‘කොටි ලේබලය ගසා ප්රියයන් සැමරීම වළක්වන්න බෑ‘
තරාතිරම හා දේශපාලන විශ්වාසයන් නොතකා තම ප්රියයන්ගේ වෙන්වීම සිහිපත් කිරීම සෑම පවුලක්ම සතු අයිතියක් බවත්, මිය ගිය තැනැත්තා එල්ටීටීඊ සාමාජිකයකු වූයේය යන්න හේතු පාදක කොට ගෙන කිසියම් පවුලක එම අයිතිය අහිමි කිරීම නොකළ යුතු බවත් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත දන්වා යවා තිබේ.