(විනීතා එම් ගමගේ)
කොම්පඤ්ඤවීදිය තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 21 දෙනකු කොවිඞ් 19 ආසාදිතයන් බව හෙලිවීමත් සමග එම තැපැල් කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසා දැමුණු බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
එහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 46 දෙනකුට කළ හදිසි පීසීආර් පරික්ෂාවකදී මෙම රෝගීන් හඳුනාගෙන ඇත.
ඉතිරි පිරිස සඳහා ද පී.සී.ආර් පරික්ෂණ පවත්වන බවත් ඉන් පසු නිරෝධායන නීති රෙගුලාසි අනුව තැපැල් කාර්යාලය විෂබීජ හරණය කිරීමෙන් පසු තැපැල් කාර්යාලය විවෘත කිරීමට බලාපොරොත්තු වන බව තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd