
(ඩී.ජී.සුගතපාල)
කොරෝනා රෝගින් සඳහා වෙන්කර ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ රෝහල් සියල්ලම පිරි ගොස් ඇති නිසා අක්මිමණ කුරුඳුවත්තේ පිහිටි රුහුණු විද්‍යා පිඨයේ සහ බුස්ස නාවික හමුදා කඳවුරේ ඇඳන් පන් සියකින් යුත් ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් පිහිටුවිමට තීරණය කල බව කොඩිඩ් 19 මර්ධනය කිරිමේ දකුණු පළාත් මෙහෙයුම් මධ්‍යස්ථානයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්ධන කමිටු රැස්විමේදි මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව කුරුඳුවත්ත අධ්‍යාපන විද්‍යා පීඨයේ දැනට හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන නිරෝධයන මධ්‍යස්ථානයේ ඇඳන් 350කින් යුත් ප්‍රතිකාර මධ්‍යස්ථානයක්ද බූස්ස නාවික හමුදා කඳවුරේ ඇඳන් 150කින් යුත් ප්‍රතිකාර මධ්‍යස්ථානයක්ද පිහිටුවනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඛෙහෙත් නැතිව, වෙන්ටිලේටර් නැතිව... ඇදන් කන්නද?