(විනීතා එම් ගමගේ)
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ශ්‍රී ලංකාවට ගැලපෙන සාර්ථක එන්නතක් යැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සිසිර සිරිබද්දන මහතා පවසයි.
එය ඉක්මණින් අනුමත කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත යුතු බව වෛද්‍ය මතය බව ද හෙතෙම පෙන්වා දෙයි. ඇස්ට‍්‍රාසෙනිකා එන්නතට වඩා සයිනොෆාම් එන්නත සෞඛ්‍යාරක්ෂිත බව පර්යේෂණවලින් හෙලිවී ඇතැයි ද එයින් සිදුවන අතුරු ආබාධ අවම යැයි ද ඔහු කියයි.
මේ වනවිට ලෝකයේ කොවිඞ් 19 වයිරසයට එරෙහිව නිපදවූ එන්නත් අතරින් වැඩිපුරම භාවිතා වන්නේ අටක් පමණක් යැයි කී මහාචාර්යවරයා එයින් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇත්තේ ඇස්ට‍්‍රා සෙනිකා, ෆයිසර් හා ජොන්සන් සහ ජොන්සන් යන එන්නත් තුන පමණක් බව ද සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙතෙක් අනුමත නොකරන ලද සයිනොෆාම් එන්නත අනුමත කරන ලද ඒවාට වඩා හිතකාමි බව ද වැඩිපුරම භාවිතා කර ඇත්තේ ද එම එන්නත බව ද ඔහු කියා සිටියේය.
සයිනොෆාම් එන්නත අසාත්මික වී කිසිවෙක් මිය ගිය බවක් මේ වනතුරු වාර්තා වී නැතැයි ද ඇස්ට‍්‍රාසෙනිකා එන්නතින් මොළයේ හා උදරයේ ශිරාවන්හි ලේකැටි ගැසීම් වාර්තා වී ඇති අතර මියයාම් වාර්තා වී ඇතැයි ද වාර්තා පෙන්වා දෙයි. සයිනොෆාම් එන්නත පන්ලක්ෂයක් ලබාදුන් පසුව එයින් අසාත්මික වී ඇත්තේ 1.06 පිරිසකට පමණකැයි ද ඒවා කුඩා අතුරු ආබාධ යැයි ද වාර්තාවන්හි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනෙන් යමක් කමක් ලැබිලද? ඉතින් ඉට වඩා රැසියන් හොදන්නෙ
විපක්ෂයේ උගත්, බුද්ධිමත් මහත්වරු රැලට එන්නතට වැඩිය චීනය ආසාත්මිකයිනේ..
චීනය තුළ එම එන්නත සාර්ථක බව පෙනේ.. මරණ නැත. මිලියන වැඩිම ජනගහනයක් ඇති රටේ ආසාධිතයින් අවමයි. අනිකුත් සියලු එන්නත්, මුඩු හිසක් ඇති අයෙකුගේ කෙස් වැඩීමට විකුණන තෙල් බෙහෙත් හා සමානයි..
චීනේ එක හොඳයි කියල අහන්න අපි හරි ආසාවෙන් ඉන්නේ. ඔබතුමාට හෙට අනිද්දා උසස්වීමක් ලැබෙනු ඇත.
මෙයාවත් චීනෙන් මිලදී අරන් වගේ.
අන්න තහනම් වචනය කිව්වා, දැන් ඉතින් තරගයෙන් ඉවතට. “අපට වඩා ගැලපෙන්නේ සයිනොෆාම් එන්නතයි“ කිව්වනම් ඉවරනේ. මොකට ද නිෂ්පාදිත රට කියන්න ගියේ?
දී කිරට බලල්ලුත් සාත්කි කියන්නේ මේ වගේ කතා වලට තමයි. මහාචාර්ය සිසිර සිරිබද්දන කියන්නේ පැණි ආචාර්ය ජයසුමන ඇමති ගේ ගුරුවරයා / ගැලවුම්කාරයා.
ඉතින් ඔයයි ඔයාගෙ පවුලේ අයයි ඉස්සෙල්ල ගහ ගන්නකෝ.