක පන්ති ප.ව. 2.00 දක්වා තහනම් කිරීමේ යෝජනාවක් 33 වන පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුළුවේදී සම්මත කරගත් බව මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා ‘ලංකාදීප’යට පැවැසීය. 08 May 2017
හොරු පුත්තලම දිසා අධිකරණයේ නඩු බඩු කාමරය කඩති පුත්තලම දිසා අධිකරණයේ නඩු බඩු කාමරය බිඳ ඇතැයි පුත්තලම පොලීසිය කියයි. අධිකරණ සංකීර්ණයේ වහළයේ උළු ඉවත් කර නඩු බඩු කාමරයට ඇතුළු වී ඇති බව මූලික විමර්ශණ වලදී හෙළිවී ඇති නමුත් එහි තිබී සොරකම් කරන ලද්දේ හෝ ගෙන ගොස් ඇත්තේ මොනවාද යන්න මෙතෙක් අනාවරණය වී නැත. 08 May 2017
මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි 6 දෙනෙක් අත්අඩංගුවේ පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් කිමිදුම් ක්‍රම භාවිතා කරමින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 08 May 2017
උතුරේ රැකියා විරහිත උපාධිධාරීහු 70 වැනි දිනටත් සත්‍යග්‍රහයේ තම රැකියා ගැටළුවට මෙතෙක් විධිමත් විසඳුමක් නොලැබීම නිසාවෙන් උතුරේ රැකියා විරහිත උපාධිධාරීහු 70 වැනි දිනටත් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සත්‍යග්‍රහයේ නිරතව සිටිති. 08 May 2017
ජෝන්ලාට අප අයින් කරන්න බෑ - රාජිත මේ ආණ්ඩුව හැදුවේ අපි. අපි හදපු ආණ්ඩුවේ වාඩිවූ ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා කැබිනට් ප්රකාශකධුරයෙන් මා ඉවත් කරන්නේ කොහොමද. මම කකුල් දෙක දෙපැත්තක තියාගෙන දේශපාලනය කරන කෙනෙක් නොවෙයි. මම ඉන්න තැන කකුල් දෙකම තියාගෙනයි දේශපාලනය කරන්නේ. කකුල් දෙක දෙපැත්තේ තියාගෙන දේශපාලනය කරන අය කියන කථා අපට අදාළත් නැහැ. 08 May 2017
ප්‍රංශයේ ජනපති තනතුරට මැක්රෝන් පත්වෙයි අන්ත දක්ෂිණාංශික මරීන් ල පෙන් පරාජයට පත් කරමින් ප්‍රංශ ජනාධිපතිවරණයෙන් තීරණාත්මක ජයක් ලැබීමට මධ්‍යස්ථ මතධාරි ඉමැනුවෙල් මැක්රෝන් සමත්විය. 08 May 2017
උතුරු කොරියාව තවත් ඇමරිකානුවකු අත්අඩංගුවට ගනී රාජ්‍යය විරෝධී ක්‍රියාවල නිරත වීමට උත්සාහ කළ බව සඳහන් කරමින් තවත් ඇමෙරිකා එක්සත් ජනපද පුරවැසියකු අත්අඩංගුවට ගත් බව උතුරු කොරියාව ඉරිදා (7) ප්‍රකාශ කළේය. 07 May 2017
දිගම්බරම්, තොණ්ඩමන් හැටන්හිදී ගැටෙති අමාත්‍ය පලනි දිගමිබරමි තමන් සමග ගැටුමකට පැමිණියේ යයි අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් හැටන් පොලිසියට පැමිණිලි කර තිබේ. 07 May 2017
ප්‍රමිත බණ්ඩාර ඒකාබද්ධ විපක්ෂයට එක්වෙයි මධ්‍යම පලාත් ක්‍රීඩා කර්මාන්ත යෞවන හා වනිතා කටයුතු අමත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වු ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් සමග පළාත් සභාවේ ස්වාධිනව සිටිමට කටයුතු කරන බව ලංකාදීපයට පැවැසිය. 07 May 2017
කොරියාවේ ධීවර රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ වැටුප් වැඩිකර ගැනීමට අවධානය කොරියානු රැකියාවල නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වැටුප් මට්ටම තවදුරටත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් එරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට රජයේ අවධානය යොමවී ඇතැයි දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටී. 07 May 2017
කෝටි 85ක් වැයකරමින් මහනුවරට තැලසීමියා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් තැලසීමීයා රෝගීන්ට ඇට මිදුළු බද්ධ කිරීම ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත තැලසීමියා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මහනුවර මහ රෝහල් පරිශ්‍රයේ ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 856 ක මුදලක් සෞඛ්‍යය අමාත්‍යාංශය විසින් වෙන් කරනු ලැබ ඇත. 07 May 2017
ඉන්දීය ධීවරයින් නිදහස් කරගන්නයි තමිල්නාඩු විපක්ෂ නායක ඉල්ලයි ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් පස් දෙනා නිදහස් කරගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස තමිල්නාඩු විපක්ෂ නායක එම්.කේ .ස්ටාලින් ඉන්දීය අග්‍රමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. 07 May 2017
අල්ලස් ගත්තැයි ගම්පහ පොලිසියේ තිදෙනෙක් අත්අඩංගුවට රුපියල් තිස් දහසක අල්ලසක් ගත්තැයි කියන සිද්ධියකට සැකපිට ගම්පහ මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු සහ සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 07 May 2017
ගුරුවරයාට ගැසූ ආදි ශිෂ්‍යයන් සොයයි ගම්පහ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරයකුට (26) පහර දුන් බව කියන පිරිසක් සොයා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. 07 May 2017
මත්වෙන්න බෙහෙත් පෙති වික්ක ඖෂධහලක් වටලයි හෙරොයින් මත්ද්‍රව්‍ය වලට ආදේශකක් බව කියමින් අධික මිලකට ඖෂධයක් අලෙවි කළ ඔසු සලක් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ කටුගසතොට පොලීසිය එක්ව වැටලීය. 07 May 2017
අවාරයට රාත්‍රී කාලයේ ශ්‍රීපාද වන්දනාවේ යෑම තහනම් ශ්‍රී පාද වන්දනා වාරය අවසන් වීමෙන් පසු අවාරේ රාත්‍රී කාලයේ ශ්‍රීපාද වන්දනාවේ යෑම තහනම් කිරීමට කටයුතු කරන බව ශ්රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ කියති. 07 May 2017
රුධිර පරීක්ෂණ ගැන බොරු පතුරුවන අයව සොයයි සෞඛ්‍යයට සම්බන්ධ ව්‍යාජ තොරතුරු පතුරුවන පුද්ගලයන් ගැන පරීක්ෂණ පවත්වන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත. 07 May 2017
අල්ලස්, දූෂණ මහජන පැමිණිලි විමර්ශන ලේකම් කාර්යාලය වසා දමයි අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් ඉදිරිපත් වන සෘජු මහජන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ලේකම් කාර්යාලය වසා දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ. විවිධ ආයතන සම්බන්ධයෙන් විමර්ශනය කරන මෙම ලේකම් කාර්යාලයට අගමැති කාර්යාලයේ වාහන පරීක්ෂණ කටයුතු යොදා ගැනීමෙන් මේ තත්ත්වය උද්ගත වී ඇතැයි වාර්තා වේ. 07 May 2017
ගාල් කිරීමට ගිය ගවයා ඇනීමෙන් අයෙක් මරුට ගව ප්‍රහාරයකට ලක්වූ වතු මුරකරුවෙකු ප්‍රතිකාර සදහා හලාවත මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව හලාවත පොලීසිය කියයි. 07 May 2017
බනිස් කෑල්ලක් සිරවී තුන් හැවිරිදි දැරිය මරුට බනිස් කෑල්ලක් පිට උතුරේ හිරවිමෙන් අසාධ්‍යව හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර සිටි තුන් හැවිරිදි වියේ පසුවන බිලිඳියක් අද ( 6 දා ) උදේ මිය ගිය බව හලාවත පොලිසිය කියයි. 06 May 2017
ගම්පොලින් පැහැරගත් දරුවා මඩකලපුවෙන් සොයාගනී ගම්පොළ ප්‍රදේශයෙන් පැහැරගත් කුඩා දරුවකු මඩකලපු පොලීසිය විසින් සොයාගෙන තිබේ. 06 May 2017
සමයං ඝාතනයේ සැකකරුවකුට බන්ධනාගාර නිලධාරීන් පහර දීලා අරුණ උදය ශාන්ත හෙවත් සමයං ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට සැකපිට ගම්පහ මල්වතුහිරිපිටියෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයාට බන්ධනාගාර නිලධාරීන් පිරිසක් පහරදුන් බවට බන්ධනාගාර කොමසාරිස්ට පැමිණිලි කර ඇත. 06 May 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026