
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
කොරෝනා ව්‍යාප්තිය පැත්තෙන් ශ්‍රීලංකාව ඉන්දියාවේ තත්වයට කිට්ටු වෙමින් තිබෙන බවත් කුරුණෑගල අපේ පැත්තේ කොරෝනා රෝගීන් බොහෝ දෙනෙකු සිටින්නේ ගෙවල්වල බවත් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී අද (4 )පැවසීය.
වෛද්‍ය උපදෙස් අනුව රජය නිසි පරිදි කටයුතු නොකළහොත් රට අවාසනාවන්ත තත්වයට පත්වීම වැළැක්විය නොහැකි යැයි කී මන්ත්‍රීවරයා කොරෝනාවට මුවාවී රජය දේශපාලනය නොකළ යුතු යැයි ද ප්‍රකාශ කළේය.
අලවතුවල මහතා මෙසේ පැවසුවේ කොරෝනා අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.
අප කොවිඩ්වලට මුවා වී දේශපාලන වාසි නොගන්නා බවත් විපක්ෂනායකවරයා දැනටමත් එන්නත් ලබා ගැනීමට රජයට සහය දක්වා ඇති බවත් අලවතුවල මහතා කීවේය.
රජය කොරෝනා පාලනයට මෙයට වඩා කැපවිය යුතු යැයි ද එවැන්නක් දැනට පෙනෙන්නේ නැතැයි ද ඔහු කීය.
රටේ කොරෝනා ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය නිලධාරීන් අද අසරණව සිටින බවද එම නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම වැදගත් බවද බවද මන්ත්‍රීවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ "සෑම වාචාල කටකින්ම කියවෙන එක් කරුණක් ඇත එය නම් දියවන්නාව පට්ටියේ සිටිනා "මිහරකුන් 225 ම" බලන්නේ කොවිඩ් වයිරසය මගින් එකිනෙකාට තම "කුර" දිගු කරගනිමින් අසමත්වූ විභාගයෙන් සමත්වීමට ලකුණු එකතුකර ගැනුමට තැටමීම හැර අහිංසක මහජනතාව වැටි තිබෙන භයානක තත්වයට විසදුම් සෙවීම නොවන බව ඉතාම පැහැදිලිය. එබැවින් අප මෙසේ කීමට කැමැත්තෙමු. තොපේ තිබෙන අසමගිකම්, වලත්තකම්, වාචාලකම්,කුපාඩිකම්,බලපොරය පසෙකලා අඩු වශයෙන් මේ අවස්තාවෙදිවත් මහජනතාව වෙනුවෙන් කල හැකි දෙයක් කරපන් යන්න පමණි.