( ගම්පහ තිලකරත්න දිසානායක.)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගතවූ පැය 24 ක කාලයේ කොරෝනා ආසාදිතයන් 334 දෙනකු වාර්තා වූ බව බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
මින් 77 දෙනකු රෝහල් මගින් සිදු කළ පරීක්ෂාවලින් සහ 257 දෙනකු දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ක්ෂේත්‍රයේ සිදු කළ පරීක්ෂාවන්හිදී හමුව ඇති.
ආයෝජන මණ්ඩලය කලාපයට අයත් බියගම කර්මාන්තශාලාවලින් ආසාදිතයින් 7 දෙනකුද හමුව ඇත.
මේ අතුරින් 55 දෙනකු වන වැඩිම ආසාදිතයින් කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්ද , මහර කොට්ඨාසයෙන් - 48 දෙනකු ද , දිවුලපිටිය - 35දෙනකු ද , අත්තනගල්ල - 34 දෙනකු ද , වත්තල - 26 දෙනකු ද , මිනුවන්ගොඩ , මීරිගම සහ රාගම යන කොට්ඨාසයන්ගෙන් 21 දෙනකු බැගින්ද , දොම්පෙ - 1දෙනකු ද , බියගම - 16 දෙනකු සහ මීගමුව කොට්ඨාසයෙන් 10 දෙනකු වශයෙන්ද හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ නගරයේ සහ අවට ගම්මානවල ආගමික ස්ථානවල ලවුඩ්ස්පීකර් දානවා උදේ සවස. ඉතින් මිනිස්සු යනවා. පොලිසියෙන් හොයලා බලන්නෙත් නෑ. මහජන සෞඛ්‍ය කාර්යාලයේ අයත් දන්නේ නැතිව ඇති. පැන් කලය වුණත් ඇති ලෙඩ බෝවෙන්න. අතින් අත යවන මල්වට්ටි වුණත් ඇති මේ වසංගතය බෝවෙන්න. ඒ තරම් දරුණුයි.. මාස්ක් එක දාගෙන හිටියටම ප්‍රමාණවත් නෑ.