(නිමල කොඩිතුවක්කු )
ආණ්ඩුවෙන් ඉවත් වු 16 කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සිදු කෙරෙන විශේෂ සාකච්ඡාවක් මහරගම පිහිටි මහජන එක්සත් පෙරමුණු කාර්යාලයේදී මේ වන විට පැවැත්වේ.
16 කණ්ඩායම නියෝජනය කරමින් සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා,තිලංග සුමතිපාල,චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන යන මන්ත්‍රීවරු මේ වන විට මෙම සාකච්ඡාවට එක්ව සිටිති.
(ඡායාරූපය -ඉෂාන් සංජීව )


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද ඔය හැටි සාකච්ඡා කරන්න තියෙන්නේ... මේ ගොල්ලෝ හැමදාම හිටියේ මහින්ද රාජපක්ෂ එක්කයි. ඉතින් ඔය හොර ගල් අහුලන එක නවත්තලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත වතාවක් මහින්දට ලබාදෙන්න කටයුතු කරන බව කෙලින්ම කියල වැඩට බැස්සොත් නේද හොඳ? මහින්දට පක්ෂය අරගෙන දුන්නොත් ඔය කියන මාපිලුන් ඕනෑ වෙන්නෙත් නැහැ, හිට්ලර්ලා ඕනෑ වෙන්නෙත් නැහැ. හමුදා ආණ්ඩු ඕනෑ වෙන්නෙත් නැහැ. වැඩේ දන්නා කෙනාට කලින් කරපු දේවල් ඊටත් වඩා හොඳින් කරගෙන යන්න ඉඩ දීල දෙන දෙයක් අරගෙන බයක් හැකක් නැතුව හරි හම්බ කරගෙන සතුටු සිතින් යුතුව කට වහගෙන යහතින් වැජබෙන්න ඇහැකිනේ. නැද්ද මන් කියන්නේ? දියරෙද්දෙන් බෙලි කපන්න දැඟලුවා දැන් ඇති මගේ හිතේ.
අපි රෙදි සෝදන්නේ, වළං හෝදන්නේ, කඩේ යන්නේ කවුද, කොහොමද කියලා කතා කර ගත්තා.
මොන සාකච්ඡා කළත් පිලිප් ගුණවර්ධනට නිගා දෙන්න එපා.