මොරගහකන්ද ජලාශය ආසන්නයෙන් ජීව අත්අබෝම්බ දෙකක් මොරගහකන්ද ජලාශය ආසන්නයෙන් ඇලහැර දෙසට දිවෙන මාර්ගය ආසන්නයේදී ජීව අත්බෝම්බ දෙකක් අද (08) සොයාගත් බව නාඋල පොලිසිය කියයි. 08 July 2020
අයි.එස්. ත්‍රස්ත අනතුර ගැන හිටපු ඇමැති සාගලට වාර්තාවක් දුන්නා ශ්‍රී ලංකාවේ ස්ථානගත විය හැකි යැයි සිතූ අයි.එස්. ත්‍රස්ත ක්‍රියා වැළැක්වීම සඳහා අටවැදෑරුම් සංකල්ප පත්‍රිකාවක් සකස් කර එවකට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාට ලබාදුන් බව යුද හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ විශේෂ සාක්ෂිකරුවෙක් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (7) ප්‍රකාශ කළේය. 08 July 2020
නම ලකුණ කාර්යාලයේ ප්‍රදර්ශනයට කොමිසමෙන් අවසර ඉල්ලයි මැතිවරණ කාර්යාලවල අපේක්ෂකයන්ගේ ලකුණ හා අංකය ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර දෙන්නැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමෙන් ලිඛිතව ඉල්ලීමක් අද (8) කර ඇත. 08 July 2020
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 103ට බසී කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 12දෙනෙකු සුවය ලබා අද(08) පිටව ගොස් තිබේ. ඒ අනුව, මේ වනවිට රෝහල්වල සිටින මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 103ක් දක්වා අඩු වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 08 July 2020
යාපනයේ එළු ගාලකට දිවියෙක් කඩාපනී යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේ එලුවන් සිටින ගොවිපළකට ඊයේ (7) රාත්‍රියේ දිවියකු ඇතුළු වී සිදුකරන පහරදීමකින් එළුවන් 13 කට තුවාල සිදු වී6 දෙනෙකු මිය ගොස් ඇති බවට හිමිකරු පවසා සිටියේය. 08 July 2020
බන්ධනාගාර රැඳවියන් බැලීම අද සිට තහනම් ශ්‍රී ලංකාවේ සියලුම බන්ධනාගාරවල රැඳවියන් බැලීම නැවත දැනුම් දෙනතුරු අද ( 8) සිට අමුත්තන්ට තහනම් කර ඇතැයි බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවසීය. 08 July 2020
කතකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ රථවාහන සාජන්ට වැඩ වරදී රථවාහන වරදක් විසඳා දීම සඳහා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව කියන බදුල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ සැරයන්වරයකු සම්බන්ධයෙන් බදුල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ නියමය මත පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. 08 July 2020
හිටපු රාජ්‍ය ඇමැතින් නිල රථ බාරදීම අගයමු මැතිවරණ කොමිෂන් සභාවෙන් කෙරුණු දැනුම්දීම මත හිටපු රාජ්‍ය ඇමැතිවරුන් සිවු දෙනකු සිය නිල රථ බාර දී ඇතැයි සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. අදාළ අමාත්‍යාංශ ප්‍රධානීන් මේ බව දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිසමේ නිලධාරියකු ප්‍රකාශ කළ බව ද අප ප්‍රවෘත්තියෙහි දැක්වෙයි. ඒ අතර නිල රථ බාර දී ඇතැයි පැවසුණ ද මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සොයා බැලීමක් කරන බව ද එම නිලධාරියා ප්‍රකාශ කළ බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. 08 July 2020
බෝම්බ හදන්න ගිහින් තුවාල ලැබූ හිටපු කොටි සාමාජිකයා මියයයි කිලිනොච්චිය පලෙයි ඉයක්කච්චි ප්‍රදේශයේදී බෝම්බයක් නිෂ්පාදනය කිරීමට ගත් උත්සහයක දී එය පුපුරා යාමෙන් ඉකුත්දා බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා අද (8) මිය ගොස් ඇති බවට පලෙයි පොලීසිය පවසයි. 08 July 2020
සීගිරියේ සම්බාහන මධ්‍යස්ථානයකින් ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට සීගිරිය කලාපුරය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක තිබී ගංජා කිලෝ හතරක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සීගිරිය පොලිසිය විසින් ඊයේ (7) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 08 July 2020
උතුරු දුම්රිය මගේ ධාවන කටයුතු වලට බාධා වවුනියාව සිට කොළඹ බලා ධාවනය සීඝ්‍රගාමි දුම්රිය අද (8) උදෑසන වවුනියාව අවුසදපිටිය ප්‍රදේශයේ දී පිළිපැනීමෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු වලට බාධා එල්ලවී ඇති බව වවුනියාව දුම්රිය පාලක මැඳිරිය පවසයි. 08 July 2020
ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විධිමත් ලෙස ඉවත් වෙන්න යයි ඇමරිකා එක්සත් ජනපදය විධිමත් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගැනීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පියවර ගෙන තිබේ. 08 July 2020
භික්ෂුවක් කාන්තාවකට පහරදීලා අලුත්ගම දක්වා ධාවනය කිරීමට සූදානම්ව අම්බලන්ගොඩ බස් නැවතුම්පළේ නතරකර තිබූ බස් රථයක් තුළදී කාන්තාවකට පහරදුන් බව කියන භික්ෂූවක් අද (07) රාත්‍රී අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි. 07 July 2020
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 18 වැනියත් අත්අඩංගුවට අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය , කුඩු ජාවාරම්කරුවන් වෙත විකුණූ බව කියන සිද්ධියට අදාල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් නිලධාරියෙක් අද (07) රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 07 July 2020
ඉන්දියාවේ කොරෝනා වයිරස ආසාදිත මරණ 20,000 ඉක්මවයි අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (7) 20,000 ඉක්මවා ගියේය. 07 July 2020
බ්‍රසීල ජනාධිපතිට කොරෝනා බ්‍රසීලයේ ජනාධිපති ජාර් බොල්සනාරෝට නව කොරෝනා වයිරසය ආසාදනය ඇතැයි අද(7) තහවුරැ විය. 07 July 2020
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නිවුන් අලි පැටවුන් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ දී කෙනෙරක් විසින් නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු බිහිකර ඇති බව මින්නේරිය ජාතික වනෝද්‍යානය භාර භාතිය මඩුගල්ල මහතා පැවසීය. 07 July 2020
කොරෝනා හේතුවෙන් නැවතුණු දුම්රිය කිහිපයක් යළි ධාවනයට කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ධාවනය නොකෙරුණු දුම්රිය කිහිපයක් ලබන 18 වැනිදා සිට යළි ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 07 July 2020
විගමනික සේවක දු දරු ශිෂ්‍යත්ව අයැදුම්පත් බාරගන්නට කල් දෙයි විගමනික ශ්‍රමිකයන්ගේ දූ දරුවන් සඳහා පිරිනැමෙන ශිෂ්‍යත්ම සඳහා අයැදුම්පත් භාර ගන්නා දිනය මේ මස 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 07 July 2020
පැෆරල් එස් එම් චන්ද්‍රසේනට විරුද්ධව මැතිවරණ කොමිසමට පැමිණිලි කරයි අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තරඟ වදින එස් එම් චන්ද්‍රසේන මහතා විසින් ශීෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවට පැමිණිල්ලක් ලැබී ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් කරන්නැයි පැෆරල් සංවිධානය අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ මැතිවරණ පැමිණිලි නිරාකරණ ඒකකය වෙත පැමිණිලි කර ඇත. 07 July 2020
වරාය නගරයේ පාලම් 10 ක ඉදිකිරීම් කඩිනම් කරයි වරාය නගරයේ පාලම් දහයක ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට නාගරික සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන ඇත. 07 July 2020
රංජිත් මද්දුම බණ්ඩාර ගොනු කළ පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද නියෝගය මේ මස 21 දා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළාක්වලන වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුවට එරෙහිව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කර ඇති අභියාචන පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය මෙම මස 21 දින ප්‍රකාශයට පත් කරන බව සිවිල් අභියාචන මහාධිකරණය අද (07) දැනුම් දුන්නේය. 07 July 2020
රුසියානු කතට හිරිහැර කළ සැකකරුවන් රිමාන්ඩ් ගාලු මුවදොර පිටියේ දී රුසියානු ජාතික කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් කර අතවරයක් සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (7) නියෝග කළේය. 07 July 2020
පොලිස් ඉතිහාසයේ මීට පෙර මෙවැනි කළු පැල්ලමක් නෑ පොලිසියට ශක්තිමත් පාලනයක් අවශ්‍යයි. එම පාලකයාගේ අණ හරියට ක්‍රියාත්මක විය යුතුයි. ඒ සඳහා පොලිසියේ පාලකයා නායකයකු විදියට සිටිය යුතුයි. නායකයාට පහළින් සිටින්නන් කනිෂ්ඨ පොලිස් කණ්ඩායම් පාලනය කරන්නේ නම් පොලිසියේ පාලකයා එම තනතුරට සුදුසු නැතැයි පොලිසියේ ඉහළ නිලධාරීන්ට දේශනයක් පවත්වමින් නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ඉකුත්දා (03) පැවසීය. 07 July 2020
යහපාලන ආණ්ඩුව බුද්ධි අංශය නොසලකා හැරියා යහපාලන ආණ්ඩුවේ සිටි පාලකයන් රටේ ජාතික ආරක්ෂාවට ඉතාමත් වැදගත් බුද්ධි අංශයන්ගේ ක්‍රියාවලියේ ඇති වැදගත්කම නොසළකා කටයුතු කළ බව පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් යුද හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ විශේෂ සාක්ෂිකරුවෙක් අද (07) ප්‍රකාශ කළේය. 07 July 2020
චිත්‍රපට සංස්ථාවේ වෙනම අංශයක් පිහිටුවා තනතුරු බෙදලා අනුමත උසස් කිරීමේ පටිපාටියෙන් බැහැරව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වෙනම අංශයක් පිහිටුවා තනතුරු ස්ථාපිත කළැයි චෝදනා කරමින් චිත්‍රපට සංස්ථා සේවක සංගමය බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්ධුල හරිස්චන්ද්‍ර මහතාට අද (7) පැමිණිල්ලක් කර ඇත. 07 July 2020
අසම්පූර්ණ විමර්ශන ගොනු 38 ක් නීතීපති ආපසු හරවා යවයි පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන හා තරු හෝටල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ සැකකරුවන්ට එරෙහිව ගතයුතු නීතීමය පියවර පිළිබඳව උපදෙස් ඉල්ලා රහස් පොලිසිය ඇතුළු විවිධ පොලිස්ථාන වලින් නීතීපතිවරයාට එවා තිබු තවත් අසම්පුර්ණ විමර්ශන ගොනු 38 ක් නීතීපතිවරයා විසින් ආපසු හරවා වැඩබලන පොලිස්පතිවරයාට අද (07) යවන ලදී. 07 July 2020
රට නැංවීමට නිපුණයන් අවශ්‍ය ඇයි? 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය ප්‍රකාශයට පත්ව තිබේ. ශ්‍රී ලංකාව අතිශය සංකීර්ණ පසුබිමක පසුවන අවස්ථාවක පැවැත්වෙන මෙම මහ මැතිවරණයේ ප්‍රතිඵලය ඉතා තීරණාත්මකය. 07 July 2020
බඹරු ඇනීමෙන් වතුකම්කරුවෝ 35 ක් රෝහලේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ඇනීමෙන් තුවාල ලැබු වතු කම්කරුවන් 35 දෙනෙකු අද (7) ආගරපතන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව ආගරපතන පොලිසිය පවසයි. 07 July 2020
රිය අනතුරට ලක්වූ අයකු පාරේ දමා යාම සාධාරණද? ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා පැද වූ සුඛෝපභෝගී මෝටර් රථයේ පානදුර උතුර, ගාලු පාර, හෝරේතුඩුව 13 කණුව ප්‍රදේශයේදී පාපැදිකරුවකු ගැටී මිය යාමේ සිද්ධියට අත්අඩංගුවට ගනු ලැබූ කුසල් මෙන්ඩිස් මහතා ඊයේ ඇප පිට මුදාහරිනු ලැබීය. අනතුරට පත් වෘත්තියෙන් බස් කොන්දොස්තරවරයකු වන නෙවිල් පීරිස් මහතා බරපතළ තුවාල ලබා වැටී සිටියදී කුසල් මෙන්ඩිස් මහතා සිය රිය නොනවත්වා ධාවනය කර පලාගොස් පැයකට පමණ පසුව පොලීසියට බාර වූ බවද අප ප්‍රවෘත්තියේ සඳහන්ය. 07 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026