සමගි ජනබලවේගයේ නිල ජංගම දුරකථන යෙදවුම ජනගත කෙරේ සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භය සනිටුහන් කිරීම සහ සමගි ජන බලවේගයේ නිල ජංගම දුරකථන යෙදවුම ජනගත කිරීමේ උත්සවය සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද(6) පස්වරුවේ පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදි පැවැත්විණි. 06 July 2020
’උඩුගම්පොළ අලයා’ දින7ක් රඳවා ප්‍රශ්න කරන්න අවසර සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායක ගනේමුල්ලේ සංජීව නැමැති පාතාල නායකයාගේ ප්‍රධාන ගෝලයකු යැයි කියන ගම්පහ උඩුගම්පොළ අලයා යන නමින් අනුවර්තන නාමයෙන් හදුන්වනු ලබන සැකකරුව ලබන 13 වෙනිදා දක්වා (දින07ක්)පෑලියගොඩ කොට්ඨාසයේ විශේෂ මෙහෙයුම් ඒකකයේ රඳවා ප්‍රශ්න කිරීම සඳහා ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර් .එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා අද (06)අවසර ලබා දුන්නේය . 06 July 2020
ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලී අනුපාත අඩුකළත් බදු නිදහස වෙනස් කර නැහැ වාණිජ බැංකු මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ගිණුම් සඳහා ගෙවනු ලබන පොලී අනුපාත අඩු කර ඇතත් ඔවුන්ට ලබාදී ඇති ආදායම් බදු නිදහස වෙනස් කර නැතැයි උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 06 July 2020
රියාජ් බදුයුදීන් මුදා හරින්නැයි ඉල්ලූ පෙත්සම ප්‍රතික්ෂේප කරන්නැයි විරෝධතා පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රැඳවුම් නියෝග යටතේ රහස් පොලීසියේ රඳවා ගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාද් බදුයුදීන් මහතා ගේ සොහොයුරා වන රියාජ් බදුයුදීන් නැමැත්තා වහා මුදා හරින ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා අද (6) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සීමිත විරෝධතා ගොනු කළේය. 06 July 2020
යාමට නොහැකිවූ දුම්රිය ගමන් සඳහා යළි ටිකට් පත් කොවිඩ් 19 වසංගතය පැතිර යාම හේතුවෙන් ධාවනය නොවූ දුම්රියන් සඳහා බලපත්‍ර හෝ මුදල් මත ආසන වෙන්කරවා ගත් ප්‍රවේශපත්‍ර සම්බන්ධයෙන් යළි ප්‍රවේශ පත්‍ර ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 06 July 2020
වැඩිහිටි සහන කප්පාදු කර නැතැයි අගමැති කියයි පුවත්පත් වල පළ වී තිබුණු පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ දීමනා කිසිවක් කප්පාදු කර නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (6) මැදමුලනේ පැවති පාක්ෂික හමුවකදී පැවසීය. 06 July 2020
දෙමළ ජනතාවගේ ජාතික නායකයා ප්රභාකරන් පමණක් බව සිවාජලිංගම් කියයි දෙමළ ජනතාවගේ ජාතික නායකයා එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන් බව තමන් නැවත නැවතත් ප්‍රකාශ කරන බවත් මියගිය කොටි සාමාජිකයින් ඇතුළු සියළු පිරිස් වෙනුවෙන් අඛණ්ඩව පහන් දල්වන බවත් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය. 06 July 2020
විශ්වවිද්‍යාල යළි ඇරඹීමට යයි සියලූම විශ්වවිද්‍යාලවල පළමු වසර හැර සෙසු වසරවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අද (6) සිට හැකියාව ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය. 06 July 2020
පාසල්වලට විශේෂ නියාමනයක් ඉල්ලයි රජයේ පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කළ ශ්‍රේණි සඳහා ඉදිරි සති දෙකක කාලයේදී විශේෂ නියාමන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලාසිටි බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘ලංකාදීප’ යට අද(6) පැවැසීය. 06 July 2020
‘ බස් ගැන දැනගන්න ජංගම දුරකථන යෙදවුමක්‘ මගීන්ට බස් රථයක් පැමිණෙන වේලාව පහසුවෙන් දැනගැනීමේ අවස්ථාව ලබාදීම වෙනුවෙන් නිර්මාණය කළ ‘zMYBUS lkZ’ ජංගම දුරකථන යෙදවුම (Mobile Passenger App) එළිදැක්වීම හෙට (7) සිදුකෙරෙන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි. 06 July 2020
වළ දමා තිබූ යුද උපකරණ රැසක් යාපනය චලෙයි ප්‍රදේශයෙන් හමුවෙයි යාපනය චලෙයි ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී කැලෑවක වලදමා තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් භාවිතා කල බවට සැක කෙරෙන යුද උපකරණ රැසක් හමු වූ බවට නාවික හමුදාව පවසයි. 06 July 2020
කුසල් මෙන්ඩිස්ට ඇප පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදුකර පුද්ගලයකු මරණයට පත්කළැයි කියන සිද්ධියට අදාළව ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස පානදුර මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා අද (6) නියෝග කළේය. 06 July 2020
පළාත් සභාවලින් අරමුණු ඉටුවුණාද? 1987 වසරේ සිට මෙරට ක්‍රියාත්මකව තිබූ පළාත් සභා 09ම දැන් පවතින්නේ අක්‍රීය තත්ත්වයෙනි. 2018 වසරේ සැප්තැම්බර් 26 වැනිදා මුලින්ම විසුරුවා හරින ලද සබරගමුව පළාත් සභාවේ පටන් අවසන් වරට 2019 සැප්තැම්බර් 08 වැනිදා විසුරුවා හරින ලද ඌව පළාත් සභාව දක්වා ඒ තත්ත්වයේ වෙනසක් නැත. සංඛ්‍යාලේඛනවලට අනුව ඇතැම් පළාත් සභා වසර දෙකකට ආසන්න කාලයක් සීමාවී ඇත්තේ බෝඩ් ලෑල්ලට පමණි. 06 July 2020
‘වාතයේ කුඩා අංශුවලත් කොරෝනා‘ වාතයේ තිබෙන කුඩා අංශුවල නව කොරෝනා වයිරසය ඇතැයි විද්‍යාඥයන් සිය ගණනක් උපුටා දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ’ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර ඇත. 06 July 2020
කුසල් මෙන්ඩිස් අධිකරණයට පානදුර හොරෙතුඩුව ප්‍රදේශයේ දී මෝටර් රථයට පා පැදි කරුවෙකු ගැටී මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා මීට සුළු මොහොතකට පෙර පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා රැගෙන ආවේය. 06 July 2020
මහර බන්ධනාගාරයේ හදිසි සෝදිසියක් මහර බන්ධනාගාරයේ සියලුම සිරමැදිරිය ආවරණය වන පරිදි සිදුකරන ලද හදිසි සෝදිසි කිරිමකදී ක්‍රියා විරහිත ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගත් බව මහර බන්ධනාගාරය කියයි. 06 July 2020
ඉතියෝපියාවේ සිට ලාංකිකයන් 230 දෙනකු ලංකාවට අප්‍රිකානු මහාද්වීපය තුළ පිහිටි රටවල් රැසක රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 230 දෙනෙකු රැගෙන ඉතියෝපියාවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (6) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 06 July 2020
ඉන්දියාව වැඩිම ආසාදිතයන්ගේ රටවල් අතර තෙවැනි තැනට නව කොරෝනා වයිරස හේතුවෙන් තෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන රට බවට අසල්වැසි ඉන්දියාව පත්ව ඇත. 06 July 2020
කෝටි 11ක මුදල් වංචාවලට සම්බන්ධ 57 ක් පැය 24දී අත්අඩංගුවට කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57 දෙනෙක් පැය 24ක් තුළ බස්නාහිර පළාතේ වංචා විමර්ශන අංශවලින් අත්අඩංගුවට ගෙන තිබේ. 05 July 2020
ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 24,000ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (5) වාර්තා වූ අතර එම ගණන 24,000 ඉක්මවා ගියේය. 05 July 2020
කලුතර ප්‍රා.සබේ ජවිපෙ මන්ත්‍රී අත්අඩංගුවට කලුතර ප්‍රාදේශීය සභාවේ උප සභාපති ටී.ඩී.ජයසිරි මහතාගේ නිවසට මන්නයක් රැගෙන කඩා වැදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් කලුතර ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුන මන්ත්‍රී ශශී සුපුන් මහතා අද (5) රාත්‍රි එම මන්නයත් සමග අත්අඩංගුවට ගත් බව කලුතර උතුර පොලිසිය කියයි . 05 July 2020
නීතී විරෝධී ප්‍රචාරණ මඩින්න කෝටි හතහමාරක් මහමැතිවරණය වෙනුවෙන් අපේෂකයන්ගේ නීති විරෝධී ප්‍රචාරණ කටයුතු ඉවත් කිරීම සදහා පොලිසිය වෙත ලක්ෂ 758 ක මුදල් ප්‍රතිපාදන හිමිව ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි. 05 July 2020
පාතාල සාමාජික බන්ටි රැදවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අවසර හොරෙයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් පාතාල නායක අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු වන බත්තරමුල්ලේ බන්ටි නැමැති පාතාල සාමාජිකයා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත් බව පොලිසිය කියයි. 05 July 2020
වයෝවෘද්ධ මවකගේ ඝාතනයට සෙබළා අත්අඩංගුවට එකම පුතුගේ උපදෙස් මත 71 හැවිරිදි වයෝවෘද්ධ මවකට පොල්ලකින් පහර දී ඝාතනය කළ බව කියන හිටපු යුද හමුදා විශේෂ කාර්ය බළකා සෙබළෙක් අද අත්අඩංගුවට ගත් බව අගුරුවාතොට පොලිසිය කියයි. 05 July 2020
ග්‍රහලෝකාගාරය අනිද්දා සිට විවෘතයි කොරෝනා වසංගතයේ හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ ග්‍රහලෝකාගාර දර්ශන අනිද්දා(7) සිට නැවත ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබේ. 05 July 2020
අපේක්ෂක රැස්වීමකදී නැ’හිර පළාත් සබේ සභාපතිගේ නිල රථය පොලිස් බාරයට ගනී නැගෙනහිර පළාත් සභාවේ මාර්ගස්ථ මගි ප්‍රවාහන සේවයේ සභාපතිවරයාගේ නිල රථය පොදු පෙරමුණේ අම්පාර දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයකුගේ රැස්විමක තිබියදී අම්පාර මැතිවරණ නිළධාරින් සහ අම්පාර පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබිය. 05 July 2020
‘උඩුගම්පොළ අලයා’ හෙරොයින් සමග අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ගනේමුල්ලේ සංජිව නැමැති සැකකරුගේ ප්‍රධාන ගෝලයෙක් වන ‘උඩුගම්පොළ අලයා’ යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන සැකකරුව හෙරොයින් ග්‍රෑම් 10 ක් සමඟ බස්නාහිර උතුර පළාතේ අපරාධ විමර්ශන කොට්ඨාසය නිලධාරීන් විසින් අද (5) ගම්පහ දි අත්අඩංගුවට ගනු ලැබීය. 05 July 2020
අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මියයයි මෙවර මහමැතිවරණයට සමගි ජනබලවේගයෙන් තරග වැදිමට නියමිතව සිටි අශෝක වඩිගමංගාව මහතා අද (5) සිදුවූ රිය අනතුරකින් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 05 July 2020
මැතිවරණ නිරීක්ෂණයට සී.එම්.ඊ.වීයෙන් පන්දාහක් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (සී.එම්.ඊ.වී) මෙවර මහමැතිවරණයේදී පන්දහසකට අධික පිරිසක් නිරීක්ෂණ කටයුතු සඳහා යොදන්නේ යැයි එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘ලංකාදීප’යට අද(5) පැවැසීය. 05 July 2020
සිවාජිලිංගම්ට අවවාද කර මුදා හරී අධිකරණ වරෙන්තුවක් මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දෙමළ ජාතික සන්ධාන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා අවවාද කර මුදා හැරීමට පේදුරුතුඩුව මහේස්ත්‍රාත් ගයත්‍රී සයිලවන් මහත්මිය අද (5) නියෝග කළාය. 05 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026