සිබිල් නැන්දා අවසන් ගමනේ ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පිනියක සහ ළමා පොත් කතුවරියක වූ අභාවප්‍රාප්ත සිබිල් වෙත්තසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද(03) පස්වරුවේදී සිදුකෙරිණි. 03 July 2020
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කරයි කඩවත මංකඩ පාර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි කඩවත පොලිසිය පවසයි. 03 July 2020
‘පෝස්ටර් නීතිය වෙනස් කරන්න යැයි ගම්මන්පිල ඉල්ලයි‘ මැතිවරණ කොමිසම විසින් ගෙන ඇති තීරණ නිසා මෙරට පරිසර දූෂණය වැඩිවන්නටත් මැතිවරණ ප්රචණ්ඩත්වය වැඩිවන්නටත් හැකියාව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් කරමින් අද (3) කියා සිටියේය. 03 July 2020
රැඳවියකුට මත්කුඩු දෙන්න ගිය අයෙක් අත්අඩංගුවට දන්තාලේප ඇසුරුම් තුනක් තුළ සුක්ෂම අයුරින් සඟවා මත්කුඩු ග්රැම් 05 ප්‍රමාණයක් රැදිවියෙකු ට ලබාදිමට උත්සාහ කළ අයෙකු අද (03) වැනි දා පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව මහර බන්ධනාගාරය පවසයි. 03 July 2020
බන්ධනාගාර බුද්ධි අංශයේ 61 ක් වෙනත් රාජකාරිවල යෙදවීමෙන් වැටලීම් අඩපණයි බන්ධනාගාර බුද්ධි අංශයට අනුයුක්ත නිලධාරීන් 83 දෙනා අතරින් 61 දෙනකුට වෙනත් විවිධ රාජකාරී සඳහා යොදවා ඇති බැවින් ඊට අදාළ වැටලීම් කටයුතු මේ වන විට අඩපණ වී ඇතැයි වාර්තා වේ. 03 July 2020
අවශේෂ කැලෑ චක්‍රලේඛය අහෝසි නොකරන්නැයි ජවිපෙ ඉල්ලයි වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වූ රජයට අයත් කුඩා වනාන්තර පිළිබඳ බලය එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර දිසා ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය හේතුවෙන් කැලෑ ඉඩම් විශාල ප්‍රමාණයක් විනාශ වී යාහැකි යැයි ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි. 03 July 2020
මැතිවරණ ප්‍රචාරණයට ආගමික ස්ථාන යොදා නොගන්නැයි පැෆරල් ඉල්ලයි මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු සඳහා ආගමික ස්ථාන භාවිතයට ගැනීමෙන් වළකින ලෙස පැෆරල් සංවිධානය නිවේදනක් නිකුත් කරමින් කියාසිටී. 03 July 2020
දිනක් ඇතුළත ඇමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 55,000ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (3) වාර්තා වූ අතර එම ගණන 55,000 ඉක්මවා ගියේය. 03 July 2020
2011 ලෝක කුසලාන පාවාදීමේ පරීක්ෂණ අවසන් වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්ෂණය අවසන් කළ බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා ‘ලංකාදීප’යට පැවසීය. 03 July 2020
‘ජුලි 17 ට පෙර එන හැඳුනුම්පත් ඉල්ලුම්පත් ඡන්දෙට පෙර දෙනවා’ මෙම මස 17 දාට පෙර දෙපාර්තමේන්තුව වෙත ලැබෙන ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත් සඳහා පමණක් හදිසි අවශ්‍යතාවයන් ලෙස සළකා ලබන මහ මැතිවරණයට පෙර හැඳුනුම්පත් නිකුත් කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. 03 July 2020
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 192ට බසී කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 36දෙනෙක් සුවය ලබා අද(03) පිටව ගියහ. ඒ අනුව, රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින සමස්ත රෝගීන් ගණන 192 දක්වා අඩු වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 03 July 2020
නීතිපති දේශනය ආවරණයට ගිය මාධ්‍යවේදීන්ට පොලීසියෙන් බාධා කුඩු ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවත්වන ලද දේශනය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ඇතුළුවීමට ඉඩ නොදීම හේතුවෙන් එහි කලබලයක් ඇති විය. 03 July 2020
ජින්තුපිටියේ පාසල් වසන්නැයි ගුරු සංගම් ඉල්ලයි ජින්තුපිටිය හා ඒ අවට ඇති පාසල් 11ක් තවදුරටත් වසා තබන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරයි. 03 July 2020
මරණ දඬුවම් නියම වූ රැඳවියන් සිටින සිර මැදිරියකින් ජංගම දුරකතන-මත්කුඩු වැලිකඩ බන්ධනාගාරයේ චැපැල් වාට්ටුවේ ජී 3 සිර මැදිරියේ මරණ දඬුවම් වින සිව්දෙනකුගෙන් යුත් 96 දරණ සිර කුටියේ පොළොව යට වළලා තිබූ ජංගම දුරකතන තුනක් හා මත්කුඩු මිලි ග්‍රෑම් 400 ක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර බුද්ධි අංශය පවසයි. 03 July 2020
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කෝවිඩ් අරමුදලට ලක්ෂ 82ක් ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් කෝවිඩ් අරමුදල සඳහා රුපියල් ලක්ෂ 82ක් පරිත්‍යාග කර තිබේ. 03 July 2020
ජින්තුපිටියෙන් හමු වූ කොරෝනා ආසාදිතයා රෝහලට නිවාස නිරෝධායනයට ලක්කරමින් සිටියදී කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගත් රෝගියා මේවනවිට රෝහල් ගතකර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 03 July 2020
රට රැකියාවල ආදායම් ඉහළ නංවන්න සැලැස්මක් හදන්න සය පුද්ගල කමිටුවක් විදේශ රැකියා ක්ෂෙත්රයේ ආදායම් ඉහළ නැංවීම සඳහා තුන් අවුරුදු සැලැස්මක් සැකසීම සඳහා සය පුද්ගල කමිටුවක් පත් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා පැවැසීය. 03 July 2020
නිල වාහන ඡන්ද වැඩට ගන්න හිරිකිත වැඩ හිටපු රාජ්‍ය ඇමැතිවරුන් ළඟ තබාගෙන සිටින රජයේ නිලවාහන පහක් වහාම අත්අඩංගුවට ගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. එම හිටපු රාජ්‍ය ඇමැතිවරුන් නිල වාහන බාර නොදී මැතිවරණ කටයුතුවලට යොදා ගන්නා බවට කොමිසමට පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළ බව ද අප පුවත්පත වාර්තා කළේය. 03 July 2020
පොලිසිය එන්න එපා කිව්වාත් මහේල සාක්කි දෙන්න යයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන මහේල ජයවර්ධන ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකයට අද (3) පැමිණියේය. 03 July 2020
ජපානයේ රැඳී සිටි ලාංකිකයන් 261 ක් කටුනායකට කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ජපානයේ රැදී සිටි ලාංකිකයන් 261 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් නරීටා සිට අද(03) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. 03 July 2020
පොලිසිය මහේලට අද එන්න එපායි කියයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාගෙන් අද ප්‍රකාශයක් ලබානොගන්නා බව, ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය පවසයි. 03 July 2020
වියට්නාමයේ සිටි ලාංකිකයෝ 65 ක් කටුනායකට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව වියට්නාමයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකු වියට්නාම් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද (02) රාත්‍රී 9.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. 02 July 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන ලක්ෂ හය ඉක්මවයි අසල්වැසි ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (2) ලක්ෂ හය ඉක්මවා ගියේය. 02 July 2020
අවි ගබඩාවේ හිමිකරු සතු තවත් ගොඩනැගිල්ලක් පරීක්ෂාවට හෝමාගම පිටිපන අවි ගබඩාවේ හිමිකරු කුලී පදමන මත ලබා ගෙන තිබූ තවත් තෙමහල් ගොඩනැගිල්ලක් අද (02) පස්වරුවේ සොයා ගත් බව හෝමාගම පොලිසිය කියයි. 02 July 2020
සැමියාගේ පහරදීමෙන් බිරිඳ මරුට පන්නල ඉහළ හුන්දිරාපොල වෙල්පල්ල ප්‍රදේශයේදී අඹු සැමි යුවලක් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් අද (02) සැමියා විසින් සිදුකළ පහරදීමකින් බිරිඳ මියගොස් ඇතැයි පොලිසිය පැවසීය. 02 July 2020
කොරෝනාවට මුහුණ දෙන්න විදෙස් රටවලින් කෝටි 7000 ක ආධාර කොවිඞ් 19 වසංගත තත්ත්වයට මුහුණදීම සඳහා විදේශ රටවලින් හා සංවිධානවලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 252ක් (රුපියල් කෝටි 7,000) වටිනා ණය හා ආධාර ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ. 02 July 2020
මහේලට හෙට එන්න කියයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට එම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයකු වූ මහේල ජයවර්ධන මහතා හෙට (03 වැනිදා) කැඳවීමට ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය තීරණය කර තිබේ. 02 July 2020
සංගක්කාරත් පැය 9ක් විමර්ශන ඒකකයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් එම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර මහතා මේ වන විය පැය 9ක පමණ කාලයක් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට සාක්ෂි ලබාදී තිබේ. 02 July 2020
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී රටවල් 5කින් ලංකාවට චෝදනා පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා රඳවා තබාගැනීම, විශේෂ බළකායේ සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීම ඇතුළු කරුණු ගණනාවක් පදනම් කරගනිමින් එක්සත් රාජධානිය ඇතුළු රටවල් 5ක කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කර ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. 02 July 2020
කංජිපානී ඉම්රාන්ගේ සිරකුටියෙන් දුරකථන හමුවීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක් බූස්ස විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානී ඉම්රාන් නැමැත්තාගේ සිරකුටියේ තිබී ජංගම දුරකථනයක් , චාජරයක් හා සිම්පත් 4 ක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය. 02 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026