(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේ දී ප්‍රදේශවාසීන් එක්ව වඳවී යාමේ තර්ජනයකට ලක්ව ආරක්ෂා කළ යුතු වර්ගයේ දිවියකු මරා දැමීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව උතුරේ පරිසරවේදීහු පවසති.
පරිසරවේදීහු කියා සිටින ආකාරයට මෙම වඳවී යන ආරක්ෂා කරගත යුතු වර්ගයේ සිටින දිවියා යම් කිසි පුද්ගලයකු මරා දමන්නේ නම් ඔහුට එරෙහිව රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා මුදල් දඩයක් ද වසර දෙකේ සිට වසර පහක් දක්වා වූ සිර දඬුවමක් ද නියම කළ හැකි බවයි.
එමෙන්ම කිලිනොච්චිය වනජීවී නිලධාරීන්ද දිවියා ආරක්ෂා කරගැනීමට අවස්ථාවට උචිත නොවන ආකාරයකට රාජාකාරි සිදුකර ඇති අයුරු පෙනෙන්නට නොමැති බවක් පෙනී යන අතරම දිවියා මැරීමට දායක වූවන් වීඩියෝ පරික්ෂා කර හෝ හඳුනාගත යුතු අතරම වනජීවි නිලධාරීන් වෙනුවෙන්ද වෙනම පරික්ෂණයක් සිදු කළ යුතු බවට උතුරේ පරිසරවේදීහු වැඩිදුරටත් කියා සිටියහ.
අම්බාල්කුලම් ප්‍රදේශයට ඇතුල් වූ දිවියා ඊයේ (21) දින පළමුව එළුවන් පිරිසකට පහර දී වැසියන් සිව් දෙනෙකුටද පහර දීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ අතර පසුව වනජීවි නිලධාරීන් පැමිණ දිවියා ඇල්ලීමට යාමේදී දිවියා පහරදීම හේතුවෙන් වනජීවි නිලධාරියකු තුවාල ලැබීමත් සමඟ වනජීවි නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත්තේ දිවියා ඇල්ලීට අවශ්‍ය පිරිස් හා උපකරණ රැගෙන ඒම සඳහාය.
නමුත් වනජිවි නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත්වීමත් සමඟ ප්‍රදේශවාසීන් නැවත දිවියා සෙවීමට යාමේදී දිවියා විසින් නැවත වරක් පහර දීමෙන් සාමාන්‍ය වැසියන් පස් දෙනෙකු තුවාල ලැබූ අතර දිවියාගේ පහරදීමෙන් තුවාල ලැබූ මුළු ගණන 10 ක් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම මේ උන්මන්තකයින්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.. ඔවුන්ගේ මේ අමනුෂ්‍ය ක්‍රියාව ඕනෑම මොහොතක වෙනත් සාමාන්‍ය මනුස්සයෙක්ට වුවත් ඔවුන්ට කළ හැකියි. මෙවැනි අමනුෂ්‍යයින් වහවහා මෙල්ල කිරීමට ගරු නීතිය ඉදිරියට පමුණුවන්න...!!! නැතිනම් මේ රටේ මෙවැනි සත්වයින්ගේ අංශුමාත්‍රයක්වත් ඉතිරි නොවේවි...!!!
දැන් බලන්න පුළුවන් නීතීය නැමෙන හැටි...
එතකොට දිවියාගෙන් පහරට ලක් අය වෙනුවෙන් දිවියාට නීතිය ක්‍රියාත්මක කරන්න
"ප්රශ්නය අනුන්ගේ වෙනතුරු උත්තරය දාර්ශනිකයි" කියනවනේ. නගරය මැද යකඩ වැටවල් තාප්ප බැදගෙන සිසිටීවි කැමරා හයිකරගෙන ඉන්න, වාහනවල නැගලා සත්තු බලන්න යන අය අහිංසක ගම්වල මිනිස්සු විදින දුක, පරාන බයෙන් ජීවත්වෙන විදිහ නොදන්නා අය අර මිනිසුන්ට අපහාස කරනවා. දොරක් වෙනුවට ගෝනි පඩන්ගුවක් එල්ලපු කටුමැටි ගහපු ගෙවල්වල ඉන්න මිනිස්සුන්ට කොයි මොහොතේ අලියෙක් දිවියෙක් ගෙට කඩා පැනලා පවුලම අමු අමුවේ මරා දායිද බයෙන් මිනිස්සුන්ගෙන් මෙයට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද ? පෙර පාසල් දරුවෝ පාසල ඇරිලා ලදු කැළෑ මැදින් කිලෝමීටර 4-5 තනියම පයින්ගෙදර එන විට තම දරුවා අලියෙක් කොටියෙක් පහරදී මරා දැමු විට රජයෙන් රුපියල් හා පහළොස් දහසක් ගෙවන රටක, උදේ හවා තම දරුවා කාර් එකෙන් පාසලට ගිහින් දාන මස් කිලෝ ගණන් ගිලින මහා අය සත්ව කරුණාව පහලවෙලා දාන සද්දේ ඇහෙනකොටත් හිරිකිතයි.
කරයි කරයි බලාගන ඉන්න. දකුණේ වුනා නම් මෙලහකට දඬුවම් කරලත් ඉවරයි.
අනිවාර්යයෙන්ම මේ පොලු උදලු අරගෙන ආපු මේ කාලකන්නි අමන කකුල් දෙකේ මුර්ග රැලට නීතියක් ක්‍රියාත්මක විය යුතුය. යහපාලනයක් තිබෙනවා නම් මේ අයට දඬුවම් දිය යුතුය. මෙවුන්ගේ තිරිසන් ගති මේ කළ අපරාධයෙන් මනාව පැහැදිලි වේ...
පියවර ගතයුත්තේ ජනතාවට නොව, වනජීවී නිලධාරීන් ඔවුන්ගේ වගකීම පැහැර හැරීම වෙනුවෙන්... මෝඩ කමෙන්ට්ස් නොදමා ඔය ඒසී කාමර වලින් එළියට ඇවිත් ජනතාව විඳින දුක දිහා බලන්න. දිවියා සම්බන්ධයෙන් දුකයි. හැබැයි කළයුත්තේ වනජීවී නිලධාරීන් ඔවුන්ගේ රාජකාරිය හරියට ඉටු කිරීමයි.
පහුගිය කාලේ ගම්මානවලට පැනලා පොඩි දරුවන් පවා කපලා කොටලා දාපු මිනිස්සුන්ට දිවිය මහකජ්ජක්ද?
'...එමෙන්ම කිලිනොච්චිය වනජීවී නිලධාරීන්ද දිවියා ආරක්ෂා කරගැනීමට අවස්ථාවට උචිත නොවන ආකාරයකට රාජකාරි සිදුකර ඇති අයුරු පෙනෙන්නට නොමැති බවක් පෙනී යන අතරම...' - මේ අපබ්රංශයෙන් කියැවෙන්නේ වනජීවී නිලධාරීන් හරියට රාජකාරිය කරලා කියලා නේද..?
කන්දෙපොළ ඔව් ඔව්, ඔය භාෂාව වැඩිපුර තියෙන්නේ උසාවියේ නඩු තීන්දු වල...
ඔය කයිය ගහන අයට පොඩි හරි තුවාලයක් වුනානම් ඔය දිවියගෙන් බලන්න තිබුණා. දැන් ඔය කියන කථා කියයිද කියලා...
තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමති ගියානම් ප්රශ්නය විසදන්න තිබුණා .දැංවත් එයාට යන්න කියන්න මාධ්‍ය සංදර්ශනයක් පවත්වන්නත් එක්ක.
මේ සත්ත්ව විශේෂය "දිවියා" යනුවෙන් හැඳින්වීම වැරදියි. නිවැරදි යෙදුම "කොටියා". විද්‍යාත්මක නාමය Panthera pardus kotiya. ඉස්සර කිව්වෙ "කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ කියලා". LTTE සංවිධානය ව්යාඝ්රයෙකුගේ රූපයක් ඔවුන්ගේ ලාංඡනය ලෙස යොදා ගෙන, ඔවුන් "දෙමළ විමුක්ති කොටි" ලෙස හඳුන්වා ගන්න පටන් ගත්තට පස්සෙ තමයි අපේ රටේ ඉන්න කොටියා දිවියා වෙලා ඉන්දියානු ව්‍යාඝ්‍රයා අපට කොටියා වුණේ.