(හර්ෂණ තුෂාර සිල්වා)
‘රාජ්‍ය සංගීත සම්මාන උලෙළ 2018’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.
එහිදි ලාංකේය සංගීතය වෙනුවෙන් කරන ලද සේවාව අගයමින් ආචාර්ය දයාරත්න රණතුංග මහතාට “සංගීතාභිමානී” යාවජීව සම්මානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිරිනමනු ලැබිණි.
මෙවර සම්මාන උලළේදී සංගීත ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා ශාස්ත්‍රීය ලිපි ඇතුළත් කරමින් “සංගීතාංජලි” නමින් සඟරාවක් ද එළිදැක්විණි. නිලාර් එන් කසීම් සහ දිනේෂ් කැටිපේආරච්චි යන මහත්වරු එහි සංස්කාරකවරු ලෙස කටයුතු කළහ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘රාජ්‍ය සංගීත සම්මාන උලෙළ 2018’ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ජනාධිපතිවරයා එහිදි යාවජීව සම්මානය ද ඇතුළුව සම්මාන හතරක් පිරිනැමිණි.
මෙවර රාජ්‍ය සංගීත සම්මාන උලළේදී සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් තර්ග ශීර්ෂ 29ක් යටතේ සම්මාන 24ක් පිරිනැමීය.
එහිදි ප්‍රශස්ත ගායනය පිරිමි (ඒකල) සම්මානය කමළිනී ගීතය ගායනා කළ දුමාල් වර්ණකුලසූරිය හිමි කරගත් අතර එහි ගැහැනු අංශයේ සම්මානය ‘සරා සඳ’ ගීතය ගායනා කළ ඩබ්ලිව් ප්‍රියංගනී දිනාගත්තාය.
ප්‍රශස්තම ගී තනු හා සංගීත නිර්මාණය සම්මානය ‘රිදුණු තැන්’ ගීතයේ තනු නිර්මාණය හා සංගීත නිර්මාණය කළ අරුණ ඉන්දික ගුණවර්ධන දිනාගන්නා විට ප්‍රශස්ත ගේය පද රචනය (විවෘත) අංශයේ සම්මානය හිමි කරගැනීමට සාමසර කන්ද ගීතය රචනා කළ රංජිත් කෝරළේ හිමි කරගත්තේය.
ප්‍රශස්තම ගීත දෘශ්‍යකරණය (අධ්‍යක්ෂණය - විවෘත) සම්මානය අමිල ජයලත් ද, ප්‍රශස්තම ළමා ගායනය (බාලක) රොෂෙත් රුවිඳු දම්සර ද ප්‍රශස්තම ළමා ගායනය (බාලිකා) මයුමි අයෝධ්‍යා ද දිනාගත්හ.
ප්‍රශස්තම “ළමා ගී” ගී තනු හා සංගීත නිර්මාණය මංජුල අරුණ බණ්ඩාර ද , ප්‍රශස්තම “ළමා ගී” ගේය පද රචනය එච්.ජී බන්දුලසිරි ද, ප්‍රශස්තම ජන ගී ආශ්‍රිත නව නිර්මාණ (විවෘත) සෝමරත්න දිසානායක විසින් ද දිනාගත්හ.
ප්‍රශස්තම නිර්මාණාත්මක ශාස්ත්‍රීය ගායනය (ඒකල - වයස අවුරුදු 18ට වැඩි) සහ ප්‍රශස්තම නිර්මාණාත්මක ශාස්ත්‍රීය වාදනය ((ඒකල - වයස අවුරුදු 18ට වැඩි) යන තරග ශීර්ෂ දෙකට සම්මාන ප්‍රදානය නොකළ අතර එම ඉසවු දෙක වෙනුවෙන් පිළිවෙළින් ජයනා තාක්ෂනා වනිගනායක සහ කල්ප කුමාර හෙට්ටිආරච්චි කුසලතා සහතික හිමි කරගත්හ.
(ඡායාරූප ඉෂාන් සංජීව)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසාන ඡායාරූපය හරිම සුන්දරය.
මෙවැනි සම්මාන පිරිනමන එක හොඳ දෙයක්. ශ්‍රී ලංකාවේ අග්‍රගණයේ කලා ශිල්පියෙක් ඉන්නවා භද්‍රජි මහින්ද ජයතිලක කියලා. එතුමාට පොත් ලිවීම, ගීත ලිවීම, ගීත ගායන, චිත්‍ර ඇඳීම, චිත්‍රපටි අධ්යක්ෂණ කිරීම සහ නොයෙක් කලාත්මක හැකියාවන් තියන විරල මිනිසෙක්... පසුගියදා රාවණා පුවත දෙවන වරටත්, කොළොඹ සරසිවියේ සිසුන් විසින් නෙලුම් පොකුණෙහි රංග දැක්වුවා. එතුමාගේ නිර්මාණයෙන් පිළිඹිඹු වුනේ රාවණ ඉතාම හොඳ යුග පුරුෂයෙක් බව. එතුමා ඇමරිකාවේ තරුණ තරුණියන් සමග විශාල වැඩ සටහන් කරන ඉතාම නිහතමානි විරල ගණයේ මිනිසෙක්. ලැබුණු හැමවිටම ලංකාවට පැමිණ සමාජය යහමග යැවීමට ඔහු දරන වෑයම ඉතා අගනේය. මට හමුවුණු මේ මිනිසා මම දැක්කේ අහිංසක කලාකරුවෙක් ලෙස මේ කලාකරුවාගේ වටිනා සේවය පිළිගැනීමට කවුරුත් නැද්ද?