(ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතු ඇමෙරිකානු ඩොලර් තොගයක් නීතිවිරෝධී ලෙස චීනයට රැගෙන යෑමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (21) දින සවස කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොහු 54 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි . මීට දින දෙකකට පමණ පෙර මොහු ඕමානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි.මොහු අද (21) පමණ චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.884 දරණ ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මොහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ රුපියල් 96,60,000 ක් පමණ වටිනා ඇමෙරිකානු ඩොලර් 60,000 ක් සගවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජාබීර් මහතාගේ උපදෙස් මත රේගු අධිකාරී එස්. විකුමාරන් , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන ඕ.ජේ.ඔබේසේකර සහ විරාජ් විජේවර්ධන යන මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd