(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනය කරන සමාගමකට අයත් පුද්ගලික බැංකුවක පවත්වාගෙන යන ගිණුමකින් ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 430ක් මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක පුද්ගලයන් හතර දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි
ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කර වංචා කළ විශාල මුදල මෙය බව මාධ්‍ය ප්‍රකාශක වරයා කියයි.
රුපියල් කෝටි ගණනාවක් තිබෙන එම ගිණුමෙන් ඉකුත් අප්‍රේල් දොළොස්වෙනි දින මෙම මුදල් ලබාගෙන ඇත්තේ එම ආකාරයෙන්ම ව්‍යාජ චෙක්පත් සාදා එම සමාගමේ සේවකයින් අඳින නිළ ඇඳුමට සමාන ඇඳුම් පුද්ගලයන්ට අන්දවා කොටුව පිටකොටුව බොරැල්ල රාජගිරිය දඩුගම හා කිරිබත්ගොඩ බැංකු ශාඛා වලින් බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම්, වංචා සහ හොරවැඩවලට දක්ෂ ලාංකික ජනතාව බැංකු නිලධාරිනුත් අන්දවා අතිවිශාල මුදල් වංචාවක් කළ වගයි.