මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණයේදී මරණ තර්ජනය කර බැන වැදීමේ සිද්ධියට වරඳකරු වී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි හෝමාගම මහෙස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා අද (22) නියෝග කළේය.
ඥානසාර හිමියන්ට විදෙස්ගමන්ද තහනම් කළ මහෙස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් ආගමන විගමන පාලකට දැනුම් දෙන්නැයිද නියෝග කළේය.ඥානසාර හිමියන් අධිකරණයට රැගෙනවිත් සිටියේ නැත.
ඥානසාරහිමියන්ට ඇප බැඳුම්කරයන්ට අත්සන් තැබීම සඳහා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරිය වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට ෆැක්ස් පණිවිඩයක් මගින් මීට සුළු වේලාවකට පෙර දැනුමි දුන්නාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" වොයිස් කට් " වලින් දැන් දෙයි ආණ්ඩුවට ............
හිරේ දාපු අයව එළියට දාන පුදුම රටක්? අර ගැහැණු මනුස්සයට නියමෙට නීතිය ඉෂ්ට වුණා. මිනිහත් නැහැ නීතියත් නැහැ. දැන් ඉතින් නායකයින් පතුරු ගහයි..
ඉතින් නඩු අහන එකේ තේරුමක් තියෙනවද? සියලු සිරකරුවන්ට ඇප දුන්නොත් නරකද?
එක්නැලිගොඩ මහත්මිය කරලා තියන ප්‍රකාශවලට නීතියට එකඟද මහේස්ත්‍රාත්තුමනි? අපේ හාමුදුරුවන්ට තිසරණ සරණයි.
බෞද්ද අයට වෙනම නීතියක් ඇයි? මේ රටට ඕනේ ශර්යා නීතිය..
හාමුදුරුවන්ට හත් දවසක් පිරිත් කියලා ඒ පිරිත් පැන් වලින් නාවලා තමයි පන්සල ඇතුළට වද්ද ගන්න වෙන්නේ...
තෙරුවන් සරණයි හාමුදුරුවනේ...!!!
අනගාරික ධර්මපාලයන්ටත් පිස්සෙක්, ජාතිවාදියෙක්, අමනයෙක්.. ලෙස එදා හංවඩු ගැසුවත් අද ඒ තිත්ත.. ඇත්ත වෙලා.. ඔබ වහන්සේට මෙවන් අකටයුතුකම් සිදුවීම ගැන පශ්චාත්තාප වීමට සිදුවීම සාමාන්‍යයි. ඉවසා වදාරනු මැන....
ලෝකෙටම විහිළු සපයන මුග්ධයින් සිටින රටක කොහොමද හරිහැටි නීතියක් ක්‍රියාත්මක වෙන්නේ? ඕනෑම වැඩක් කරලා චීවරයක් ඇඟට ඔතා ගතහොත් දිනුම්. රටේ ජනතාව මේවා ආදර්ශයට රැගෙන ක්‍රියා කිරීම තුළින් සතුටින් පිරුණු, ඉතාමත් ප්‍රීතිදායක ජනප්‍රිය චරිතයක් බවට පත්වී, මේ සිරි ලංකාව තුල චිරාත් කාලයක් යහමින් වැජඹිය හැකියි...
බොහෝ තැන්වලින් ආශීර්වාදය ඔබවහන්සේට ලැබුණා. ඔබවහන්සේට තෙරුවන් සරණයි...!!
අනාගත ජනාධිපති හිමියන්ට ජයවේවා!!!
අධිකරණ තැබැරුම් කරවූ , බන්ධනාගාර සුපර් මාකට් කරවූ....
අපි වගේ කෙනෙක් හිරේට ගියානම් ගියාමයි
මේ ලියන මමත් බෞද්ධ කාන්තාවක්... නමුත් හාමුදුරුනමක් වෙච්ච හාමුදුරුවරු සංවරත්වය තියෙන්න ඕනෑ. සිවුරේ බලය පෙන්වන්න මොකද්ද කරන වැඩේ මොන වැඩේ කරලා හරි කසාවත ඇඳ ගත්තා කියලා ඕනෑම නිදහසක් තියෙනවාද? ඔවුන්ට හිරගෙවල් නෙමෙයි පන්සල්වලින් යවන්න ඕනෑ.. සිවුර දාගෙන රැවුල් කොන්ඩ වවාගෙන සිවුරක් දමා ගත්තාම හාමුදුරුනමක් වෙනවද? ඇයි මේක වැරැද්ද මනුස්සයන්ට තියෙන්නේ ඔය පුද්ගලයා විතරද? හිරේට වෙන කොච්චර නිවැරැදි මිනිසුන් ගිහිල්ලා තියෙනවද?
ඔබ වහන්සේ අපේ රට, ජාතිය බේරාදුන් වීරයාය.. මොන කළු සිංහලයෙක් ඔබ වහන්සේට මඩ ගැහුවත්, පර සුද්දගේ නීතියෙන් හිරේ දැම්මත් සත්‍ය වහන්න බැහැ.. නුඹලාට මේවා තේරෙනකොට තව කලක්යාවි!!!
එක්නැලිගොඩ මහත්මියට මොකද්ද සිද්ධ වුණේ? ඡන්ද කාලෙටත් ඕක හොද මාතෘකාවක් වෙයි. දුප්පත් මනසින් කොයි දේ සිදුවෙයිද? මහින්දගේ සිල් රෙදි නඩුවට නඩු තීන්දුව දුන්නට පස්සේ මිනිස්සුන්ට ඇප දුන්නා... දුප්පත් මනුස්සයෙකුට මොනවද වෙන්නේ?
හාමුදුරුවන්ට එක නීතියක් සාමාන්‍ය මිනිසුන්ට තව නීතියක් ... රන්ජන් ඔබ කිව්වේ ඇත්තකි .
අපේ හාමුදුරුවන්ට බුදු සරණයි... මේක සිංහල බෞද්ධ රටක්... හාමුදුරුවන්ට අත තිබ්බොත් වැඩ වරදියි.
පසුගිය දිනක දුමින්ද දිසානායක හිරගෙදරට ගිහින් එළියට ඇවිත් සිකුරාදාට ඇප දීලා එළියට ගන්නවා කියලා මාධ්‍යයට ප්‍රකාශ කළා.
දැන්, සන්ධ්‍යා එක්නැලිගොඩ සමග මාෆියාවේ කල්ලිය වෛරයෙන් පසුවන නිසා ඒ මනුස්සයාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීම නුවණට හුරුයි. හැබෑටම මේක බෞද්ධ රටක්ද?
පහුගිය රජය අධිකරණය = යහපාලන කාලයේ අධිකරණය ඇත්තටම කණගාටුයි. අනිත් සියලු සිරගත කළ අයටත් ඇපදෙන්න බැරිද?
හිරේ ඉන්න සියලු දෙනාටම ඇප දුන්නා නම්, විශාල ලෙසින් මුදල් ඉතිරි කරගන්න පුළුවන්..
අපි හිතුවේ අධිකරණය ස්වාධීන වෙලා කියලයි අපිට වැරදිලා.
නීතිය සැමට පොදුය කියන මතය මෙතනදී බොරු වෙනවා.
එක්නැලිගොඩට අපි කියනවා ඔහුට කළ අසාධාරණය ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කරන්න කියා...
ශාසනයක් කුමකටද? මේක එදා රතුපස්වල ජනතාවට වෙඩි තියලා මරපු වෙලාවේ, ගෝඨාභයව බේර ගන්න කිව්වා.. මමයි ආරක්ෂක ලේකම්ට කතාකරල කිව්වේ හමුදාව එවන්න කියලා.. මෙයා පැත්ත පළාතක හිටියේ නැහැ. එහෙමයි එදා අපරාධ අනුමත කළේ... පිට කොන්දක් නැති ආණ්ඩුවක්... හම ගහන්න ඕනෑ කරන අපරාධයට...
මෙතන තිබෙන සමහර බයියෝ ටිකගේ අදහස් දැක්කම ලංකාව මේ කපේට ගොඩගන්න බැරිබව ස්ථිරයි. මේ මිනිස්සු හැමදේම දකින්නේ තමන් "අදහන" දේශපාලනය තුළ සිටයි. වැරැද්දට වැරැද්ද කියන්න බැරි තරමට මිනිස්සුන්ගේ කොඳු ඇට කුඩුකරලා. අදහස් දාන්න කලින් බලන්නේ අපේ පක්ෂේ ලොක්කා මොකෝ කියන්නේ කියලා. ඉතින් රටක් විදිහට ඉස්සරහට තියා පස්සටවත් යන්න බැහැ.... එකම මඩ ගොහුරේ එරිඑරී පල්වෙනවා හැරෙන්න.
ඇත්තේන්ම චානක ඔබ ශ්‍රි ලන්කාවේ උපන් කෙනෙක් ද ?
බමුණුආරච්චි මහත්මයා ඔහොමද බොදු සිංහලකම ආරක්ෂා කරන්නේ ? මෙතන ලියන කාන්තා පාර්ශවයට අපහාසයෙන් කතා කරලා. රට වෙනුවෙන් වැඩට බහින්නත් ඉස්සෙල්ලා මව් කුසක ඉපදෙන්න ඕන නේද ? එම නිසා ඔබතුමා බමුණු ධර්මයට අනුව යමින් කාන්තාවට අපහාස උපහාස කරමින් ඔවුන් පහත කරන කෙනෙකු නොවේ යයි අපගේ විශ්වාසයයි.
අහෝ දෙවියනි ඔබ කොහෙද ?
මේ රටේ හාමුදුරු කෙනෙක් හිරේ ඉන්නවට අපි කැමති නැහැ. නමුත් හාමුදුරු කෙනෙක්ගේ විනය පිළිබධව සම්පුර්ණ වග කිවයුත්තේ ඒ පිළිබධව කටුතු කරන සංඝ පාර්ශවය මගින්. මේ රටේ තවත් සංඝයා වහන්සේලා අතින් කොච්චර වැරදි අපි දකිනවද? මේ රට හැදෙන්න නම් සංඝ නිතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ.... සංඝයා වහන්සේලාට පවා නිතිය කරවන හැටි දොස් නගන්න වෙලා තියෙන්නේ මහජනයට.
දැන් නම් ආතල්... හිරේ යන්න බය උන කාලේ ඉවරයි.