(අංජුල මහික වීරරත්න)
සේවා කර්මාන්ත අපනයන සහ සංචාරක අංශ වලින් වැඩිපුර රැකියා අවස්ථා නිර්මාණය කරමින් දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කරගෙන ජාත්‍යන්තර දික් විජය කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බණ්ඩාරගම මිල්ලනියේදී අද (22) පැවසීය.
වර්තමානය වන විට ආනයන භාණ්ඩ සමඟ තරග කරීමට තරම් ශ්‍රී ලාංකික කර්මාන්ත ශක්තිමත් වී තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කිවේ බණ්ඩාරගම මිල්ලනිය උස්වත්ත බිස්කට් නව කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
විදුලිබල හා පුනර්ජිවනිය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමසිංහ මහත්වරුන්ද මෙම අවස්තාවට සහභාගී වුහ.
ඡායාරූප - ඉෂාන් සංජිව




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න ...............
තව අවුරුදු කීයකින්ද?
විස්කෝතු හද හදා ඉඳලා නම් "මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතුව නව හිට්ලර් කෙනෙකු යටතේ ආරම්භ කෙරෙන හමුදා පාලනය" නවත්වන්න පුළුවන් වෙන එකක් නම් නැතිවෙයි. ඔබතුමාලමනේ කටින් බතල හිටව හිටවා කාලය කන ගමන් අනිත් පැත්තෙන් " මාපිල්ලු" හුරතල් කරනවාය කියල කියන්නේ. තව කී කාලයක්ද ඉතුරුවෙලා තියෙන්නේ. තේරුණාද?
මාසේ පෝය ලඟද මන්දා ??
වොක්ස්වැගන් ෆැක්ටරිය මෙහෙ දැම්මා වගේද කියාලා අහන්න හිතුනා.
රාජකීය අවස්ථා නිර්මාණය කරන්න කොහොමවුණත්, ඇමතිවරුන් නම් පැටව් දානවා. ඒ අවස්ථා නම් නිර්මාණය කරලයි තියෙන්නේ.
අගමැතිතුමා ඔය පොඩි දරුන්ට ඕවා කියලා තේරුමක් නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න ගොන්රැලට කියන්න.
ජාත්‍යන්තරය ජය අරන් දුන්නොත් නියමයි. ලොකු දෙයක්
විශිෂ්ට ප්‍රකාශයක් අගමැතිතුමනි, පංචවිධ ප්‍රතිපත්තිය ඔස්සේ තිරසාරසංවර්ධනයක්, අතමිට සරු ආර්ථිකයක්, රැකියා ලක්ෂ 10 බිහි කරේ ඔබතුමාගේ නායකත්වය නිසා.
ජයගැනීම කොහොම උනත් පාවාදීම නම් කරන්න පුළුවන් බව අපි දන්නවා 2005 අපි 99 යෙන් බේරුනේ.
අපි බත් කන බූරුවෝ කියලා හිතෙනවා අයියෝ.
ජාත්‍යන්තරය ජය ගැනීම යන කියමන මම දන්නා කාලේ ඉදලා මෙතුමාගෙන් අහපු සුන්දර වදනක්. නමුත් ඉතින් ගහපු පදයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැවගේ තමයි.
ජාත්‍යන්තරය ජය ගැනීම යන කියමන මම දන්නා කාලේ ඉදලා මෙතුමාගෙන් අහපු සුන්දර වදනක්.නමුත් ඉතින් ගහපු පදයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැවගේ තමයි.
ලංකාවේ කොටි ජයගන්න බැරිඋන හාදය කොහෙද ජාත්‍යන්තරය ජය ගන්නේ. විකාර කියනවා සුපුරුදු පරිදී
නිදහසින් පසු ගොඩනගපු දේශීය ව්‍යාපාර පිළිබඳ අපට හොඳ අවබෝධයක් නැහැ.
බෙරේ පලුවකුත් නැ නටපු නැටුමකුත් නැ..........කටින් බතල කොළ හිටව හිටවා ලැබුණු පිනා චාන්ස් එක ආරක්ෂා කරගන්න නන් දොඩවනවා.