(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව,අරලගංවිල,කන්දේගම පිහිිටි සිවිල් ආරක්‍ෂක බළකා අනුඛණ්ඩයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි සිවිල් ආරක්‍ෂක භටයකු අදහිටි අඩියේම සිහි සුන්ව බිම ඇද වැටී මියගොස් ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ අරලගංවිල,දම්මින්න,අංක පදිංචි සිවිල් ආරක්‍ෂක භටයෙකි.
සිවිල් ආරක්‍ෂක බළකායේ අනු ඛණ්ඩයේ අවි ගබඩාව අසල රාජකාරී කරමින් සිටියදී ඔහු මෙසේ මියගොස් ඇත.
ඔහුගේ මෘත දේහය මේවනවිට අරලගංවිල රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇති අතර වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වන බවද පොලීසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පට්ටියේ කාටවත් මෙහෙම වෙන්නේ නැහැනේ... රටේ කරුමෙට..!