(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව වටා ඇති දියවන්නා ඔයේ පතුල මඩවලින් පිරී ඇතැයි ඒ පිළිබඳව කරන ලද පරීක්ෂණවලදී තහවුරු වී ඇත.
දියවන්නා ඔයේ ඇල්ගී අධික ලෙස වර්ධනයවී ඒවා එහි පතුලේ තැන්පත් වීමෙන් මෙම මඩ සහිත තත්ත්වය ඇති වී තිබෙන බවත් එම මඩ සහිත උපස්තරයේ විවිධ ක්ෂුද්‍ර ජීවීන් අධි වර්ධනය වීම නිසා විෂ සහිත රසායන නිකුත් වෙමින් තිබෙන බවත් පෙනී ගොස් ඇත .
දියවන්නාවේ ඇල්ගී මෙසේ වර්ධනය වී ඇත්තේ එම ජලයේ නයිට්‍රිජන් හා පොස්පරස් සාන්ද්‍රනය ඉහළ යෑම නිසා යැයි පර්යේෂකයෝ සඳහන් කරති.
මේ විෂ සහිත පරිසර තත්ත්වය නිසා දියවන්නාවේ මත්ස්‍යයන් බෝවීමද අඩාල වී ඇතැයි පැවසේ.
දියවන්නා ඔයේ පරිසර දූෂණය පිළිබඳව සොයා බැලීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කාර්ය සාධක බලකායක් පසුගියදා පත් කරනු ලැබීය. මෙම බලකාය පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය ලැබිණ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්නත් දෙයක්ද? ඕක තනිකරම මඩ ෆැක්ටරියක්නේ. ඒ පැත්තෙන් මේ පැත්තටත්, මේ පැත්තෙන් ඒ පැත්තටත් ගහන්නෙම මඩනේ...
නයිට්රජන් පොස්පරස්, ඕවා දියවන්නවේ හරක්ට කොහොම තේරෙයිද දන්නේ නෑ...
"අසුචිමේන්තුවට" ඔය මඩ ටිකක් අාවට මක්වෙනවද?
අපෝ, පාර්ලිමේන්තුවේ 225 අනඅනා ගහගන්න මඩවල හැටියට ඒක පුදුමයක්යැ...
එතැන ඉන්න අයට විෂ සහිත විෂබීජ වර්ධනය වේවා..
දියවන්නා මොන්ටිසෝරියේ ළමයි ටික ගහගත්තු මඩවලින් වෙන්නැති.
225 දෙනාගේ මඩ ගහගැනිල්ල නිසා දියවන්නාවට මඩ එකතු වෙනවා ඇති.