(පද්මා කුමාරී කංකානම්ගේ )
නොරොච්චෝල ලක්විජය ගල් අගුරු බලාගාරයේ ගල් අගුරු අංගනය වටා ඉදි කිරීමට යෝජිත සුළං බාධකය සඳහා මුල්ගල තැබීම විදුලි බල හා බලශක්ති පුනර්ජනනීය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා අද (22) බලාගාර පරිශ්‍රයේ දී සිදුවිය.
ගල් අගුරු අංගනයේ ගබඩා කර ඇති ගල් අගුරු කුඩු සහ දූවිලි අසල්වැසි ගම්මානයන් කරා සුළඟින් ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් මෙම සුළං බාධකය ඉදිවෙන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
මීටර 15 ක් උසින් හා මීටර 1200 ක් දිගින් ඉදිවෙන මෙම බාධකය මගින් ගල් අගුරු අංගනයේ දකුණු හා නැගෙනහිර දිශාව ආවරණය කරනු ලබයි.
වසරක් තුළ මෙම ව්‍යාපෘතිය නිම වීමට නියමිත බවත් මේ සඳහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 525 ක් වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මලයට කියන්න... වැඩේ නම් හොඳයි... මෙසේ විමසනවට අමනාප වෙන්න එපා.. (මනාපේ නම් කොහෙත්ම නෑ තමා) දැන් එතකොට ඔය "සරල උත්සවයට කීයක් විතර වියදම්" වුනාද? අහිතක් හිතන්න එපා.. මලයලා ඉතින් හරිම දුප්පත්... එදා වේල බොහොම අපහසුවෙන් හරිකර ගන්න හාදයොනේ. ඉතින් මුදල් අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න ලජ්ජා වෙන්න එපා අපි පුළුවන් විදියකට එවන්නම්...
මේ කාලකන්නි හැමදේකටම අායෙත් මුල්ගල් තියෙනවනේ... මොන මගුලකටද?
නරකම නැහැ. වර්ගමීටර් එකක් සඳහා රු. 29,166.67. ගසාකෑම් නැතිව ඇති...
මේක බොරු වියදමක් අපි දන්නා තරමින් ඒක නිෂ්පල ක්‍රියාවක්. මේ රටේ නම් වතුර ඉසින එක තමා කරන්නේ. බැමිවලින් සුළගේ ඇති දුහුවිලි නතර කරන්න බැරිබව අපි දන්නවා. ලංකාවේ අලුත් තාක්ෂණය අපට කියල දෙන්න පුළුවන්ද?
ගල් අඟුරු බලාගාරය යෝජනා කරන විට ශක්‍යතා වාර්තාවේ සුළඟ බාධකයක් ගැන සටහනක් නැත්ද? තවත් කොටි 75ක්.මුලින් විශේෂඥ උපදෙස්වලට කොපමණ මුදලක් ගෙවා තිබේද?