ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානයේ දී දිවියා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය පුළුල් පරික්ෂණයක් පවත්වන බව සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) පැවසීය.
සභානායකවරයා ඒ බව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සහ හිටපු වනජිවී ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් දැක්වු අදහස් වලට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොද තීරණයක්. ඒවගේම " පරිසර ඝාතනය " ගැන කවුද පරීක්ෂණ කරන්නේ ?? අල්ලපු රටේ රජයද ? නැත්නම් දිව්‍ය ලෝකයේ තියෙන රජය ද ?? එසේත් නැත්නම් අපායේ තියෙන රජයද ???
දිවියා ඝාතනය ගැන රජයේ පරීක්ෂණය අනිවාර්යයෙන් කල යුතුයි. ඒ වගේම දිවියා පහර දී තුවාල සිදුවූ ජනතාව ගැනත් පරීක්ෂා කළ යුතුයි.
රටේ වෙන ප්‍රශ්න නැද්ද බ්‍රදර් කතාකරන්න. මාර රටක් මේක...
අපේ පැත්තේ රිලවෙක් මරා දාලා.., රජයෙන් පුලුල් පරීක්ෂණයක් ඕනේ..
ලංකාවේ මිනිසුන්ගේ නොමිනිස්කම මතුවී නීතිය වල් වැදී ඇතිබව මේ පළකර ඇති දසුන් වලින් මානවට පැහැදිලිවේ. වනසතුන්ටත් වඩා පහත් මානසික තත්වයකින් කටයුතුකර ඇති බව පැහැදිලිවේ. පොලිසිය පැමිණ ගම්වාසීන් විසිරුවා හැර වනජීවි නිලධාරීන්ට ඔවුන්ගේ රාජකාරිය කිරීමට වතාවරණය සකස් කරදිමවෙනුවට වනජීවි නිලධාරීන් සහ පොලිසිය ගම්මුන්ට කොටියා හෝ දිවියා අල්ලා ගැනීමට ගැනීමට බාරදී ඔවුන්ගේ රාජකාරිය මගහැර ඇතිබව මනාවට පෙන්නුම් කර ඇත. කොටියා හෝ දිවියා මරා දැමීමට අවස්ථාව සලසා දුන් වනජීවි නිලධාරීන් සහ පොලිසිය නිතිය නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීම සම්බන්දව රජය විසින් පරීක්ෂණයක් කළයුතුව තිබේ. මිනිසුන් නීතිය අතට ගන්නේ නීතිය ක්‍රියාත්මක කරන අයවලුන්ගේ නිසි මැදිහත්වීම නොමැතිවීම බව කණගාටුවෙන් කිවයුතුමය.
ඔය පළාත්වල සමහර කල්ලි '80/'90 දශකයේ පර්යන්ත ගම්මාන වල ජීවත් වූ දරුවන්, ගැහැනුන් සහ මිනිසුන් අමු අමුවේ කැති වලින් කොටා ඝාතනය කළ අකාරය සිහි කළොත්, මේ මිනිසුන් ඔය දිවියා ඝාතනය කළ ආකාරය ගැන පුදුම වෙන්නේ නැහැ.
කෝ මේ චන්ඩි ඇමැතිතුමා. බැරිද ගිහින් අල්ලන්න...
සිවුපා සත්වයකුව සිට ඇවිදයාම සඳහා අත්දෙක නිදහස්කර කශේරුඛාව ඍජු කරගත් මානවයාගේ මුල්ම කාලය සිහිපත් කරවමින් හැසුරුණු මිනිසුන්ගේ වනචාරි හැසිරීමක් දුටුවෙමි.
විකාරද ඇමතිතුමෝ...? සුළුජාතිකයින් වැරදිකාරයො වුනෝතින් සංහිඳියාවට හොඳ නැහැනේ.., හරියට ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් වගේ...
මුලින්ම වන විනාශ කරන්න අවසර දෙන අයම අන්තිමේ මේ ගැන කතා කිරීමෙන් පලක් නැත. මේ රට යුද්ධය පවතී කාලයටත් වඩා අන්ත දරුණු දුෂිත තත්වයකට මේ වන විට පත්ව ඇත.
දිවිය කියන්නෙ ලංකාවෙ පරිසර පද්දතියෙ දුර්ලභ හා වඳවියන සත්වයෙක්ත උෟ අපේ රටට ආභරණයක්. රටක් රකිනව රටට ආදරය කරනව කියන්නෙ අන්‍ය ජාතීන්ට එරෙහිව ඝෝෂා කරන එක නොවේ. රටේ සම්පත් රටේ පරිසර පද්ධතිය වගේ දේවල් ආරක්ෂා කර ගන්න එකට බව මෙතන කොමෙන්ට් කරන සමහර අයට අවබෝධයක් නෑ. තව ගෝත්‍රික යුගයෙ ඉන්න අය වගේ. අලි ගැන කථා කරන අපේ වන ජීවි ඇමතිතුමා කොටි ගැන කතා කරන්නෙ නැති එකයි ඇත්තම ප්රශ්නය.