(සුජිත් හේවාජුලිගේ සහ ලුණුගල ප්‍රසන්න පද්මසිරි)
රුපියල් 50,000ක අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඌව පළාත් සභා මගී ප්‍රවාහන සේවා අධිකාරියේ වැඩ බලන ධාවන කළමනාකරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් කණ්ඩායමක් විසින් බදුල්ලේ දී ඊයේ(3)සවස අත්අඩංගුවට ගනු ලැබීය.
නුවරඑළියේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු සිසුසැරිය ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා සිය කාර්යාලයේදී ප්‍රදේශයේ කන්තාවකගෙන් මෙම අල්ලස ඉල්ලා එය ලබා ගත් අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගන්නා ලදැයි අල්ලස් කොමිසම පවසයි.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් කොමිසමේ නිලධාරීන් දින කිහිපයක් තිස්සේ කරන ලද විමර්ශනවලින් පසුව ය.
සැකකරු අධිකරණයට අද(4)ඉදිරිපත් කිරීමට නියමිතය.
අල්ලස් හෝ දූෂණ චෝදනා දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මියගේ උපදෙස් මත එහි නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර වැඩිදුර පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd