(ඩයනා උදයංගනී)
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ස්වයං නිරෝධායනයට යොමුව ඇතැයි වාර්තා වේ.
අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් දෙදෙනකුට හා රියදුරන් දෙදෙනකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් තමා ස්වයං නිරෝධායනයට යොමු වු බවට අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.
තමා ඇතුළු සෙසු පිරිස විසින් සිදුකළ පළමු පීසිආර් පරීක්ෂාවේ දී ආසාදිත නොමැති බව තහවුරු වුවත් තමා සහ තම පවුලේ උදවියත් අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයත් ඉකුත් සිකුරාදා සිට ස්වයං නිරෝධායනයට ලක්වන බව ඇමතිවරයා සඳහන් කර තිබේ.
එමෙන්ම ඉකුත් 27 වැනිදායින් පසු තමන් මුණගැසුණු අය වේ නම් ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස ඇමතිවරයා ඉල්ලීමක් ද කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් මේකේ බරපතලකම කාර්ය සාධන බලකායට තේරෙයිද මන්ද?
සුබ ආරංචියක්... තව ඉන්නවා. ඔහොම යමු.