(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
දේශිය ව්‍යාපාරිකයා නගා සිටුවීමට ආණ්ඩුව කටයුතු කරන බවට විෂයභාර ඇමැතිවරුන් මොන කතා කියුවත් විපක්ෂය කියන ලෙසම දේශීය ව්‍යාපාර කඩා වැටී ඇතැයි වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති චම්පික ප්‍රේමද්‍රාස මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
දේශීය ව්‍යාපාර කඩා වැටී ඇති බවට ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයෙන් පසු එය එසේ නොවන බව විෂයභාර ආමාත්‍ය රීෂාඩ් බදුර්දීන් මහතා සහ සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් කළ ප්‍රකාශයෙන් පසු රාජ්‍ය ඇමැතිවරයා ඒ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශිය ව්‍යාපාර කඩා වැටුණේ අද, ඊයේ ඉඳලා නොවේ.1977 ජේ.ආර් විවෘත්ත ආර්ථිකය ඇති කිරීමත් සමග මේ රටේ දේශිය ව්‍යාපාර හා කර්මාන්ත කඩා වැටීම ආරම්භ වූ අතර අද දක්වා බලයට පැමිණි පාලකයෝ දේශීය ව්‍යාපාර හා කර්මාන්ත නගා සිටුවන බවට කතා කීවට ඔවුන් කිසිවෙක් ඒ සඳහා මැදිහත් වුණේ නැහැ.
දේශීය ව්‍යාපාර? කිසිම පරීක්ෂණයකින් හා ප්‍රමිතියකින් තොරව රට තුලට ගෙනෙන භාණ්ඩ ප්‍රමාණය දිහා බැලුවම පෙනෙයි දේශීය ව්‍යාපාර වලට වෙලා තියන දේ. ආනයන සහ අපනයන පාලකවරයෙක් ලංකාවේ ඉන්නවද?
ඔබ අ.පො.ස උ.පෙළ සමත් වූවාද?
සත්‍යපාල කාලෙකින් හොඳ ඇත්ත දෙයක් පලකරලා.
දේශීය ව්‍යාපාර කඩා වැටීමට එක් හේතුවක් නම්, අද වැඩිවී තිබෙන බැංකු ණය පොලී අනුපාතයයි.
ඔබ කතා කලේ බීඩි ගැන ඕක රටට වැඩක් ඇති වැඩක් ද.?
මොන පිස්සුද? දේශීය ව්‍යාපාර දියුණු කලොත් හා ආනයන නතර උනොත් කොමිස් වලින් යැපෙන ලොකු ලොක්කන්ට මොකද වෙන්නේ.
අරක කැඩිලා, මේක කැඩිලා කියලා මේ මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉඳගෙන කියන්නේ මොන සංඛ්‍යා ලේඛන අනුවද? මේ කියල මිනිස්සුන්ගේ උගත්කම් බලන්න ඕන ඉස්සරවෙලාම...
ලොකු මහත්මයා කතාවක් කිව්වොත් මුලින්ම පටන් ගන්නේ අරය නිසා මේක බැහැ, මෙයා නිසා අරක කරන්න බැහැ, බැහැ, බැහැ. අර ඇමැති කරන වැඩේ මගේ විධායක බලය පාවිච්චි කරලා නැවැත්වුවා... වැනි කතා ඉතින් කොහොමද ආර්ථිකය නගා සිටුවන්නේ?
ඒවා කඩා වැටෙන්න කවදාවත් ඉහල මට්ටමක තිබුනද????
ඇයි දේශීය ව්‍යාපාර විතරක්, මුළු දේශයම කඩාවැටිලා තියෙන්න, මීට අවුරුදු බර ගානකට කලින්.