(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව එහි සභාපති නුෂාඞ් පෙරේරා මහතා පවසයි.
ඉල්ලා අස්වීමේ ලිපිය තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයාට පසුගිය අපේ‍්‍රල් මස 19 වැනිදා බාර දුන් බවත් පසුගිය 30 වැනිදා පැවැති අවසන් අධ්යක්ෂ මණ්ඩල රැස්වීමෙන් පසුව නිල වශයෙන් ඉවත් වූ බවත් නුෂාඞ් මහතා පැවසීය.
රජයේ උසස් දේශපාලන නායකයන් ද දැනුවත් කරමින් තනතුරෙන් ඉවත් වූ බවත් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයකට සම්බන්ධ වන බවත් නුෂාඞ් මහතා කීය.
ඒ මහතා මීට පෙර සතොස සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙතරම් සුලු කාලයක් තුළ අගනා සේවයක් කළ ඔබතුමාගේ සමුගැනීම අපට දරාගත නොහැකියි. සීනි, පොල්තෙල් වලට දුන් සහනය කිසිදා අමතක කළ නොහැකිය.
කවුරුහරි කිව්ව දෙයක්ද දන්නැ මෙතුම දැන් කරන්නේ
මොනවද මේ වෙන්නේ
මෙම සභාපති සම්බන්ධ පෞද්ගලික අයතනය ගැන බලන්න
කළ හොඳ පස්සෙන් එනවාමයි නුශාඩ්, පරිස්සමට ඉන්න..
ඒක හොඳයි... බැරි නම් යන්න රැකියා නැතිව ගොඩක් ඉන්නවා.
පොල්තෙල් ගෙන්වන අහවල් නම දරන සමාගමට නේද බැඳෙන්නේ? හොරා වගේ කඩේ ගියේ එකයි, හරි නරකයි...
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයකට සම්බන්ධ වන බව", ලංකාවට විෂ පාම් තෙල් ගෙනාවේ මොන සමාගමෙන්ද කියලා දන්නේ නැති අයට, බොහෝදුරට මේ මොකක්ද කියලා හොයාගන්න පුළුවන් වෙයි.
අයින් වියයුත්තේ අධ්යක්ෂ ජනරාල් තුමියයි...
සීනි, පොල්තෙල්... ඊළඟට මොකක් ද දන්නැහැ...
ලොකු ලොකු දේශපාලුවන්ට ඡන්ද දිනන්න හැම අතකින්ම සහය දීලා - චන්දෙ ජයග්රහනයකළ පසු දේශපාලුවන්ගෙන් වරදාන ලබාගෙන, කරපු වංචා අපිට අමතක නැහැ.
මේ වගේ අය ගැලපෙන්නේ රාජ්‍ය සේවයට තමයි
ඔය ඔයාගේ කී වෙනි ඉල්ලා අස් වීමද කී වෙනි පත්වීමද? ඕක ඉවරයක් වෙන්නේ නෑ.