වල් අලියා කාන්තාව පැදවූ රිය මතට ඇදවැටෙයි
හය මස් ගැබිණි ගුරුවරියක් පැදවූ මෝටර් රථයකට තලාව, මොරගොඩ, තේක්ක රක්ෂිතය ඉදිරිපිට දී වල් අලියෙකුගේ ගැටී එම අලියා මෝටර් රථය මතට ඇද වැටී සිදු වූ අනතුරකින් මෝටර් රථයට දැඩි හානි සිදුව ඇති අතර ගැබිණි කාන්තාව සහ ඇගේ තුන් හැවිරිදි දරුවා සුළු තුවාල ලබා බේරි ඇතැයි පොලිසිය කියයි.