මීගමු බන්ධනාගාරයේ ගලියක තිබූ දුරකථන 12 ක් සොයාගනී මීගමුව බන්ධනාගාරයේ ජේලර් නේවාසිකාගාරයේ පිටුපස මළ අපද්‍රව්‍ය ගලියක සඟවා ඉටිකවරයකු බහා තිබී ජංගම දුරකථන 12 ක් බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (10) දහවල් අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 10 July 2020
සහරාන් සමග පැය දෙකහමාරක් කතාකර රහසිගතව පටිගත කළා මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් සකස් කළ නිබන්ධනයක් මගින් සහරාන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියා ගැන දැනගෙන සිටි බැවින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ලවීමට ආසන්න කාලයේ සහරාන් හා මුස්ලිම් අන්තවාදී ක්‍රියා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ බව යුද හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ විශේෂ සාක්ෂිකරුවෙක් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (9) ප්‍රකාශ කළේය. 10 July 2020
මුන්දලම රෝහලේ කාර්ය මණ්ඩලයට රෝහලෙන් පිටවීම තාවකාලිකව නවතයි මුන්දලම දිසා රෝහලේ කාර්ය මණ්ඩලයට රෝහලෙන් පිටවීම අද (10) දහවල් වනතුරු තාවකාලිකව නතර කළ බව එම රෝහලේ දිස්ත්රිෙක් වෛද්‍යය නිලධාරී මහාලිංගම් පාස්කරන් මහතා පැවසීය. 10 July 2020
අනතුරට ලක්වන ධීවරයන්ට රුපියල් 50,000 ක වන්දියක් ධීවර කටයුතු වල නිරතවී සිටින විට සිදුවන අනතුරු සඳහා ධීවරයන්ට රුපියල් 50,000 ක වන්දියක් ගෙවීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ. 10 July 2020
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරි කළ 98 ක් නිරෝධායනයට වැලිකන්ද කන්දකාඩුව පිහිටි මත්ද්‍රව්‍යට අබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ රාජකාරී කළ යුද හමුදා කාර්ය මණ්ඩලයේ 68ක් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 30 ක් නිරෝධායනය සඳහා අද (10) යොමු කළ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ,වෛද්‍ය සරත් ජයසිංහ මහතා පැවසීය. 10 July 2020
විදුලි සැර වැදුණු සිරුරු දෙකක් ගඟට ඇද දාලා පැල්මඩුල්ල දෙනවක ගගේ තිබී සොයාගත් පුද්ගලයින් දෙදෙනාගේ මරණවලට හේතුව විදුලි සැර වැදිම බව අනාවරණය විමෙන් පසු විදුලිසැර යෙදු බවට සැකකරන පුද්ගලයකු අද (10) අත්අඩංගුවට ගත් බව පැල්මඩුල්ල පොලිසිය පවසයි. 10 July 2020
වැල්ලවායේ අනතුරකින් කතක් ඇතුළු තුනක් මරුට වැල්ලවාය බුත්තල මාර්ගයේ වරුණගම ප්‍රදේශයේ දී ලොරි රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවක ඇතුළු තිදෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයකු තුවාල ලැබූ බව වැල්ලවාය පොලිසිය පවසයි. 10 July 2020
බොලීවියානු ජනාධිපතිනියටත් කොරෝනා බොලීවියානු අන්තර්වාර ජනාධිපතිනි ජෙනින් ආසෙස් හට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ. 10 July 2020
මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ රස පරීක්ෂක කාමරයේ තිබූ හෙරොයින් රජයේ රස පරීක්ෂකට කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ රස පරීක්ෂක කාමරයේ තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රජයේ රස පරීක්ෂක වෙත බාර දී තිබේ. 10 July 2020
නාත්තන්ඩියේ 42 ක් ස්වයං නිරෝධායනයට හලාවත නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තරුණියකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමෙන් පසුව ප්‍රදේශයේ තවත් ග්‍රාම සේවා කොට්ඨාස 4ට අයත් 42 දෙනෙකු ස්වයං නිරෝධායනය කළ බව නාත්තන්ඩිය කොට්ඨාස සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී උපුල් ජයතිලක මහතා පවසයි. 10 July 2020
පාතාල නායක කොස්ගොඩ තාරකගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ මත්කුඩු ජාවාරමේ ප්‍රධාන ගෝලයකු මුල්ලේරියාව අංගොඩ ප්‍රදේශයේ දී ආදුරුප්පු වීදිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 10 July 2020
ආණ්ඩුවේ උත්සව මුවාවෙන් ඡන්ද වැඩ කරන්න එපා රජය විසින් හෝ රජයේ අනුග්‍රහයෙන් හෝ සැණකෙළි සංදර්ශන, ප්‍රදර්ශන හා ක්‍රීඩා තරග පවත්වන්නේ නම් එවා හිදී මැතිවරණ අපෙක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම හෝ ඔවුන්ට ප්‍රචාරය ලබාදීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලට දැනුම් දී ඇතැයි සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 10 July 2020
රිෂාඩ්ගෙන් පැය 10 ක් ප්‍රශ්න කරයි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ඊයේ (9) පැය 10 කට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 10 July 2020
කන්දකාඩුවෙන් තවත් ආසාදිතයින් 196ක් කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා වයිරසය ආසාදිතයින් 196 ක් අද (10) දිනයේ හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 10 July 2020
කොරෝනා ආසාදිත රැඳවියා සමඟ සිටි අයෙක් වැලිසරට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී කෝවිඩ් 19 ආසාදිත රෝගියා සමඟ බන්ධනාගාර වාට්ටුවේ එකට සිට පසුගිය 06 වැනිදා නිදහස්ව ගිය 24 හැවිරිදි පුද්ගලයෙක් අද (09) රාත්‍රී වැලිසර නාවික හමුදා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්බව කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය. 09 July 2020
ටෝකියෝ නගරයෙන් පැය 24 තුළ කොරෝනා රෝගීන් 224 ක් ජපානයේ ටෝකියෝ නගරයෙන් පසුගිය පැය 24 තුළ කොරෝනා රෝගීන් 224 ක් වාර්තා වී තිබේ. 09 July 2020
නාකොටික් නිලධාරීන්ට අයත් තවත් වාහන කිහිපයක් සොයාගනී හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා යටතේ දැනට රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයාගේ නෑදැයෙකුට හා පොලිස් සැරයන්වරයකුට අයත්බව කියන ලොරි රථ හතරක් , වෑන් රථ දෙකක් සහ මෝටර් රථයක් අද (09) අත්අඩංගුවට ගෙන තිබේ. 09 July 2020
තිත් මුවෙකු මැරූ පුද්ගලයෙකුට මාස 03 ක සිර දඬුවමක් ත්‍රිකෝණමඩුව ස්වභාව රක්ෂිතයට නීති විරෝධීව ඇතුළු වී තිත් මුවෙකු මරා මස් කිලෝ 03 ක් සන්තකයේ තබාගෙන සිටිය දී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකරුවෙකු චෝදනාවලට වරද පිළිගනු ලැබීමෙන් පසු පොලොන්නරුව මහේස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා බරපතල වැඩ සහිත මාස 03 ක සිර දඬුවමක් සහ රුපියල් 70,000 ක දඩ මුදලක් අද (09) නියම කළේය. 09 July 2020
කටාරයේ වෙසෙන ලාංකිකයන් 300 ක් උද්ඝෝෂණයක තමන්ට හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට යෑමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකසන්නැයි ඉල්ලා කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 300 කට ආසන්න පිරිසක් එරට දෝහා අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට අද (09) උද්ඝෝෂණයක් පවත්වා ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි. 09 July 2020
ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කරයි ‘කොවිඩ්-19’ වසංගතයෙන් බලපෑමට පත්වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට අඩු පොලියට ණය ලබාදීමට සහාය වීමේ අරමුණින් බැංකු පොලී අනුපාතික නැවත අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. මේ අනුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති අතර මේ වසරේ පස්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දෙමින් එම බැංකුව අද (9) ඒ බව දැනුම් දුන්නේය. 09 July 2020
තහවුරු කළ බුද්ධි තොරතුරුත් නොසලකා හැරියා යහපාලන ආණ්ඩුව යටතේ පත්කළ හිටපු ආරක්ෂක ලේකම්වරුන් දෙදෙනෙකු විසින් තහවුරු කරගත් බුද්ධි තොරතුරු ලබා ගැනීමට කටයුතු නොකළ බව යුද හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ විශේෂ සාක්ෂිකරුවකු පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අද (09) ප්‍රකාශ කළේය. 09 July 2020
වීසා නොමැතිව රැඳී සිටි විදේශිකයෙකු ගාල්ලේදී අත්අඩංගුවට වීසා නොමැතිව, නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි විදේශිකයෙකු ගාල්ල බස් නැවතුම්පොළ පොලිස් මුරපොළේ නිලධාරීන් එක්ව අද(09) සවස ඔහු අත්අඩංගුවට ගෙන ගාල්ල පොලිසියට බාර දී තිබේ. 09 July 2020
කොරෝනාවෙන් මැදපෙරදිග සිටි තවත් ශ්‍රී ලාංකිකයෝ 12ක් මිය යති ගෙවී ගිය සති තුනක කාලය තුළදී කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මැදපෙරදිග රටවල සේවය කළ තවත් ලාංකික ශ්‍රමිකයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී. 09 July 2020
පෞද්ගලික බස්රථ හිමියෝ දෛනික දීමනාවක් ඉල්ලති ගමන් ගන්නා මගීන් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් බරපතල අර්බුදයකට මුහුණ පා සිටින පෞද්ගලික බස්රථ හිමියන්ට දින 45ක කාලයක් වෙනුවෙන් ධාවනය කෙරෙන කිලෝමීටරයකට රුපියල් 10 බැගින් දෛනික දීමනාවක් ලබාදෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. 09 July 2020
ජනපති උපදෙසින් තලවතුගොඩට ක්‍රීඩාංගනයක් තලවතුගොඩ, කිඹුලාවල වෙල්යායේ පිහිටි කමත ප්‍රදේශයේ ක්රිඩාංගනයක් ඉදිකිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට ලබාදුන් උපදෙස් මත එම ඉදිකිරීම් කටයුතු අද (9) ආරම්භ කරනු ලැබීය. 09 July 2020
මැතිවරණ පැමිණිලි 2,366ක් පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මේවනවිට සමස්ත පැමිණිලි 2366ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 09 July 2020
වසරේ දෙවැනි භාගයේ දී ආර්ථිකය වර්ධනය වන බව මහබැංකුව කියයි මේ වසරේ දෙවැනි භාගයේදී මෙරට ආර්ථිකය නැවත වර්ධනයක් අත්පත් කරගනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා අද (9) පැවැසීය. 09 July 2020
සුර්ය බලශක්තියෙන් විදුලිය මිලදී ගැනීමට ඩීසල් මාෆියාවෙන් බාධා පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ රජයේ ඉලක්කයන්ට ලඟා වන්නට නම් මෙගා වොට් 200 ක සූර්ය බලශක්ති පැනල නිවාස වහල මත ඉදිකළ යුතුව ඇතත් එම ව්‍යාපෘතිය ඉතාමත් මන්දගාමී ලෙස ක්‍රියාත්මක වන්නේ යැයි සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් ලක්මල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. 09 July 2020
කොරෝනා ආසාදිතයින් 57 ක් හමුවෙයි කන්දකාඩු හි පිහිටි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිත 56 දෙනකු පිළිබඳව අද (09) තහවුරු කරගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි . 09 July 2020
හෝර්ටතැන්නට ගිනි දල්වන උපකරණ ගෙන ගිය අයකුට දඩ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළට හොර රහසේ ගිනි දැල්විය හැකි උපකරණ රැගෙන යාමේ චෝදනාවට වරද පිළිගත්නා ලද පුද්ගලයකු හට රුපියල් 25,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (9) නියෝග කළේය. 09 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026